IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බමන මතින් ඇඳුම් මාරු වී අතින් පාඩුවෙලා

හේවාහැට-එම්. දසනායක 


තරු පන්තියේ හෝටලයක පැවති මංගල උත්සවයක මනාලයා ඇතුළු පරිවාර පිරිස උඩරට මුල් ඇඳුමින් හැඬ ගන්වා තුටු පඬුරක් ලෙස මනාල පාර්ශ්වයෙන් ලැබුණු මත්පැන් පානය කර උත්සවය අවසානයේ ලක්ෂ තුනහමාරකට අධික වටිනාකමින් යුත් තම ඇඳුම් ආයිත්තම් අහිමි කරගත් රූපලාවණ්‍ය ශිල්පියකු පිළිබඳව පුවතක් උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධියට මුහුණ දුන් මෙම ශිල්පියා දීර්ඝ කාලයක සිට පාරම්පරික උඩරට මුල් ඇඳුමින් මනාලයන් හැඩ ගැන්වීම සිදුකරන අයෙකි. මංගල උත්සව පැවැත්වෙන නැකත් කාල සීමාවලදී ඔහුට ලැබෙන ඇනවුම්වල අඩුවක් නොවුණත් මත්පැනට ඇති ඔහුගේ ලොල් බව අඩුවක් නොවුණි. 
එදිනද ඔහුට අධික කාර්යබහුල දිනයක් විය. තමන් ඇඳුම් ආයිත්තම් සපයන මංගල උත්සවයේ මනාලයා දෙවැනි මනාලයා ඇතුළු පිරිස උඩරට මුල් ඇඳුමින් හැඩ ගන්වා උදෑසන තම කටයුතු අවසන් කර නැවත සවස් භාගයේ මනාලයා ඇතුළු පිරිසගේ ඇඳුම් පැළඳුම් ගලවා ඉවත් කරන තුරු උත්සව ශාලාවේ රථ ගාලට පිටත්ව ගොස් ඇත. පිටත්ව යන රූපලාවණය ශිල්පියාට මනාල පාර්ශ්වයෙන් තෑගි ලැබුණු ඉස්තරම් වර්ගයේ මත්පැන් බෝතලයද රැගෙන තමන් පැමිණි වාහනය වෙත ගොස් සෙමෙන් සෙමෙන් එය පානය කර ඇත.


මංගල උත්සවය පැවැති හෝටලයේ මහල් කිහිපයකම එදින තවත් මංගල උත්සව කිහිපයක්ම පැවැත්වීම නිසා විශාල වාහන ප්‍රමාණයක්ද රථගාලේ නවතා තබා ඇත.
තමන්ට නොමිලේ තෑගි ලැබුණු මත්පැන් බෝතලයෙන් පදමට සූර්වූ ඔහු උත්සවය අවසන් වන සවස් යාමයේ බමන මතින්ම මනාලයා ඇතුළු පිරිසගේ ඇඳුම් පැළඳුම් ගලවා ඉවත් කර තම ගමන් මල්ලේ අසුරා තමන් පැමිණි වාහනය යැයි සිතා හෝටලයේ රථගාලේ  නවතා තිබූ වෙනත් මංගල උත්සවයකට පැමිණි වෑන් රථයකට තම ගමන් මල්ල දමා නැවතත් හෝටලයට ගොස් උත්සවය අවසානයේ යුවළ පිටත්වූ පසු  මනාල පාර්ශවයේ ඥතී පිරිස සමග නැවතත් පැමිණ වාහනයට ගොඩවී ඇඳුම් පැළඳුම් දමා තිබූ ගමන් මල්ල පිළිබඳව විපරම් කිරීමේදී එය නොමැති බව දැක තිබේ.
කෙසේ නමුත් එදින එම හෝටලයේ මංගල උත්සව කිහිපයක් පැවැත්වීම හේතුවෙන්  රථගාලේ විශාල වාහන ප්‍රමාණයක් ගාල්කර තැබීම නිසාත් බමන මතින් තම ගමන් මල්ල තැබූ වාහනය පිළිබඳව මතකයක් ඔහුට  නොමැතිවීමෙන් හිස් අතින් ඔහුට නිවසට පැමිණීමට සිදුව ඇත.
මංගල උත්සවය සඳහා වෙනත් අයගෙන් කුලී පදනම මත ලබාගත් ඇඳුම් පැළඳුම් නැවත හිමිකරුවන්ට ලබා දීමට නොහැකි නිසා ඔහු මේ දිනවල තම නැතිවූ ගමන් මල්ල සොයමින් රටපුරා ඇවිදින බවද දැනගන්නට ඇත.



අදහස් (0)

බමන මතින් ඇඳුම් මාරු වී අතින් පාඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site