IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘හලෝ’ රිං වී රිළවා අැන්දවිලා

පොසොන් පොහොයදා රජරට කලාඔය ප්‍රදේශයේ දහවල් පැවැති ආහාර දන්සලක මුළුතැන්ගෙට කඩවැදුණු රිළවකු එහි වැඩ කරමින් සිටි කාන්තාවකට අයත් මුදල්, ජංගම දුරකතනයක් ඇතුළු වටිනා කියන දෑ අඩංගු අත් බෑගයක් රැගෙන ඒ ආසන්නයේ රූස්ස ගසක් මුදුනට පලාගොස් සිටියදී එය ආපසු ලබා ගැනීම සඳහා රිළවා රැගෙන ගිය බෑගය තුළ තිබූ ජංගම දුරකතනයට ඇමතුමක් ගැනීමට සිදුවූ පුවතක් වාර්තා විය.
වාර්ෂිකව පොසොන් පොහෝදාට පැවැත්වෙන මෙම ආහාර දන්සල සඳහා ප්‍රදේශයේ විශාල පිරිසකගේ දායකත්වය ලැබෙන අතර ඒ අනුව එහි මුළුතැන්ගේ වැඩකටයුතු සඳහා පැමිණ සිටි වැඩිහිටි කාන්තාවකට අයත් අත් බෑගය අසල තැනක රඳවා තිබියදී මෙසේ රිළවා රැගෙන පලාගොස් ඇත.

එම බෑගය තුළ ජංගම දුරකතනයක්, රුපියල් දහසකට අධික මුදල්, බැංකු ගිණුම් පොත්, නිවසේ යතුර, ඖෂධ, ජාතික හැඳුනුම්පතක් ඇතුළු වටිනා කියන දෑ බොහොමයක් තිබී ඇත.
මෙහිදී ක්‍රියාත්මක වූ එහි සිටි කිහිපදෙනෙකු දන්සලේ වැඩ කටයුතුවලටද බාධාවක් නොවන පරිද්දෙන් වැඩේ ගොඩින් බේරා ගැනීම සඳහා උපක්‍රමශීලීව රිළවා සමග සුහද සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වී ඇත. ඒ කිසිවක් ගණන් නොගත් රිළවා තමා සතුකර ගත් බෑගය විවෘත කිරීමට උත්සාහ දරමින් සිටින අයුරු පිරිසට දැක ගැනීමට මෙහිදී හැකි විය.
මෙම දන්සලට යාබද රූස්ස ගස් මෙන්ම ජලාශයක්ද පිහිටා තිබීම නිසා බෑගයේ අවදානම පිළිබඳව මෙහෙයුමට සම්බන්ධ පිරිසේ අවධානයද වැඩි වී තිබුණි.
මේ අතර රිළවා රැගෙන ගිය බෑගය තුළ තමාගේ ජංගම දුරකතනයද ඇති බව එහි හිමිකාරිය වූ අදාළ කාන්තාව පවසා ඇත්තේ මේ අවස්ථාවේදීය.
පසුව ඒ අනුව ක්‍රියාත්මක වූ එහි සිටි අයකු අදාළ බෑගයේ හිමිකාරියගෙන් ඇගේ ජංගම දුරකතන අංකය අසා ඊට ඇමතුමක් ගෙන ඇත. එහිදී රිළවා යම් කලබලකාරී තත්වයක් පෙන්නුම්කර ඇතත් ඊට ප්‍රතිචාර ලෙස බෑගය අතඅරිනවා වෙනුවට ඒ වනවිටත් විවෘත කරමින් සිටි බෑගය තුළ ශබ්ද නගන දුරකතනය පමණක් බෑගයෙන් පිටතට රැගෙන බිමට දමා ඇත.
පසුව තවත් පැය බාගයක පමණ කාලයක් බෑගයත් රැගෙන ඒ ආසන්නයේ ගහෙන් ගහට පැන පැන සිටි රිළවා එම අතරතුර කාලය ඇතුළත බෑගය තුළ තිබූ බව කියන රුපියල් විස්සේ මුදල් නෝට්ටුවක් හැර බෑගය ඇතුළු එහි තිබූ අනෙකුත් සියලු‍ දෑ එකින් එක බිමට දමා ඇත.

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි

 



අදහස් (0)

‘හලෝ’ රිං වී රිළවා අැන්දවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site