IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාල කඩන්න ඇවිත් බඩගාගෙන යන්න වෙලා

කාන්තාවන්ගේ ගෙල බැඳි රත්තරන් මාල කඩාගෙන පලා යන තරුණ හොරෙකුට කාන්තාවක විසින් මතක හිටින පාඩමක් ඉගැන්වූ පුවතක් අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වේ.
පාඩම කියාදුන් කාන්තාව පදිංචි වී සිටින්නේ අලව්ව ප්‍රදේශයේ ඈත පිටිසර දුෂ්කර ගම්මානයකය. ආර්ථික ගැටලුවලින් මිරිකෙමින් ජීවිතය ගැටගසා ගන්නා ඇය පන්නල ප්‍රදේශයේ ඇඟලු‍ම්හලක රැකියාවක නියුක්තව සිටියාය. වීර්යවන්ත දක්ෂ හැඩි දැඩි පෙනුමකින් යුත් ඇයට පාසල් යන දරුවෝ දෙදෙනෙක් ද සිටිති.
උදෑසන අවදි වී ආහාර පාන සකස් කර දරුවන් පාසල් යාමට සූදානම් කර ඇය ද කිලෝ මීටර තුනක් පමණ දුර බස් පාරට පා පැදියෙන් පැමිණ හන්දියේ වෙළඳසලක් අසල නවතා ඇඟලුම් සේවිකා ප්‍රවාහන බස් රථයකින් තම සේවා ස්ථානයට යන්නේ වසර තුනක් තිස්සේය.


පසුගිය දිනක සුපුරුදු පරිදි උදෑසන 6.00 ට පමණ පාපැදියෙන් රැකියාවට යමින් සිටියදී යතුරුපැදියකින් තරුණයකු ඇය පිටුපසින් පැමිණෙන බව දැක ඇතත් ඇය ඒ පිළිබඳව ගණන් ගෙන නැහැ. මෙලෙස කිලෝ මීටර දෙකක් පමණ පිටුපසින් පැමිණ මාර්ගයේ අහීමාන ප්‍රදේශයක දී වේගයෙන් යතුරුපැදිය පදවා ඇය ඉදිරිපිට නවතා ඇයගෙ ගෙල බැඳි රත්රන් මාලය කඩා ගන්නවාත් සමගම මේ කාන්තාව තරුණයාගේ රහස් පෙදෙසට පහරක් එල්ල කරන්නට විය. තරුණයා කෑමොර දෙමින් රත්රන් මාලයද බිම දමා බඩගාගෙන යතුරුපැදියේ නැගී පලා ගොස් ඇත.

අලව්ව සිසිර අබේකෝන්



අදහස් (0)

මාල කඩන්න ඇවිත් බඩගාගෙන යන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site