IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


“පතුරම්’’ බීඩියට බය වී කඩෙත් වසා ගිහින්

මොරගොල්ලාගම සිසිර කැලේගම.


බිරියගේ අතට හිතවතකු ගෙන දුන් පතුරම් පාර්සලයක් පොලීසියට අසු නොවන්නට බිරිය කඩේ වසා දමා සැමියාට ආරක්ෂාව ‘සපයන්නට‘ ඇය එතැනින් නික්ම ගිය පුවතක් බඩගමුව අවට ගමකින් අසන්නට ලැබුණි.
බඩගමුව රක්ෂිතය අවට කඩ කාමර පෙළකි. දිවා කාලයට වඩා රාත්‍රි කාලයේ මෙහි වෙළඳාම්වල නියැලෙන පිරිස් වැඩිය.
මෙහි වෙළඳාම් කරන මුවාවෙන් සිදුවෙන ජාවාරම්ද එමටය.
එය ප්‍රසිද්ධ රහසකි. මේ නිසා එය කණවැකුණු පොලිස් අංශ පැමිණ කඩ කාමර පරීක්ෂා කිරීම් කරන අවස්ථාද තිබේ.
මේ තත්ත්වය හමුවේ වැරදි කරන අය මෙන්ම වැරදි නොකරන යාබද කඩ කාමරවල අය පසුවන්නේද දෙගිඩියාවෙනි.
නානා පිරිස් පැමිණෙති. වැලි ටිපර් රථ ඇතුළු දුර ගමන් යන වාහන මෙහි නතර වුණි. මෙහි විඩා හරිමින් බඩ ඉරිඟු කරලක හා රොටියක රස පහස ලබන්නේ ඔවුන් ඒ අතරවාරයේය.
සෙනඟ තදබදය අතරේ කඩ කාමරයක තනිවම සේවය කිරීම බිරියකට අසීරු කරුණකි. එය එසේ වුවත් දිරිය බිරියක එහි රාත්‍රි තනිවම සේවය කළාය. ආදායම හොඳ වුවත් සැමියාගෙන් කිසිදු සහනයක් නැත.ඒ ඔහු පදම ඉක්මවා සිටින බැවිනි.
ඒ අතරේ සැමියා සොයා හිතවතෙක් කඩේට ගොඩ වැදුණේය.
“අක්කේ අයියා පතුරම් වගයක් ගේන්න කිව්වා. මේක දෙන්න.” ඔහු ගෙනා පාර්සලය ඇයට දුන්නාය. ඔහු එතැනින් නික්ම ගියේය.
ඒ සැණින් පොලිස් ජීප් රථයක් පාරේ නැවතුණි.


ගෙනා පතුරම් අල්ලන්න පොලීසිය ආව බවට සැකය උපදවාගෙන ඇය විදුලි පහන් නිව්වාය. කඩේ වසන බව කීවාය. ආදායමක් උපයන්නට අවස්ථාව ඇතත් ඇතුළත සිටි පිරිස පවා පිටතට දමා ඇය එතැනින් නික්ම සැමියා සොයා ගියාය.
“තමුසේ අරකට මොකටද, පතුරම් ගේන්න කිව්වේ. ගෙනැත් දෙන කොටම පොලිසියත් එතැනට ආවා. මෝඩ වැඩ කරන්න එපා. මගේ ඥානාන්විතභාවය හමුවේ තමුසේ අද බේරුණා කියලා හිතනවා.” ඇය පුරසාරම් දෙඩුවාය.
“බය වෙන්න එපා. අපි හොර ජඩ වැඩ කරන්නේ නැහැනේ. පොලිසිය නෙමෙයි කවුරු හිටියත් ඔයා කඩේ අරින්න. ඒවා පතුරම් නෙමෙයි. ඔයා යන්න.” ඔහු කීවේය.
ඒ අනුව ආපසු කඩේට ගිය ඇය එය විවෘත කොට ගෙනා පතුරම් පාර්සලය ලෙහා බැලීමේදී දැක ගන්නට ලැබුණේ ප්‍රදේශයේ බොහොමයක් “පතුරම්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ බීඩී වර්ගයක්ලු‍. 



අදහස් (0)

“පතුරම්’’ බීඩියට බය වී කඩෙත් වසා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site