IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මාමණ්ඩියගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා මායියාට අහුවෙලා

මාමණ්ඩියගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා මායියාට මාට්ටු වී මාර අමාරුවක වැටුණු හාදයකු පිළිබඳ කතාවක් දකුණේ කොණේ ගම්මානයකින් අසන්නට ලැබේ.
මාමණ්ඩිය සිය අවසන් හුස්ම පොද හැලු‍වේ ඔහුගේ නිවසේය. දුවකට සිටියේ ඔහුගේ මායියා පමණි. බෑණනුවන් කෙනෙකුට ද සිටියේ ඔහු පමණි. පුතුන් දෙදෙනාම පිට රටය. මේ නිසා මාමණ්ඩියගේ අවසන් කටයුතු පැටවුණේ ඔහුගේ දෙවුර මතය. එහි වියහියදම් මායියාගෙන් සහ මස්සිනාලා දෙදෙනා ගෙන්ය.
මිනී පෙට්ටියේ සිට කනබොන දෑ ඇතුළු සියලු‍දේම නිවසට රැගෙන ආවේ ඔහුය. මිනී පෙට්ටිය හැර සියලු‍ම වියහියදම් සිදු කෙරුණේ බිල්පත් අනුවය. පිළිවෙළකටය. ඒ සැමියාගේ තරම දෙමස්සිනාලා නොදැනගෙන සිටියත් මායියා දැන සිටි හෙයිනි.
මාමණ්ඩියගේ අවසන් කටයුතු අවසන් විය. සතියකින් පමණ පසු ඔහුගේ ජංගම දුරකතනයට මාමණ්ඩියගේ මිනී පෙට්ටිය මිලදී ගත් මල් ශාලා හිමිකරුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙන්නේය. ඒ ඔහු එහේට මෙහේට ගිය අවස්ථාවකය. එයට සම්බන්ධ වූවේ ඔහුගේ භාර්යාවය. මම මේ මල් ශාලාවෙන් කතා කරන්නේ ආ ඔව් ඔව් මහත්තයා ගෙදර එක්කෙනා නම් දැන් කොහාට ද ගිහිල්ලා. ඔය කතා කරන්නේ අර මිනී පෙට්ටියේ හිඟ මුදල ගැන වෙන්න ඇතිනේ යයි ඔහුගේ භාර්යාව මල් ශාලා හිමියාගෙන් ඇසුවාය. ඔව් නෝනා නෝනලා ළඟ දැන් මුදල් තියේනම් ඒ බැලැන්ස් එක ගෙවලා දෙන්න කියලයි කතා කළේ ‍යැයි මල්ශාලා හිමිකරු කීවේය.


ප්‍රශ්නයක් නැහැ මහත්තයා අපි ඒක ගෙවන්නම්. ඒ වෙලාවේ ඔබතුමා අපිට කළේ ලොකු උදව්වක්නේ. ඒ වෙලාවේ අපි ළඟ එකවර ගෙවන්න මුදල් තිබුණේ නැහැනේ. ඒ නිසා වෙලාවේ හැටියට ඔබතුමා අපිට කළේ අමතක කරන්න බැරි උදව්වක්. ඉතිරි මුදල අපි අදම ගෙවන්නම්. කීයද ගාන යයි ඇය ඇසුවාය. මිනී පෙට්ටියට මෙච්චරයි ගෙවලා තියෙන්නේ.  ඒක ඇරුණාම ගෙවන්න තියෙන්නේ මෙච්චරයි. මල් ශාලා හිමියා කීවිට ඇය පුදුමයෙන් ඇසුවේ පෙට්ටියේ ගාන ඒකද කියාය. ඇයි ගාණ වැඩිද මම පුළුවන් තරම් අඩුකරලා දුන්නේ යයි මල් ශාලා හිමියා කී විට නැහැ නැහැ පෙට්ටියේ ගාන වැඩි නැහැ යයි කියා දුරකතන ඇමතුමෙන් ඇය සමුගත්තේ ඉතිරි මුදල් එවන බවට පොරොන්දු වෙමිනි.
ගතවූයේ ටික වෙලාවකි. කොහෙන්දෝ ඔහු පාත්වුණේය. ඒයි මිනිහෝ අපේ තාත්තගේ මිනී පෙට්ටියේ ගාන කීයද? ඇයි මම මුලින් කිව්වේ යයි ඔහු කීවේය. බොරු කියන්න එපා මිනී පෙට්ටිය එච්චර වුනේ නැහැ. ඇය කීවිට ඔහු පොළවේ හැපි හැපී දිවුර දිවුරා කීවේ තමන් මුලින් කී මිල තමයි එහි මිල කියමින් ය. ඒ විතරක් නොවේ, ලජ්ජා නැද්ද තමන්ගේ මාමණ්ඩියගේ මිනී පෙට්ටියෙන් මාටියා ගහන්න යයි කියමින් ද පුරසාරම් දෙඩෙව්වාය.
හරි හරි මට මල් ශාලාවේ මුදලාලි දැන් කතා කරා. මිනී පෙට්ටියේ නියම ගාන ඔහු කිව්වා. ඒ විතරක් නෙමේ යන්න තියෙන ඉතිරි ගාණත් ඉල්ලු‍වා යයි භාර්යාව කීවිට ඔහුගේ හතර හන්දි ගැහෙන්නට විය. මුහුණ සුදු මැලිවූවේය. දැන් ඉතිං බොරු කීමෙන් පලක් නොවන වග දැන ගත්තේය. මළ ගෙදරට එන මගේ යහළුවන්ට බොන්න කියලා තමයි මම එහෙම කළේ. ඔහු කීවේ ගල උඩ කැත කළ බළලෙකු මෙනි. හරි හරි ඒකට කමක් නැහැ රුපියල් විසිදහසක වැඩියක් තියෙනවා. මම ඒක අඩු කරලා මිනී පෙට්ටියට ගෙවන්න තියෙන ඉතුරු මුදල දෙන්නම් තමුසේ ඒ මුදල් බිව්ව අයගෙන් එකතු කරලා මල් ශාලාවට දෙනවා යයි ඇය කීවිට ඔහුට උතුර දකුණ අමතක වුණාලු‍.

කරන්දෙණිය  එම්. සුසිල් ප්‍රියන්ත

 

 



අදහස් (0)

මාමණ්ඩියගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා මායියාට අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1754 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site