IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සොරාගත් මාලය ගෑනු ගැටයෙන් එළියට

අසල්වැසි කාන්තාවක් විසින් සොරා ගන්නා ලද සිය රන්මාලය පොලිසියට නොගොස් උපක්‍රමයකින් ලබාගත්  කාන්තාවක පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තාවේ.
පාසල් යන සිය වැඩිමහල් දරුවාගේ පාසලට පැමිණෙන ලෙස කරනු ලැබූ දැනුම් දීමකට අනුව හොඳින් හැඳ පැලඳ ගෙන කුඩා දරුවකුද වඩාගෙන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් වෙත යමින් සිටින කාන්තාවකට මගදී එම පාසලටම යන අසල්වැසි කාන්තාවක් ද හමුවිය. එම හමුවෙන් මහත් සතුටට පත් ඔවුන් දෙදෙනා එතැන් සිට එකතුව ගමන් කරන්නට වූහ.
ඔවුහු පාසලට ගොස් කැඳවීම ලැබෙන තෙක් අදාළ අසුන්වල වාඩිවී සිටියහ. ඒ අවස්ථාවේ දරුවා සමග පැමිණි කාන්තාවගේ ගෙලබැඳි රන්මාලය දුටු අසල්වැසි කාන්තාව, මාල කඩාගෙන  යන සොරුන් පිරිසක් මේ ප්‍රදේශයේ සිටින බවත් ඊයේ දිනයේ ද කාන්තාවකගේ මාලයක් කඩාගෙන ගොස් ඇතැයි පැවසුවාය. ‘‘අනේ අක්කෙ මං එහෙම දැනන් හිටියේ නෑ. දරුවගෙ ඉස්කොලට හොඳට එන්න ඕන නිසා මේක දාගෙන ආවා’’ යැයි කියමින් මාලය ගලවා සිය අත්බෑගයට දාගත්තාය. අත්සන් ලබා ගැනීමක් සඳහා පාසලට මවුපියන් කැඳවා තිබූ අතර දරුවා වඩාගෙන පමිණි කාන්තාවගේ අවස්ථාව පැමිණි විට ඇය දරුවා සහ බෑගය අර කාන්තාව අතටදී අත්සන් තැබීමට ගියාය.


එදින සවස එම කාන්තාව මාලය අල්මාරියේ තැබීම සඳහා බෑගය විවෘත කර බැලීමේදී මාලය එහි නොවීය. බිම වැටීමක් කිසිසේත්ම සිදුවිය නොහැකි බැවින් අනිවාර්යයෙන්ම අසල්වැසි කාන්තාව  එය ගන්නට ඇතැයි ඇය සැක කළාය.
සවස සිය සැමියා  පැමිණි විට ඇය සිද්ධිය ඔහුට සැලකළාය. අනිවාර්යයෙන්ම අදාළ කාන්තාව විසින් මාලය ගන්නට ඇතැයි කී ඔහු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීම හොඳම විසඳුම යැයි පැවසුවේය. ‘‘නෑ පොලීසි යන්නේ නැතුව ඕක බේරගන්න ක්‍රමයක් මං දන්නවා අපි හෙට වෙනකම් ඉවසමු’’ යැයි ඇය කීවාය. උදෑසනම සැමියා රැකියාවට පිටත්ව ගිය පසු ඇය දරුවාත් වඩාගෙන අසල්වැසි කාන්තාවගේ නිවසට ගියාය. ඒ අවස්ථාවේ එම කාන්තාව මිදුල අතුගාමින් සිටියාය. ‘‘අනේ අක්කෙ ඊයේ හරි වැඩේනෙ වෙලා තියෙන්නේ. මං මාලේ ගලවල වැරදිල දාල තියෙන්නේ අක්කගෙ බෑග් එකටනේ. බලන්න අක්කේ ඒක ඔයාගේ බෑග් එකේ ඇති.’’ යැයි කීවාය.
කර කියා ගන්න දෙයක් නැතිවූ එම කාන්තාව ඉදල අතහැර ගෙට රිංගන විටම අර කාන්තාව ද ඇගේ පස්සෙන් ගෙට ගියාය. ගෙට ගිය කාන්තාව අල්මාරිය ඇර ප්ලාස්ටික් කප් එකක දමා තිබූ මාලය අරගෙන ‘‘ අනේ නංගියේ මං මේ  ගෙදර වැඩටික ඉවර කරල මේක දෙන්න ඒ පැත්තට එන්න හිටියේ’’ කියමින් ඇය අත තැබීය. සවස ඇගේ සැමියා පැමිණි විට සිද්ධිය සැල කරමින් ඔහුට මාලය  පෙන්නූ ඇය ‘‘කෝමද මගේ ටිකිරි මොළේ’’ යැයි කියමින් හඬ ගා සිනාසුනාය.  

පෝද්දල -  සරත් ආනන්ද ගමගේ



අදහස් (0)

සොරාගත් මාලය ගෑනු ගැටයෙන් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site