කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත
හතුරාගේ පාදය හතරට කඩන ලෙසට ලබාගත් කොන්ත්‍රාත්තුව පාදය හතරට තියා එකකටවත් නොකඩා ඊට අදාළ මුදල් ලබාගත් අපූරු පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
උස මහත නාරිදේහයටම ගැළපෙන කළු වර්ණයද ඊට සාධකය. දන්නා හඳුනන අයෙකු ඔහු හමුවීමට එන්නේ කල්යල් බලාය. ආරාධනය ආරාධිතයා ගෙනි. ඒ අනුව ඔවුන් දෙදෙනාම යනුයේ නගරයේ ඇඟ රත්කර ගැනීමේ තැනකටය.
මිතුරා ඔහුට හොඳ කටගැස්මක් සහිත හොඳටම ඇඟ රත්කර ගැනීමට ඉඩහසර දුන්නේ අතදිග හැරය. ඒ අතරවාරයේදී මිතුරා ඔහුට වාසියක් වෙන අපූරු යෝජනාවක් කළේය. ඒ තමාගේ භාර්යාව දෙස අමුතු ලෙස බලන තරුණයාගේ එක් කකුලක් තුනට කඩන ලෙසය. ඒ සඳහා රුපියල් පනස්දහසක් ගෙවන බවද මිතුරා කීවේය.
නළල රැළි කරගත් ඔහු කීවේ කකුල තුනට කැඩීමට නම් රුපියල් හැත්තැ පන්දහසක්වත් ලැබිය යුතු බවය. දෙන්නා කොන්ත්‍රාත් මුදල අඩුවැඩි කිරීම සම්බන්ධයෙන් විනාඩි ගණනක කතා බහ කළහ. අවසානයේදී මිතුරා ඔහුගේ හතුරාගේ කකුල කැඩීමේ කොන්ත්‍රාත්තුව ලෙස රුපියල් හැත්තැ පන්දහසක් දීමට පොරොන්දු විය. අත්තිකාරමක් ලෙස රුපියල් විසිපන්දහසක් ඒ වේලාවේම මිතුරා ඔහුගේ අත තැබීය.
ගතවූයේ දින කිහිපයකි. මිතුරා ඔහු සොයාගෙනවිත් වැඩේ හරි යයි කියමින් හතුරාගේ කකුල කැඩීමේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි මුදල වූ රුපියල් පනස්දහස ලබාදුන්නේ ඔහුට මුව නොසෑහෙන සේ ස්තූති කරමිනි. මචං අරූ කකුල තුන් පලකින් වෙලාගෙන කිහිලිකරුවෙන් දැන් යනවා. උඹ හොඳට වැඩේ කරලා තියෙනවා යයි කියමින් මිතුරා යන්න ගියේය.
තමා ලබාගත් කකුල කැඩීමේ කොන්ත්‍රාත් මුදලින් රුපියල් දස දහසක් කකුල කැඩීමට යෝජිත අයට ඔහු ලබාදී ඇත්තේ ඔහුගේ කකුලේ තැන් තුනකින් වෙළාගෙන දින කිහිපයක් යන තුරු කිහිලිකරුවෙන් යන ලෙසත් තමා දැනුම් දෙන තුරු ඒ කාර්යය කරන ලෙසත් දැනුම් දුන් බව ඔහු සිය මිතුරන්ට කීවේ තමාගත් අලුත් කොන්ත්‍රාත්තුවෙන් ලබාගත් මුදලින් පිරිස සමග ඇඟ රත්කර ගනිමින් සිටියදී දොඩමළු වෙමිනි.
2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හතුරාගේ කකුල කඩන්න සල්ලි අරන් මිතුරා අන්දවලා