IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උකසට ගත් රන්මුදුව රිදී වී තරු පෙනිලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


සූදූ පොළේදී උකසට ගත් රන් මුදුව නගරයේ උකස් මධ්‍යස්ථානයේදී රිදී බවට පත්වු පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
මේ සූදු පොළට ඔහු යන්නේ සූදුවටම නොවේ. සූදූවේ යෙදීම අතුරුඵලයකි. සූදු කෙළියේ යෙදී සිටියදී කුජීත වන අයගේ කනේ අතේ තිබෙන රන් ආභරණ සහ ඔවුන් සූදු පොළට ආ යතුරු පැදිය සොච්චම් මුදලකට උකසට ගෙන ඒවා සින්න කොට ගෙන වැඩි මිලකට අලෙවි කොට ලොකු ලාභයක් ගැනීම මේ සූදු පොළට යන ඔහුගේ ප්‍රධාන අරමුණය. ඒ අවස්ථාව උදාවනතෙක් ඔහු ඔට්ටු අල්ලමින් සිටින්නේය.


එදා සූදුවේ යෙදී සිටියදී කුජීතවූ අයකු තවත් සූදු කෙළීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට ඔහු උකස් කළේ අතේ ඇඟිල්ලක පලඳා තිබූ මුද්දය. ලොකුවට ලොකුවේ දිලිසි දිලිසි තිබූ මේ මුද්ද ඔහු උකසට ගත්තේද ලොකු මුදලකටය. එහි බරේ හැටියට තමන් දුන් මුදලට වඩා කිහිප ගුණයක් මේ මුද්ද විකුණා ගත හැකියයි ඔහු සිතුවේය.
මුද්දේ උකස් කාලය පැන්නේය. ඒ නිසාම ඔහු නගරයේ උකස් මධ්‍යස්ථානයකට ගියේ එය හොඳ මිලකට අලෙවි කිරීමටය. උකස් මධ්‍යස්ථානයේ සේවිකාවක් ඔහු දුන්නු මුද්ද රන් දැයි සොයා බැලීමට උරගා බැලු‍වාය. ඇගේ නළල රැළි වැටුණාය. මහත්තයා මේක රන් මුද්දක් නොව රිදී යයි ඇය කීවිට ඔහුගේ ඇඟට දහදිය දැම්මේ ඇඳ සිටි ඇඳුමද තෙත් කරමිනි. 



අදහස් (0)

උකසට ගත් රන්මුදුව රිදී වී තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site