IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මංගල කතාවෙන් මනාලියගේ පටි රෝල්

දියණියකගේ මංගල දිනයේ මංගල සභාව අමතා අසල්වැසි පුද්ගලයකු පවත්වන ලද කථාවෙන් මනාලියගේ පාර්ශ්වය අන් අය ඉදිරියේ දැඩි ලෙස ලජ්ජාවට පත් වූ පුවතක් ලංකාවේ දකුණු දෙසින් වාර්තා  වෙයි.
මව  තම එකම දියණිය ඇති දැඩි කිරීමටත් අධ්‍යාපනය ලබා දීමටත් දැඩි පරිශ්‍රමයක් දැරුවාය. සරසවි වරම් ලබා ගැනීමට නොහැකි වූ ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වූවාය. එහිදී දැන හඳුනා ගත් තරුණයකු සමඟ පෙම් සබඳතාවක් ගොඩනගා දෙපාර්ශවයේ ආශිර්වාද මැද විවාහ දිවියට පත්වූවාය. ඒ වෙනුවෙන්  උත්සවයක් ද පැවැත්වූයේ දෙපාර්ශ්වයේ නැදෑ හිතවතුන් සීමිත පිරිසක් සහභාගී කරවා ගනිමිනි.
මංගල දිනයේ සියලු‍ චාරිත්‍ර ඉටු කොට දිවා ආහාරය ද ගෙන උත්සව සභාව පවත්වන්නට විය. එහිදී අසල්වැසි එක් පුද්ගලයකු නැගිට වැඩ සටහන මෙහෙයවන තැනැත්තාට පවසා සිටියේ තමාට ද කථාවක් කරන්නට අවශ්‍ය බවයි.


බමන මතින් සිටි ඔහුට අවස්ථාවක් ලබාදීම ප්‍රතික්ෂේප කළ සංවිධායකට ඔහුගෙන් ලැබුණේ අපුරු පිළිතුරකි. ‘හොඳයි මට කථාවක් දෙන්නේ නැත්නම් මම කාපු බීපු දේවල් මෙතනම දානවා’ යයි තර්ජනාත්මකව පැවසීය. සිදුවන්නට යන නින්දාව මගහරවා ගැනීමට සියලු‍ දෙනා කතිකා කරගෙන විනාඩි දෙකකින් තම කතාව නිමා කරන ලෙස පොරොන්දු වී ඊට ඉඩ හසර ලබා දෙන ලදී.
බමන මතින් කතාව ආරම්භ කළ ඔහු මෙසේ පවසන්නට විය. ‘තාත්තා නොමැති මේ කෙල්ල අපි  හැදුවේ පිට කෙනෙකුට දෙන්නට නෙවෙයි. මේ නංගිත් දුව හදා ගන්න නොකරපු දෙයක් නැහැ. මමත් නිතරම මේ නංගිගෙ ළඟින්මයි හිටියෙ. ඒ නංගි කියන දේවලු‍ත් රැයක් දවාලක් නොබලා මම කරල දුන්නා.
එක් වරක් මේ කෙල්ල කොල්ලෙක් එක්ක යාළු වෙලා ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවෙත් මම ඉදිරිපත් වෙලා ඒ ප්‍රශ්නය ලිහුවා. ඔන්න පුතේ අද සිට කෙල්ල උඹට බාරයි, පවසමින් තවත් බොහෝ දේ කියවන්නට විය. මොහු තවදුරටත් කතා කළහොත් තව තවත් දේ හෙළිවෙන බව දැනගත් සංවිධායක විසින් ඔහු පසෙකට රැගෙන යන ලදී.
මොහුගේ කතාව අසා සිටි සැම දෙනා නොසන්සුන් වන්නට විය. ඒ සමඟම ඔවුනොවුන්  මුහුණට මුහුණ බලා මුමුණන්නට ද  විය. ඒ අවස්ථාවේ මව ඇතුළු ඥාතීන් විසින් කරුණු අවබෝධ කර දීමෙන් පසුව  මනාල යුවළ හා ඔහු සමඟ පැමිණි පිරිස නොසතුටින් පිට වී යද්දී එහි සිටි වැඩිහිටි අයකු පවසා සිටියේ ‘‘දැන් ඉතින් මොනවා කරන්න ද බැඳගත්ත බෙරේ මුළු ජීවිත කාලය පුරාම ගහන්න තමා වෙන්නෙ’’ යනුවෙනි.

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්



අදහස් (0)

මංගල කතාවෙන් මනාලියගේ පටි රෝල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site