ඇතුගල අවට ගම් පෙදෙසකි. කඩවසම් තරුණයා ආරක්ෂක අංශයක සේවය කරන අයෙකි. ඔහු නිවාඩුවට ගමේ පැමිණි පසුව කුරුණෑගල වැව රවුමේ කාලය ගත කිරීම විනෝදාංශයකි. ඒ සඳහා ඔහුගේ තනියට මිතුරු කැළද එක් වෙති. එලෙස සිටින අතරවාරයේ ඔහුට තරුණියක මුණ ගැසුණි. දෙදෙනා කතාකර ආගිය තොරතුරු විමසූහ.
ඔහු තනිකඩය. ඇය ද එසේමය. දෙදෙනාටම පෙම් ඇසුරක් ද නැත. ඒ අනුව දෙදෙනාට පෙම්වතුන් බවට පත් වන්නට වැඩි කාලයක් ගත වූවේ ද නැත.
ඒ අනුව ඔහු නිවාඩු ලබාගෙන එන හැම වාරයකම ඇය හමුවීමට ද අමතක කළේ නැත. දිනක් ඔහු හදිසියේම ගෙදර ආවේය. ඒ ඥාති සොයුරකුගේ මඟුල් ගෙදර යාමටය. ඔහු පෙම්වතියට අවිවාහකයකු ලෙසට පෙනී සිටියත් ඇත්තටම ඔහු විවාහකයෙක්ය. ඔහුගේ බිරිය ඒ වනවිට ගැබිනියකි. මඟුල් ගෙදර යාමට බිරියට ඇඳුම් නැත. මේ නිසා දෙදෙනාම කඩිමුඩියේ ඇඳුම් මිලදී ගැනීමට කුරුණෑගලට පිවිසුණහ.
ඔවුහු මහ විදීයේ කඩ සාප්පු පීරමින් ගැළපෙන විලාසිතාවන් සෙවුහ. ගැබිනියක අත අල්ලාගෙන රෙදි කඩේකට ගොඩ වුණු සැමියා තිගැස්සුණි. ඒ ඔහු පණමෙන් ආදරෙයි කියු පෙම්වතිය එම කඩේ සේවිකාවක ලෙසට සිටිනු දැකීමෙනි.
පෙම්වතියට ද ඉකි ගැසුණි. කපටියා, වංචාකාරයා කියා ඇය මුමුණද් දී අන් සේවිකාවන් ඒ දෙස බලා සිටිය දී රෙදි තේරීම පසෙක තබා ඔහු ගැබිනිය ද අල්ලාගෙන ඒ රෙදි කඩෙන් ඉවතට යාමෙන් වෙන්න තිබුණු මහා විනාසයකින් ඔහු නූලෙන් බේරුණාලු.
මොරගොල්ලාගම - සිසිර කැලේගම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd