කැබිති ගොල්ලෑව හේමන්ත රණසූරිය
බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි.
කතාව මෙසේය.
රාජ්‍ය සේවකයකු වූ මෙම ස්වාමිපුරුෂයා මේ වන විට විශ්‍රාම සුවයෙන් කල්ගත කරයි. හෙතෙම උපන් ගෙයි මනමාල කුරුල්ලෙකි. දරු තිදෙනකුගේ පියෙකු වුවද, අවුරුදු හැටක් ගතවී තිබුණද, තවමත් වයස අවුරුදු 45 කට වැඩි පෙනුමක් ඔහුගෙන් නොපෙනේ.
වසර ගණනාවක් රාජකාරී කර ඇති මොහු, ඒ කාලයේ ප්‍රේම ජවනිකා ගණනාවක්ම රඟපාමින් සිටියේය. එහෙත්, ඔහුගේ ස්ථාන මාරුවත් සමගම ප්‍රේම ජවනිකා නතරකොට ඔහු එම ගම්පළාතෙන් වාෂ්ප වී ගොස් අවුරුදු විසිපහක් ගත වී තිබුණි.
ඉතාම මෑතක ඔහු සිය බිරිය සමග වෛද්‍යවරයකු හමුවීමට අනුරාධපුර පෞද්ගලික රෝහලකට පැමිණියේ බිරියගේ අධික හන්දි කැක්කුම් වලට ප්‍රතිකාර ලබා ගැනීම පිණිසය.
බෙහෙත් ගැනීමට පැමිණි රෝගීන්ගේ පෝලිම විසිපස් දෙනෙක් පමණ බංකුවල වාඩිවී සිටියෝය. බිරිඳ ද එම පෝලිමට එකතු වී ඉඳගත්තාය. අපගේ මනමාල කුරුල්ලා ඒ අවට ඔබ මොබ සැරිසරමින් සිටියේය. බෙහෙත් පෝලිමේ සිටි එක් කාන්තාවක් මෙම ස්වාමිපුරුෂයා දෙස ඉතා ඕනෑකමින් බැලුවාය. ඇය පෝලිමෙන් නැගිට නිදහසේ එහේ මෙහේ ඇවිදිමින් සිටි පුද්ගලයා දෙස ඉතා හොඳින් ඔහුට කිට්ටු වී වඩාත් විපරමින් බැලුවාය. ඇය කිසියම් දෙයක් තහවුරු කරගත්තා සේ හිස දෙපසට වනා මෙලෙස ඇසුවාය.
“ආ මනමාල මහත්තයා කොහොමද මාව මතකද. මම අහවලා. මාව කසාද බඳිනවා කියලා කාලයක් තිස්සේ අපේ ගෙදරට ආවා ගියා මතකද. හොඳට කල්පනා කරපන්. දැන් උපාසකයා වගේ ඉන්න එපා. මට උත්තර දීපන්. උඹලට සලකන්න ඕන මෙහෙම නෙවෙයි” කියමින් ඇය අතේ තිබුණු කුඩයෙන් එම පුද්ගලයාට පහර කීපයක් ගැසුවාය.
බෙහෙත් පෝලිමේ සිටි බිරිඳ කලබලයට පත් වී එතැනට දුවගෙන පැමිණ කරුණු විමසන්නටත් පෙර ගුටි කාපු සැමියා එතැනින් පලායාමට දුවගෙන යද්දී පාර අයිනේ කානුවකට ඇද වැටුණේය.
බෙහෙත් ගැනීමට පැමිණ සිටි පිරිස සහ අවට නගරයේ සිටි පිරිස වහා එතැනට පැමිණ සිද්ධ වූ කාරණය තේරුම් ගත්හ. එහෙත් ඒ වන විටත් සැමියාගේ අතක් සහ කකුලක් කෙලින් කිරීමට නොහැකිව වකුටු වී තිබුණි.
තමාගේ හන්දි කැක්කුමට බෙහෙත් ගැනීමට පැමිණි බිරිය අසනීපය අමතක කර දමා විළියෙන් ඇඹරෙමින් සැමියා රැගෙන ත්‍රිරෝද රථයකට අධික මුදලක් ගෙවා නිවසට පැමිණ ඇත.
මේ වන වට සැමියාගේ හතර හන්දි පළුදුවීමෙන් ප්‍රදේශයේ කැඩුම් බිඳුම් වෙද මහත්මයකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවට දැනගැනීමට ලැබුණි.
දැන් එම ගම් පළාතේ අය “හන්දි අමාරුව සනීපයිද” කියා විමසන විට සැමියා සහ බිරිඳ ඔවුන්ට කනේ ඇඟිලි ගසා ගැනීමට උත්තර දෙනවාලු.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
ඩිනෙශ්ඩීඒස් ටීස් Thursday, 05 September 2024 11:46 PM
මටත් ඔහොම වැඩක් වුණානේ, ඒ විදිහටම...