මොරගොල්ලාගම - සිසිර කැලේගම
ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඔහු විවිධ වර්ගයේ බල්ලන් ඇතිකිරීම විනෝදාංශයක් ලෙසට සිදු කරන අතර ඉන් ආදායමක් ඉපැයීමට ද කටයුතු කරයි.
ඔහු ගෙනා බල්ලන් කිහිප දෙනකුම අකාලයේ අනතුරුවලට ලක්ව මියගිය නිසා දැඩි සිත් වේදනාවෙන් පසු වූ ඔහු කාලයක් යනතුරු ඉන් ඉවත්ව සිටියේය.
කෙසේ හෝ වෙනත් පෙදෙසකට ගිය ඔහුට කුඩා වියේ පසුවෙන ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියක අඩු මුදලට ලබාගැනීමට හැකිවූ නිසා මිලදී ගත්තේය.
නිවසට ගෙනැවිත් කූඩුවක් සාදා දැඩි රැකවරණය මැද ඇතිදැඩි කළේය.
බැල්ලිය ද පෘෂ්ටිමත්ව හැදුණාය. අවැසි බෙහෙත් හේත් සියල්ල ද නොඅඩුව ලබා දුන්නේය.
තරුණ වියට පත් බැල්ලිය ගැබ් ගත්තාය.
බැල්ලිය පැටව් ගැසීමට සූදානම් බව අවට පිරිස්වල කන වැටුණි.
“අපිටත් පැටවෙක් ඕනෑ. මටත් ඕනෑ,” හිතවත්කමට මෙන්ම ඥාතීත්වය මත පැටව් ඉල්ලන පිරිස් වැඩි වූහ.
“කාටද පැටව් අවශ්‍ය? ඉල්ලන හැමෝටම දෙන්න බෑ. මට අත්තිකාරම් මුදලක් ඕනෑ. නැතිව මේ බිස්නස් එක කරන්න අමාරුයි” බැල්ලියගේ හාම්පුතා කීවේය.
ඊට අවනත වූ පිරිස් අතරින් පස්දෙනෙක් අත්තිකාරම් දුන්හ. ඉතිරිය පැටව් ගැසූ පසුව දෙන බවටත් පොරොන්දු වූහ. තවත් අය ඉල්ලුම් කළත් ඒ අයගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වුණි.
දින වකවානු ගත විය. බැල්ලිය පැටව් ගසන තුරා හාම්පුතා පසුවුණේ නොඉවසිල්ලෙනි. ඒ බලු සුරතල් දකින්නට නොව අරගෙන තිබෙන ණය තුරුස්වලින් මිදෙන්නට හැකි නිසාය.
බැල්ලිය පැටව් ගසා ඇත. නිම් හිම් නැති සතුටෙන් ඔහු බලු කූඩුව දෙසට දිව ගියේය.
පැටව් දෙදෙනකු ඇත. ඉන් එකෙකු මිය ගොස්ය. එකෙකු විකුණන්නට හැකිය. එහෙත් තවත් හතර දෙනකුට දෙන්නට පැටව් නැත. ඒ වෙනුවෙන් ලබාගත් අත්තිකාරම් ආපසු දෙන්නට ඔහු අත පිච්චියක් ද නැතිව දැන් දස අතේ කල්පනා කරමින් යුතුව පසුවෙනවාලු.
2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා