හසලක සුනිල් ඒකනායක
නැති වූ කරාබුව යළි හමු නොවන බවට සාස්තරයකින් පැවසූ දියණියගේ කරාබුව මාසයකට පසු මවගේ සෙරෙප්පුවකින් හමු වූ පුවතක් හසලකට නුදුරු ගමකින් වාර්තා විය.
තුන් හැවිරිදි කුඩා දියණියගේ කනේ පළදා තිබු රන් කරාබුවේ ඉදිරිපස කොටස අතුරුදන්ව ඇති බවත් එය බිම වැටී ඇතැයි සැක සිතා සොයා බැලීමේදි එහි පිටුපස කොටස බිම වැටී තිබියදී දරුවාගේ මවට හමු වී තිබේ. නිවෙසේ අස්සක් මුල්ලක් නෑර සොයා බැලුවත් ඉදිරිපස කොටස හමුවී නැත. මෙම කොටස ඉහළ වටිනාකමකින් යුතු වන හෙයින් සහ මෙයට සරිලන වෙනත් කොටසක් ගැනීමට මේ දිනවල අත මිට සරු නොමැති නිසා මෙයට කුමක් සිදුවුවාදැයි දැන ගැනීමට ඇය මිතුරියක සමග අසල ගමක පිහිටි දේවාලයකට ගියාය.
රැගෙන ගිය බුලත් ගොන්න අතටගෙන මද වේලාවක් කල්පනාවේ සිටි සාස්තරකාරිය පැමිණි කාරණය පිළිබඳ විමසා ඇත. එහිදී මව වන තැනැත්තිය පවසා ඇත්තේ නැති වූ යමක් ගැන බැලීමට පැමිණි බවයි. මද වේලාවක් නැවත බුලත් හුරුල්ල දෙස බලා සිටි සාස්තරකාරිය නැවත පවසා ඇත්තේ නිවෙසට පැමිණි කෙනකු නිවෙසේ තිබූ වටිනා දෙයක් හොර රහසේ රැගෙන ගොස් ඇති බවත් එය නැවත නොලැබෙන බවත්ය. එය ගෙන්වා ගැනීමට නම් රුපියල් 5000 ක පමණ මුදලක් දේවාලයට පුද පඩුරු වශයෙන් ගෙවිය යතු බවද පේනකාරිය පවසා ඇත. ඇය සිය මිතුරිය සමග දේවාලයෙන් පිටව ගොස් ඇත්තේ “රුපියල් පන්දහසක් අතේ තියෙනවානම් අලුතෙන් කරාබුවක් ගන්නවානෙ” යැයි දැඩි වේදනාවෙන් පවසමිනි.
සුදුසු කරාබු යුගලක් නොමැති නිසා දරුවාගේ කනේ ඉතිරිව තිබූ කරාබුවද ගලවා අල්මාරියේ දැමූ ඇය දරුවාගේ කන පාළුවෙන නිසා ගමේ කඩෙන් රැගෙන ආ ඉමිටේෂන් කරාබු යුගලය දරුවාට පැළඳුවාය.
ගෙවී ගියේ මාසයක පමණ කාලයකි. ඇය නිවෙස අතුගාමින් සිටින විට භාවිතයට නොගෙන පසෙකට දමා තිබූ සිය සෙරෙප්පුවේ යට කොටසේ කිසියම් දිළිසෙන යමක් තිබෙනවා දැක සෙරෙප්පුව අතට ගෙන විමසා බැලීමේදී එය තම දරුවාගේ කරාබුවේ අතුරුදන් වූ කොටස බවට දැක ඇත.
සවස වැඩ ඇරී සැමියා නිවෙසට පැමිණි පසු ඇය ඔහුට කරාබුව පෙන්වා පවසා ඇත්තේ සාස්තරෙන් හම්බවෙන්නේ නෑ කියූ කරාබුව හම්බවුණා. අපරාදෙ පේනකාරියට දුන්න රුපියල් 600 කියාය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
නැති වූ කරාබුවට පේනයක් බලා හයසීයක් පාඩුවෙලා