කරන්දෙණිය එම්. සුසිල් පි්‍රයන්ත
ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
මේ පාසල දේශ දේශාන්තරවල ද පතළ එකකි. මේ විදුහලට තේරී පත් වූ ආදි ශිෂ්‍ය නායකයෝ ද සිය විදුහල අනෙක් විදුහල්වලට වඩා සිය විදුහල ඉදිරියට ගෙන යාමට සිය කාලය ශ්‍රමය හා ධනය කැප කළහ.
ඒ නිසාම මේ විදුහල දිනෙන් දිනම දියුණුවට පත් වූයේ එම විදුහල් ආදි ශිෂ්‍ය සංගමයට ද දිවයිනේ ප්‍රසාදය හා කීර්තිය අත්කර දෙමිනි. ඒ නිසාම එදා මේ විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයට තේරී පත් වූවෝ රටේ නමක් ගත් රටට වැඩක් කළ ආදි සිසුහුය.
එවන් ආදි ශිෂ්‍ය සංගමයක් තිබූ මේ විදුහලට නැවත වතාවක් එවන් වූ ආදි ශිෂ්‍ය සංගමයක් අලුතින් පත් වූවේ මේ ඊයේ පෙරේදාය. මේ පත් වූ ආදි ශිෂ්‍ය සංගමයට සිය සංගමයේ මුදල් දත්ත අනුව රුපියල් මිලියනයකට ආසන්න මුදල් අඩුවක් තිබෙනු දක්නට ලැබිණ. ඔවුහු සිය පළමු රාජකාරිය ලෙස එම මුදල් අඩුව පිළිබඳව සොයා බැලුවෝය. එහිදී ඔවුන්ට දැන ගන්නට ලැබී ඇත්තේ තමන්ගේ නිල කාලයේ මේ සංගමයේ භාණ්ඩාගාරිකවරයාගේ ක්‍රියාකාරකම්ය.
සිය ආදි ශිෂ්‍ය සංගමයට මුදල් පොලු තියා ඇතැයි ලේඛන ගතව තිබූ අයගෙන් අලුත් ආදි ශිෂ්‍ය සංගමය දුරකතන ඇමතුම් ගෙන විමසුවේය.
එහිදී බොහෝ අය පවසා ඇත්තේ භාණ්ඩාගාරිකවරයා තමන්ට අලෙවි කරන්නට ටිකට් පත් ලබාදුන් බවත් තමන් එම විකුණූ සියලුම ටිකට්පත්වල මුදල් භාණ්ඩාගාරිකවරයාට ලබා දුන් බවත්ය.
අලුත් ආදි ශිෂ්‍ය සංගම් නිලධාරීන්ට කාරණය පැහැදිලිය. භාණ්ඩාගාරිකවරයා ටිකට් පත්වලින් කළ විජ්ජාව අනාවරණය විය. එදා පාසලේ හා පාසල ආසන්නයේ ගැවසෙමින් සිටි මේ භාණ්ඩාගාරිකවරයා දැන් පාසල පැත්තේවත් එන්නේ නැතිවාක් මෙන්ම අලුත් ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් දුටුවාම හැංගෙනුයේ භූමි තෙල් වැටුණු ගැරඬියෙක් මෙන්ලු.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන