IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ


“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග්‍රීසි අකුරු කීපයක් කොළයක ලියා දොර අසල තබා කළුතර කිතුලාව ගණකාධිකාරීවරයකුගේ යතුරුපැදියක් සොරාගෙන ගිය පුවතක් කළුතරින් වාර්තා වේ.
එම යතුරුපැදියේ පැති කණ්ණාඩියක මත තබා තිබූ කළු පාටට හුරු ආරක්ෂක හිස් වැස්ම සහ කුඩයක්ද සොරාගෙන ගොස් ඇතැයි හිමි කරු පොලිසිය කියා ඇත.


පැමිණිලිකාර ගණකාධිකාරීවරයා ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අතර බිරිඳ ද පෞද්ගලික ආයතනයක ලිපිකාරිනියක ලෙස සේවය කරන බවත් ඉකුත් 1 වැනිදා රැකියාව නිමවා නිවසට පැමිණ නිවස ඉදිරිපිට වැරැණ්ඩාවේ යතුරුපැදිය නවතා ආරක්ෂක හිස් වැස්ම පැති කණ්ණාඩිය මත තබා ඇත.
පසුදින දරුවන් පාසලට ඇරලීම සඳහා සූදානම්ව යාම සඳහා යතුරු පැදිය බැලීමේදී යතුරුපැදිය සහ ආරක්ෂක හිස් වැස්ම දකින්නට නොතිබූ බවත් ඒ අසල තබා තිබූ ආයතනයෙන් ලද කුඩයද නොමැති වීම හේතුවෙන් අවට පරීක්ෂා කිරීමේදී ඉදිරිපස දොර අසල සුදු පාට පත්තර කොළයක සිංහලෙන්”‍ මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒක නිසා මං ඔහේගේ බයිසිකලේ අරගෙන ගියේ “කරදරයක් වුණානම් සමාවන්න”‍ යනුවෙන් සිංහලෙන් ලිය ස්ථාවර දුරකථන අංකයක් ද සටහන් කර ඉංග්‍රීසි අකුරු ලියා ඇති බව වාර්තා වේ.
එම කොළ කැබැල්ලේ සටහන්ව තිබූ ස්ථාවර දුරකථන අංකයට ඇමතීමේදී අගලවත්ත පොල්ගම්පල ප්‍රදේශයේ අයකුගේ අංකයක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (1)

සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්

ඩිනෙශ්ඩීඒස් ටීස් Thursday, 05 September 2024 11:47 PM

හරි හිනා මට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site