IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සූර් පිට කැස්සට ෂැම්පු පැකට්ටුවක් බීලා

නාඋල - ඉන්දික අරුණ කුමාර


කැස්ස හෙම්බිරිස්සාවට පානය කිරීම සඳහා අතීතයේ වෙළෙඳපොළ තුළ අ‍ලෙවි වූ ක්ෂණික පානයක් වන ‘අලු‍ප්පුමුරුන්දු’ නම් පානයක් ඉල්ලා සිටි පාරිභෝගිකයකුට ලැබුණු ෂැම්පෝ පැකැට්ටුවක් පානය කිරීමෙන් මහත් කලබලයක් ඇති වූ පුවතක් නාඋලින් වාර්තා වෙයි.
සිද්ධිය වාර්තා වන අන්දමට මෙසේය.
මැදි වියේ පුද්ගලයකු යම් තරමකට සූර් වී ගමේ කඩයකට ගොඩ වී, කැස්ස හෙම්බිරිස්සාවට පානයක් ඉල්ලා ඇත.
වෙනදා වෙළෙඳසලේ සිටි මුදලාලි වෙනුවට එදා සිට ඇත්තේ ඔහුගේ පුත්‍රයායි.
“මේ ළමයා, මට දෙනවකෝ අලු‍ප්පුමුරුන්දු පැකැට් එකක්.”
ඇසූ පළමු වචනයෙන්ම අන්දමන්ද වූ තරුණයා, “එහෙම එව්වා මෙහෙ නෑ” යනුවෙන් පවසා ඇත.
“මොකද නැත්තේ? ඔය කැස්සට හෙම්බිරිස්සාවට බොන බෙහෙතක් ඕක.”


දන්නා තරමින් සිය වෙළෙඳසලේ එසේ නම සඳහන් නිෂ්පාදනයක් නැති බව පැවැසුවත්, මැදි වියේ පුද්ගලයා වෙළෙඳසලෙන් ඉවත්ව නොයෑම හේතුවෙන් “අන්කල්, අලු‍ප්පුමුරුන්දු නම් නෑ. වෙන බේතක් නම් තියෙනවා. ඒක නම් ගොඩක් අය අරන් යනවා කැස්ස හෙම්බිරිස්සාවට. මේක පොඩි පැකැට් එකක් කඩලා බොන්න තියෙන්නේ. දෙන්න ද?” යනුවෙන් අසා ඇත.
“හා ළමයෝ. එහෙනම් දෙන්නකෝ බලන්ඩ ඒකවත්. කැස්ස වැඩියි හොඳටම. අඩු වෙයි කියලා මේ පොඩි ෂොට් එකකුත් දැම්මා, අඩු වුණේ නෑ.”
මැදි වියේ පුද්ගලයාගේ ඉල්ලීම මත කොලු‍වා ද තමන්ගේ හිසට ඉහළින් එල්ලා ඇති විවිධ පැකැට් අතරින් කොළ පැහැති කුඩා පැකැට්ටුවක් මැදි වියේ පුද්ගලයාට කඩා දී තිබේ. ගත්තු ගමන් පැකැට්ටුවේ මුල්ලක් කඩා එක හුස්මට ගිල දැමූ ඔහු ඔක්කාරයෙන් කෙළ ගසා, යටිගිරියෙන් කෑගසා පවසා ඇත්තේ, “මේකා මට සබන් වතුර දුන්නෝ” යනුවෙනි.
කලබලය අස්සේ වෙළෙඳසලේ හිමිකරු ද වෙළෙඳසලට පැමිණ ඇති අතර, කලබලයට සිය දරුවා ෂැම්පෝ සහ සබන් කුඩු වර්ග වැල් වශයෙන් එල්ලා ඇති ස්ථානයෙන් ෂැම්පෝ පැකැට්ටුවක් මැදි වියේ පුද්ගලයාට ලබා දී ඇති බව හෙතෙම අවබෝධ කරගෙන ඇත.
මේ පැකැට්වලට යාබදින් කැස්ස සඳහා පානය කරන, වෙළෙඳපොළේ ජනප්‍රිය කුඩා පැකැට් විශේෂයක් පැවැති අතර, ඒවා වෙනුවට සිය දරුවා ලබා දී ඇත්තේ ෂැම්පෝ පැකැට්ටුවක් බවත්, බාහිර පෙනුමෙන් මෙම වෙළෙඳ නිෂ්පාදන දෙකම එකම පැහැයක් ගැනීම ගැටලු‍වට හේතු වී ඇති බවටත්, මැදි වියේ පුද්ගලයාට කරුණු කාරණා පැහැදිලි කර දී ඇත.

 



අදහස් (0)

සූර් පිට කැස්සට ෂැම්පු පැකට්ටුවක් බීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site