IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එස්.එම්.එස්. හුටපටයකින් බිරින්දෑවරුන් කෙහෙවලු පටලවාගන්න ගිහින්

“මම ඔයාට ආදරෙයි ” - “මමත් ඔයාට එහෙමමයි ” මිතුරන් දෙදෙනකුගේ ජංගම දුරකතන දෙකකින් හුවමාරු වූ කෙටි පණිවිඩ දෙකක් කෙහෙවලු පටලවා ගෙන වෙන්නට ගිය මහා විනාශයක් ඔවුන් දෙදෙනාගේ බුද්ධිමත් භාවයෙන් විසඳා ගැනීමට හැකි වූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා වේ.
එක් අයෙකු අපි “එම්” නමිනුත් අනෙකා “එස් ” නමිනුත් හඳුන්වමු. සම වයසේ පසුවෙන මොවුන් දෙදෙනාම විවාහක දරුවන් සිටින 35 හැවිරිදි වියේ පමණ පසුවෙන එක්තරා ආයතනයක සේවය කරනු ලබන දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා කළණ මිතුරන් වුවත් ඔවුන්ගේ බිරින්දෑවරුන් එකිනෙකාට හඳුනන්නේ නැත. එයට හේතුව කාන්තාවන් දෙදෙනා කිසිම දිනක හමුවී නොමැති නිසාවෙන් හා ඔවුන් දෙදෙනා හඳුනා ගැනීමට මිතුරන් දෙදෙනා කටයුතු නොකිරීම හේතුවෙනි.


දිනක් “එම්” ගේ ස්මාට් ජංගම දුරකනයට “එස් ”ගේ ජංගම දුරකතනයෙන් ලද කෙටි පණිවිඩයේ සඳහන් වූයේ “මම ඔයාට ආදරෙයි ”  යන්නයි එම පණිවිඩයට පෙරළා ඔහු මිතුරාට පිළිතුරු යැවුවේ “ මමත් එහෙමයි ” යනුවෙනි.
මෙදින නිවාඩු දිනයක් නිසා “එම්” රැකියාවට නොගිය අතර නිවසට අවශ්‍ය කළමනා කීපයක් ගැනීම සඳහා අසල පිහිටි වෙළඳසල වෙත ගියේ ජංගම දුරකතනය නිවසේ මේසය මත තබාය. එම අවස්ථාවේ දුරකතනයට ඇමතුමක් ආ නිසා බිරිය  එය ගෙන බලා සැමියා නිවසේ නොමැති බවත් පසුව ඇමතුම ගන්නා ලෙසත් දන්වා ජංගම දුරකතනයේ වට්ස් ඇප් එකට පිවිසියේය.
එය පරිශීලනය කරමින් සිටින විට ඇයගේ නෙත ගැටුණු කෙටි පණිවිඩයකින් ඇයට උන් හිටි තැන් අමතකව ගියාය. එහි සඳහන්ව තිබුණේ ලද පණිවිඩයකින් “මම ඔයාට ආදරෙයි” කියාත් පෙරළා සැමියා යැවු පණිවිඩයේ  “මමත් ඔයාට එහෙමමයි” යනුවෙනි. “ආනේ මේ මිනිහා මට හොරෙන් වෙනත් ගෑනියක් ඇසුරු කරනවා. හිටපංකෝ.” කියා තමන්ට කියා ගත් ඇය ඒ සමඟම එම ජංගම දුරකතනයට වට්ස් ඇප් ඇමතුමක් ගනු ලැබුවාය.


මෙදින නිවාඩු දිනයක් නිසා “එස්” ද සිය ගෙවත්තට ගියේ එහි පැසී තිබු ගම්මිරිස් ටික කඩාගෙන ඒමටයි. ඔහු ද සිය ජංගම දුරකතනය රැගෙන නොගිය අතර එය නිවසේ දමා ගියේය. එම දුරකතනයට ඇමතුමක් ආවේ ඔය අතරේය. සැමියා නොමැති හෙයින් නාද වෙන දුරකතනය අතට ගෙන “හලෝ ”කියා ඇමතුවා පමණි. තල් අත්තට බොරළු හැලෙන්නා සේ පැමිණි එම ඇමතුමෙන් ගලාගෙන ආවේ නොසරුප් වචන ගොන්නකි. “තොට වටිනව ද යකෝ මගේ මිනිහගේ කරේ එල්ලෙන්න. තෝ දැනගන් මම කවුද කියලා. තොට යහපතක් නම් වෙන් එපා. මේ කරපු අපරාදෙට. මමත් මගේ දරුවෝ දෙන්නයි මහ පාරට ඇද දමන්න ද හදන්නේ. හිටපිය මම තෝ හොයාගෙන හෙටම එනවා. ” යැයි කියා අනෙක් පසින් පිළිතුරක් දෙන්නටත් කලින්ම දුරකතනය විසන්ධි කළාය.
මෙයින් අන්ද මන්ද වු “එස්”ගේ බිරිය වහා ගෙවත්තේ සිටි සැමියා සොයාගෙන ගොස් ලද පණිවිඩය පැවසුවාය. ඔහු ජංගම දුරකතනය ගෙන එහි සඳහන් වූ කරුණු කාරණා බිරිඳට පහදා දුන් අතර “ කලබල වෙන්න එපා. එයා වලිගය පාගාගෙන මම මේක විසඳන්නම්.”යැයි ඇයට පවසා ඔහු කරමින් සිටි කාර්ය නතර කොට එම මොහොතේම මිතුරාගේ නිවස බලා පිටත්විය.
ඔහු එම නිවසට යන විටත් එම නිවසේ දෙන්න දෙමල්ලෝ අතර ඇති වී තිබුණේ මහා වාග් ප්‍රහාරයන්ය. “එස්” දුටු “එම්” පැවසුවේ මචං උඹ ආපු එක හොඳයි. ඔන්න මට මැසේජ් එක එවපු කෙනා.  දැන් තමුසේ මෙයත් එක්ක ප්‍රශ්නය විසඳා ගන්නවාකෝ, යනුවෙන් සිය බිරියට පවසා ඔහු එතැනින් පිටත් වී ගෙතුළට ගියේය .
 “එස්” ඇයට කරුණු කාරණා පහදා දී මෙසේ කෙටි පණිවිඩයක් එවීම පිළිබඳ මිතුරාගෙන් සහ ඔහුගේ බිරියගෙන් සමාව ඉල්ලා සිටියේ දුර දිග නොසිතා තමන් එවු කෙටි පණිවිඩය මෙතරම් ආරවුලක් සිදුවේ දැයි නොසිතා බව ද ඇයට පැවැසීය.
මෙම කරුණු තේරුම්ගත් පසුව දැඩි අපහසුතාවටත් ලැජ්ජාවටත් පත් ඇය තමන් “එස්”ගේ බිරියට නොසරුප් වචනයෙන් බැන වැඳීම සම්බන්ධයෙන් ඇයගෙන් සමාව ගැනීමට දුරකතනය හරහාම සිදු කිරීමට ඇය කටයුතු කළාය. මිතුරාගේ මැදිහත් වීමෙන් වෙන්නට ගිය මහා විනාශයක් වැළකී ගියේ එලෙසිනි.

හසලක සුනිල් ඒකනායක



අදහස් (0)

එස්.එම්.එස්. හුටපටයකින් බිරින්දෑවරුන් කෙහෙවලු පටලවාගන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site