පොලිසිය අන්දන්න හදලා උසාවි යන්න වෙලා මෙය බළන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ අපූරු සිදුවීමකි. කිසියම් පුද්ගලයකු හදිසියේම බළන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති දමිත් ජයකොඩි මහතා හමුවීමට පැමිණියේය. 04 April 2018
දිය නෑ කත වීඩියෝ කළ එක්දරු පියාට කූඩුවේ ළගින්න වෙලා තරුණ කාන්තාවක් දිය නාමින් සිටින අයුරු ඉනිමගකට නැග ජංගම දුරකථනයකින් පටිගත කළ බව කියන අයෙක් ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 03 April 2018
අප්‍රේල් මෝඩයකුගේ ඇමතුමෙන් කතක් විලාප දී ජංජාලයක් අප්‍රේල් පළමුවැනිදා හෙවත් මෝඩයින්ගේ දිනය ලෙස නම් කෙරුණු ඊයේ (1) දිනයේ උදේ රැයින්ම දොම්පේ ප්රදේශවාසියකු එම ප්‍රදේශයේම වෙසෙන තම පුංචි අම්මා කෙනකුට දුරකතන ඇමතුමක් දෙමින් ලොකු අම්මා දැන් ඇම්බියුලන්ස් එකෙන් ගෙනියනවා අපිත් මේ පස්සෙන් යනවා” යැයි දුරකතන ඇමතුමක් දීමෙන් ඇමතුම ලැබුණු තැනැත්තිය එකවර විලාප දෙමින් කෑ ගැසීම නිසා අසල්වැසියන් පවා මහත් කලබලයට පත්වී දුව ආ සිද්ධියක් වාර්තා වේ. 02 April 2018
මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්නයට තාත්තාගෙන් අහලා කියන්නම් කියලා නවක මන්ත්‍රීවරියකගෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී තාත්තාගෙන් අහන්න ඕනේ යැයි පැවසීමේ සිද්ධියක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකින් වාර්තාවේ. 31 March 2018
මෝහිණී නැටුමෙන් තරුණිය අඩස්සියේ ඇයට ඔහු තම සිහින කුමරා ලෙස පෙනීමත් ඔහුට ඇය මෝහිනියක ලෙස පෙනීමක් නිසා තරුණියකට නිවාස අඩස්සියකට වී සිටීමට සිදුවීමේ පුවතක් කටුගස්තොට තදාසන්න ගම්මානයකින් වාර්තාවේ. වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය මෙසේය. 30 March 2018
රු. 3000 ක් ගෙවා කොටුවෙන් ගම්පහට දුම්රියේ ගිහින් සිදුවූ පුංචි අත්වැරැද්දක් හා නිවැරදි අන්දමින් හඳුනා ගැනීමට ක්‍රමවේදයක් නොතිබීම නිසා කොළඹ කොටුවේ සිට ගම්පහ බලා යාමට දුම්රිය මගියකුට රුපියල් 3360ක මුදලක් ගෙවා ගමනාන්තයට යෑමට සිදුවූ පුවතක් පසුගියදා ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා විය. 29 March 2018
වරකා කියා වැල විකුණා පොලිසිත් ගිහින් වරකා කියා වෙළෙන්දකු රවටා වැල විකුණා මුදල් ලබාගෙන පැන ගිය පුද්ගලයෙකු පිළිබඳව පුස්සැල්ලාව ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය වාර්තා වූ අන්දමට එම අකරතැබ්බයට මුහුණපා ඇත්තේ නුවරඑළිය මාර්ගය අයිනේ පලතුරු කඩයක හිමිකරුවෙකි. 28 March 2018
බලු රංචුවක් ජාතිවාදය අවුස්සන්න හදලා ජාතිවාදය අවුස්සා විශාල විනාශයක් වීමට ගිය සිද්ධියක් සී.සී.ටී.වී කැමරා දර්ශන තුළින් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි හතරලියද්ද පොලිසිය කියයි. 27 March 2018
මස් බැදල කාලා රස්සාවටත් තට්ටු වෙලා එය කොළඹට නුදුරු නිර්මාංශ හෝටලයකි. එහි සේවකයින් දිනක් තම සේවක මිතුරෙකුගේ උපන් දිනය සැමරීමට කටයුතු කළේ හෝටලය වසා කළමනාකරු පිටව ගිය පසුය. සේවකයින් දෙදෙනකු පිටතට ගොස් මත්පැන් බෝතල දෙකක්ද කුකුළු මස් සොසේජස් පැකට් කිහිපයක්ද, හෝටලයේ ආරක්ෂක නිලධාරියාට හොරෙන් කුස්සියට රැගෙන ආවේ ඉනේ ගසාගෙනය. ක්ෂණිකව සොසේජස් බැද හිස් පැකට්ටු කුණු බඳුනට දැමූ ඔවුහු 26 March 2018
අතදරුවාගේ ඇඳුමේ හංගා හිරේ ඉන්න සැමියාට තිදරු මව කුඩු ඇදලා රිමාන්ඞ් කර සිටින සැමියාට දීමට අත දරුවකුගේ ඇඳුමේ හංගාගෙන හෙරොයින් රැගෙන පැමිණි බව කියන තිදරු මවක් හෙරොයින් ග්‍රෑම් එකොළහක් සමග කොල්ලුපිටිය උත්තරානන්ද මාවතේදී (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 24 March 2018
සභාපති එළවන්න ආ ප්‍රා.සභා මන්ත්‍රීට නියම ගේමක් දීලා ප්‍රාදේශීය සභාවට පත් කිරීමට නියමිත සභාපතිවරයකුට එරෙහිව ගෙන ඒමට නියමිත දෝෂාභියෝගයට සහයෝගය ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු සොයා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුට අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවීමේ පුවතක් වයඹ පළාතෙන් වාර්තා විය. 23 March 2018
හෙදිය දරුවාගේ තුවාලයක් නැති ඇඟිල්ලට බෙහෙත් දාලා සබරගමුව පළාතේ රජයේ රෝහලකි. දෙහැවිරිදි දරුවකු සිය පියා සමඟ රෝහලට ගියේ ඇඟිල්ලේ වූ තුවාලයකට බෙහෙත් දමා ගැනීමටය. දරුවා තුවාලයට බෙහෙත් දමන විට සිනාමුසු මුහුණින් සිටියේය. 22 March 2018
මී මැස්සන් ඇනලා කුකුළු හොරා ඇඳුමත් නැතුව දුවලා කුකුළු හොරකමේ පැමිණි කුකුළු හොරෙකුට සිය දෙනෙකුගෙන් පමණ එල්ලවූ හදිසි ප්‍රහාරයක් හේතුවෙන් කරතියාගෙන පැමිණි කුකුළන් පමණක් නොව තම ඇඳිවත ද දමා පළා යෑමට සිදුවීමේ පුවතක් දුම්බර වතු ආශ්රිත ගම්මානයකින් වාර්තා විය. 21 March 2018
දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා රුපියල් හැට දහසක් පමණ වටිනා එළ වැස්සියක සොරා ගෙන ගොස් කොණ්ඩයේ ආලේප කරන කළු පැහැති ඩයි වර්ගයක් ආලේප කොට නිවෙසක පිටුපස බැඳ තබා සිටියදී එළ වැස්සිය හා නිවෙස් හිමියා සැකපිට අත් අඩංගුවට ගත් බව ගිරිබාව පොලීසිය කීය. 20 March 2018
විදේශිකයාගේ මරණයෙන් පොලිසියත් හොල්මන් වෙලා කිසියම් පිරිසක් විසින් විදේශිකයකු මරා දමා ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා ලද පණිවිඩයක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන්ට විදේශ පක්ෂියකු මැරී සිටින අයුරු දැක ගත හැකි වීමේ සිද්ධියක්.... 19 March 2018
හොඳ දේටත් වැට බැඳලා රජයේ පාසලක ප්‍රාථමික අංශයේ ඉගෙන ගන්නා සිසු සිසුවියන් හතළිහකි. සියලු දෙනාම වැලි සෙල්ලම් කර ඉන්පසු පැමිණියේ උදෑසන තම ආහාර ගැනීමටය. එක් එක් සිසුහු ආහාර ගැනීමට පෙර අත් සෝදා සූදානම් වූහ. 17 March 2018
ගෝලයාගේ ‘පට්ට’ වාක්‍යයට ගුරුතුමී හොල්මන් එක්තරා පාසලක 4 ශ්‍රේණියේ ගුරුතුමිය දරුවන්ට ලබාදුන් සිංහල විෂයේ පැවරුමකට එක්තරා සිසුවෙක් ලියා තිබූ අමුතුම ආකාරයේ නාම විශේෂණ පදයක් පිළිබඳ පුවතකි. 16 March 2018
සම්බන්ධීකරණ කමිටු රැස්වීම දා ධීවර අධ්යක්ෂ මංගල පෝරුවේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නොපැමිණ සිටි ධීවර පරීක්ෂකවරයා සම්බන්ධව ධීවර රාජ්‍ය ඇමැතිවරයා දිස්ත්‍රික් ධීවර අධ්යක්ෂවරයාගෙන් දුරකථනයෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ ධීවර පරීක්ෂකවරයා මේ අවස්ථාවේ මංගල පෝරුවේ සිටින බවයි. 15 March 2018
හොරු දැක්කාම සිනා ගිහිල්ලා නිවසකට රැගෙන ආ බඩු මල්ලක් රිළවුන් විසින් රැගෙනයනු ලැබීමේ පුවතක් පුස්සැල්ලාව අටබාගේ ප්‍රදේශයෙන් වාර්තා විය. 14 March 2018
මිතුරන්ට සලකන්න ගිහින් නවක සිසුවාට තරු පෙනිලා එය උඩරට ප්‍රදේශයේ මිශ්‍ර පාසලකි. උසස් පෙළ පන්ති සඳහා අලුත් සිසුන් පැමිණීමත් සමඟම ඔවුන් දැන හඳුනා ගැනීමට පැරණි සිසුන් තුළ ඇති වූයේ මහත් උද්යෝගයකි. ඔහු පාසලට අලුතින් පැමිණි තරමක් නිහඬ ශිෂ්‍යයෙකි. 13 March 2018
හොරෙන් පොල් කඩා අහුවුණාම කුලියත් ඉල්ලලා හොරෙන් පොල් කඩා අයිතිකරුට අසුවීමෙන් පසු සමාව ඉල්ලා සමාව ලැබුණු පසු ගස් දෙකක පොල් කැඩීම සඳහා කුලිය දෙන්නැයි ඉල්ලූ සොරෙකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා වාර්තාවිය. 12 March 2018
කන කැසූ රියැදුරාට දඩ කොළයක් දෙන්න හදලා මාතලේ සිට කොළඹ බලා ගමන් කළ බස් රථයකි. එහි රියැදුරා මැදිවියේය. ඉතා සංයමයෙන් රිය පැද වූ ඔහු මගීන්ගේ සිත් ගත්තේය. නිට්ටඹුව නගරය පසුකර යද්දී එහි ගොඩ වූ මගියකු මේ රියැදුරාගේ කල්ක්‍රියාව දෙස බලා සිටියේ සතුටු සිතිනි. වෙනත් කිසිදු රියකට අවහිර නොකර සාමාන්‍ය වේගයෙන් ඔහුගේ රිය පැදවීම මේ මගියාගේ විශේෂ අවධානයට ලක්වූයේය. 10 March 2018
අනියම් බිරියගේ ගෙදරටම ඇවිත් ඇතිවෙන්න ගුටි කාලා තරුණ කාන්තාවකගේ නිරුවත් පින්තූර ලබාගෙන එය සමාජජාල වෙබ් අඩවියට මුදා හරින බවට තර්ජනය කළ පුද්ගලයකු කාන්තාවගේ නිවෙසට ගෙන්වා ගෙන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණ අඹු-සැමි යුවළක් පෙරේදා (7) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. අතින් පයින් පහරදීමෙන් තුවාල ලබා ඇති පුද්ගලයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මොහු දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන තිබේ. 09 March 2018
අනංගයා උඩින්ම ගිහින් ගෑනු නාන තැනකට නිරුවතින්ම වැටිලා කාන්තාවන් නාන අයුරු බලා සිටීමට ගොස් අමාරු වේ වැටුණු පුද්ගලයකු පිළිබඳ නගරබද ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය. ඔහු අවිවාහක තරුණයෙකි. 08 March 2018
රටගිය බිරියගේ යෝජනාවෙන් සැමියා පොලිසි ගිහින් විදේශ ගත වී සිට පැමිණි බිරිය තම සැමියාට සරම වෙනුවට කලිසම අඳින්නට යැයි බල කිරීම නිසා ඊට උරණ වූ සැමියකු පුස්සැල්ලාව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළේය. ඔහු මැදරට ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයෙකි. වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය. 07 March 2018
ඉස්සොත් එක්ක රන්මාලයත් අතුරුදන් ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි දුෂ්කර ගමක පදිංචි එකම පවුලේ සහෝදරියන් තිදෙනාත් වැඩිමහල් සහෝදරියගේ සැමියාත් ගාල්ල නගරයට පැමිණියේ අකුරැස්සේ උත්සවයකට යාම සඳහාය. ඔවුන් ගාල්ල බස් නැවතුම්පළෙන් බසින විට වේලාව උදෑසන නමයට පමණ ඇත. ඔවුන් සිව් දෙනාම මැදි වයස ඉක්මවූවෝ වෙති. බාල සහෝදරියට අතේ බැඳගෙන යාමට ඔරලෝසුවක් අවශ්‍ය වූවාය. 06 March 2018
චිත්‍රපටයේ නම දැකලා අධ්‍යක්ෂක හොල්මන්වෙලා කෙටි චිත්‍රපට උළෙලක් සංවිධානය කිරීමට කටයුතු ආරම්භ කළේය. මේ සඳහා ජනප්‍රිය පාසලක ගුරුවරයකු තම නිර්මාණ හැකියාව උරගා බැලීම සඳහා යුහුසුළුව කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. 05 March 2018
පෙමට වළ කැපුවැයි යකා නැගලා: බසයකදී තරුණියකගෙ කොණ්ඩය කපලා තම ප්‍රේම සම්බන්ධය කඩා බිඳ දැමූ බව කියන තරුණියගේ හැඩ හුරුකම් ඇති තරුණියක් දුටු 19 හැවිරිදි තරුණයකු බස් රථයකදී කතුරකින් ඇයගේ කොණ්ඩයෙන් අඟල් 19 ක කොටසක් කපා දමා ඇති අතර පයාගල පොලිසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 02 March 2018
කට්ටඬියාගේ උප්පරවැට්ටිය අතේ මාට්ටු වෙලා කොළඹ නගරයට නුදුරු පෙදෙසක නිවැසියෝ තම නිවසට කිසිවකු හදිහූනියම් කළැයි බලවත් විශ්වාසයකින් සිටියහ. එකිනෙකාගෙන් මේ ගැන කියමින් තොරතුරු විමසුවේ හොඳ කට්ටඬියකු සොයාගෙන හූනියම කපන අදහසිනි. ඔවුනට ලැබුණු තොරතුරු අනුව නිවසේ මූලිකයා සබරගමුව පළාතේ කට්ටඬියකු හමුවිය. නිවසට කිසිවකු හූනියමක් කර ඇති බවට තමන්ට ඇති සැකය ගැන ද කියූ ඔහු තම නිවසට ශාන්තියක් කර දෙන්නැයි ඉල්ලා සිටියේය. 01 March 2018
මහදැනමුත්තා යළිත් ඉපදිලා කන්ද උඩරට පදිංචි ඔහු බැංකු නිලධාරියෙකි. මේ දිනවල සිය විවාහයට කඩිමුඩියේ ලක ලැහැස්ති වෙන ඔහුගේ මනාලිය වූයේද එම ප්‍රදේශයේම බැංකුවක සේවය කරන තරුණියකි. 26 February 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026