(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
කුකුළු හොරකමේ පැමිණි කුකුළු හොරෙකුට සිය දෙනෙකුගෙන් පමණ එල්ලවූ හදිසි ප‍්‍රහාරයක් හේතුවෙන් කරතියාගෙන පැමිණි කුකුළන් පමණක් නොව තම ඇඳිවත ද දමා පළා යෑමට සිදුවීමේ පුවතක් දුම්බර වතු ආශ‍්‍රිත ගම්මානයකින් වාර්තා විය. 
සිදුවී ඇති සිද්ධිය සැකෙවින් මෙසේය. එම නිවැසියන් ඇති කරන කුකුළන්ගේ කූඩුව පිහිටා ඇත්තේ නිවස ආසන්නයේ පිළිකන්නයේය. දිවා කාලයේ කෑම සොයා ඔබමොබ යන කුකුළන් සවසට කූඩුවට ඒම සාමාන්‍ය සිරිතකි. එදින රාත‍්‍රියේ එහි පැමිණි කුකුළු හොරෙකු එහි දොර කඩා ඇතුළුවී හොඳ පෙනුමැති කුකුළු නාම්බන් හත් අට දෙනෙකුම ගෝනියක දමා කිසිදු බාධාවකින් තොරව පළා යෑමට සැරසී ඇත්තේ එදින ප‍්‍රදේශය පුරා පැවති මොර සූරන වර්ෂාව නිසාය.කෙසේ නමුත් සිත් සතුටින් එසේ යන කුකුළු සොරා එක්වරම පෙට්ටියක වැනි දෙයක වැදීමක් සමඟම ක්ෂණයකින් ඔහුට දැවැන්ත මී මැසි ප‍්‍රහාරයක් එල්ලවී තිබේ.
කරකියාගත නොහැකි වූ කුකුළු හොරා තමා ගෝනියක දමා කරතියාගෙන රැුගෙන යමින් සිටි කුකුළන් පමණක් නොව ඇඳ සිටි ඇඳිවත ද දමා පළා යෑමට සිදුවූයේ එල්ලවූ මී මැසි ප‍්‍රහාරයේ දරුණුකම නිසාය.පසුදා අලූයම නිවැසියන් තම කුකුළු කූඩුව සොරකු බිඳ දමා ඇති බව දුටුවද ඔහුට ගෙවත්තේ ඇති කරන මී මැස්සන්ගෙ න් අමතක නොවන පාඩමක් ලැබී ඇති බව ද ඔවුනට වැඩිදුරටත් දැකගැනීමට හැකිවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම රසවත් ප්‍රියජනක සහ සිනහ උපදවන පුවතක්. අලංකාර ලෙස ඉදිරිපත් කොට තිබෙනවා. පුවත්පත් කලාව නැමති අංශයෙන් මිනිසුන් සිනහ ගැස්සවීම බොහොමත්ම අමාරු ක්‍රියාවක්. එය අපූරුවට ඉටුකොට තිබෙනවා. කාටූන් චිත්‍රයත්, පසුබිමත් අගෙයි.
සියලු කුකුලන් ඇතිකරන්නන් වෙතයි !! ඔබගේ කුකුලන් ආරක්ෂාකිරීම සඳහා මීමැස්සන් ඒ අවට ඇතිකිරීමෙන් අදායම දෙගුණ තෙගුණ කර ගත හැකිය.
පට්ටපල් බොරුවක්. මී මැස්සෝ රෑට ක්‍රියා ශීලි නැහැ.
මී මැස්සෝ ක්‍රියාශීලී නැත්නම් කව්ද කළුවරට ක්‍රියාශීලි?
මී මැස්සෝ රෑට ක්‍රියාශීලි නැහැ.කියල තමයි මාත් අහලා තියෙන්නේ