(පුස්සැල්ලාව - නිහාල් කරුණාරත්න)
විදේශ ගත වී සිට පැමිණි බිරිය තම සැමියාට සරම වෙනුවට කලිසම අඳින්නට යැයි බල කිරීම නිසා ඊට උරණ වූ සැමියකු පුස්සැල්ලාව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළේය. ඔහු මැදරට ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයෙකි. වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය.

එම යුවළ වත්තේ කුලී වැඩ කරමින් ජීවත් වූ අය වෙති. ජීවත් වීම සඳහා වැඩි මුදලක් උපයා ගැනීමට බිරිය පසුව විදේශ ගත වී තිබේ. මැද පෙරදිග ගෘහ සේවිකාවක ලෙස කටයුතු කළ ඇය වසර කීපයක් ගත වීමෙන් පසු නිවසට පැමිණියාය. තරමක් මොඞ් වී සිටි ඇය තම ස්වාමියාට ද සරම වෙනුවට කලිසම අඳින්නට යැයි පවසා ඇත. එහෙත් තමන්ට හුරු පුරුදු සරම වෙනුවට කලිසම අඳින්නට එම පුද්ගලයා අකැමැත්ත පළ කර තිබේ. එම නිසා දෙදෙනා අතර ආරවුලක්ද හටගෙන තිබුණි. තම බිරිඳගේ කරච්චලය නිසා උරණ වූ එම පුද්ගලයා පුස්සැල්ලාව පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් කළේය.
පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති සරත් බණ්ඩාර පලිපාන මහතාගේ උපදෙස් මත එම බිරිය හා සැමියා පොලිසිය වෙත ගෙන් වූ අතර එහිදී සුළු පැමිණිලි අංශයේ පොලිස් සැරයන් නිශාන්ත මහතා දෙදෙනා සමගි කොට පවුල් ජීවිතය සඳහා සැමියා සරම අඳින එක ප්‍රශ්නයක් කර නොගන්නා ලෙස කියා බිරියට අවවාදයක් දී ඇත.
2025 දෙසැම්බර් මස 16
33
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රටගිය බිරියගේ යෝජනාවෙන් සැමියා පොලිසි ගිහින්
Sha Wednesday, 07 March 2018 10:11 AM
අය්යෝ ,ඕක මොකක්ද... බොහෝ නිවෙස්වල ,බිරිඳ තමයි ගෙදර කලිසම අඳින්නේ. මේ අදහසට බොහෝ දෙනෙක් අකමැත්ත ප්‍රකාශ කලත් ,ඇත්ත තත්වය ඕකයි.
pakeer Wednesday, 07 March 2018 02:47 PM
මේ පිරිමි මනුස්සයා එක අතකින් සන්තෝස වෙන්න ඕනේ. මොකද ඒ ගෑණු කෙනා වෙන මිනිස්සු එක්ක යන්නේ නැතිව, එයාගේ මනුස්සයව ම ටිකක් මොඩ් කරගන්න හදන එක ගැන. හුඟක් අය එහෙම නැහැ. තමන්ගේ මිනිහ හරි... නැත්නම් යන්නේ වෙන මිනිස්සු හොයා ගෙන තමයි.
janahitha Thursday, 08 March 2018 10:44 PM
යහපත් පවුල් ජිවිතයට ඇදුම නොවෙයි වැදගත් වෙන්නේ , දෙදෙනාම අවබෝධයෙන් යුතුව සතුටින් ජිවත් වීමයි. රට ගියා කියල අපි ඉන්නේ කොතනද කියල අමතක කරන්න එපා.
bandara Sunday, 11 March 2018 01:04 PM
ඉතින් යන්නේ අමතක කරන්න ඕනේ හින්ද නේ... ජයන්ත මොනවා කියනවද මන්ද...