IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිසිය අන්දන්න හදලා උසාවි යන්න වෙලා

(බළන්ගොඩ විශේෂ - වයි.ඒ.එස්. වීරවංශ සහ රාස්සගල - සම්පත් ප්‍රියනන්දන)
මෙය බළන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ අපූරු සිදුවීමකි. කිසියම් පුද්ගලයකු හදිසියේම බළන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති දමිත් ජයකොඩි මහතා හමුවීමට පැමිණියේය.  


“සර් මගේ ලොරිය ඉන්ධන පිරවුම්හල අසල නතර කරලා තේ බොන්න ගියා එනකොට ලොරිය නැහැ.” ඔහු කීවේය. 
“යමු බලන්න.” පොලිස් පරීක්ෂකවරයා පැමිණිලිකරු සමඟ ඉන්ධන පිරවුම්හල දෙසට ගියේය. පැමිණිලිකරු පොලිස් පරීක්ෂකවරයාගේ පිටුපසින් පැමිණියේය. පොලිස් පරීක්ෂකවරයා පසුපස හැරී බලනවිට පැමිණිලිකරු ගීතයක කොටසක් මුමුණමින් සිනාසෙමින් එන අයුරු පොලිස් පරීක්ෂකවරයාට දක්නට ලැබිණි. ඔහු එය ගණන් නොගෙන ඉන්ධන පිරවුම්හලේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කළේය. ඔහු කී කතාව සැබෑවකි. 


ලොරියට වෙනත් පුද්ගලයෙකු නැග එය රැගෙන යන අයුරු සී.සී.ටී.වී කැමරා පද්ධතියේ පෙන්නුම් කරයි. එහෙත් පැමිණිලිකරු ලොරිය නතර කර එයින් බැස යන ආකාරයක් කැමරා පද්ධතියේ සටහන් වී නොමැත. එය පොලිස් පරීක්ෂකවරයාට ගැටලුවකි. පැමිණිලිකරු සමඟ නැවත පොලිස් ස්ථානයට පැමිණ ඔහුගෙන් ප්‍රශ්න කළේය. තමුන් ඇත්ත නොකිව්වොත් වැඩ වරදියි. 


“අනේ සර් ඇත්තටම මම ලොරිය ඊයේ සවස ෂෙඞ් එක ළඟ නතර කළා. මම ලොරියෙන් බැස්සේ නැහැ. අනෙක් පැත්තට මාරු වුණා. යාළුවෙක් ඇවිත් අනිත් පැත්තෙන් රියදුරු අසුනේ වාඩිවෙලා ලොරිය බලපත්‍ර නැති ලී ටිකක් ගේන්න වැලිගෙපොළ පැත්තට ගියා. එහිදී රාත්‍රියේ ලී තොගයත් එක්ක වැලිගෙපොළ පොලිසියට අසුවුණා. ඒ වෙලාවෙ මම ලොරියේ හිටියේ නැහැ. දැන් ලොරිය වැලිගෙපොළ පොලිසිය භාරයේ තිබෙන්නේ. මම වැඩිය කල්පනා කරන්නේ නැතිව තමයි ලොරිය නැති වුණා කියලා බොරු පැමිණිල්ලක් කළේ.” 


“තමුන් කරලා තියෙන්නේ බරපතළ වරදක්. බොරු පැමිණිල්ලක් දැමීම යටතේ නඩු පවරනවා” යැයි පොලිස් පරීක්ෂකවරයා කීවේය. ඊට අමතරව ලොරිය උපයෝගී කරගෙන බලපත්‍ර නොමැතිව ලී ප්‍රවාහනය කිරීමේ වරදට ද වැලිගෙපොළ පොලිසියෙන් ඔහුට විරුද්ධව නඩු පැවරීමට ද කටයුතු කර තිබිණි.

 



අදහස් (0)

පොලිසිය අන්දන්න හදලා උසාවි යන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 603 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site