වැරැද්ද හරිගස්සන්නත් අවුරුදු තරගයක් සංවිධායකයින්ට සිදුවූ අත්වැරැද්දක් නිසා ග්‍රීස් ගසේ කොඩිය ගැලවීමේ තරගය වෙනස් කරන්නට සිදුවූ පුවතක් පසුගියදා බස්නාහිර පළාතේ ගම්මානයක පැවති අවුරුදු උත්සවයකදී වාර්තා විය. 14 May 2018
ත්‍රිරෝද රියැදුරා වෛද්‍යවරයකු වෙසින් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ‘අනඟ පාට්’ දාලා පවුල් සෞඛ්‍ය සේවිකාවක සමග සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ අරමුණින් වසර තුනක පමණ කාලයක සිට වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ත්‍රිරෝද රථ රියැදුරකු නිතර දෙවේලේ දුරකථන ඇමතුම් ලබාදෙන පුවතක් වයඹ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකින් අසන්නට ලැබුණි. 12 May 2018
බැංකු පෝලිමේ ඔත්තුවට පිරවුම්හලට අපූරු උපදෙසක් තෙල් වැඩිවන ආරංචියට ඉන්ධන පිරවුම්හලේ පොම්ප වහන්නැයි ඉන්ධන හල් හිමිකරු ජංගම දුරකථනයෙන් ගෝලයන්ට දැනුම් දීමේ අපූරු සිද්ධියක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා විය. 11 May 2018
හිතේ හොරයක් මතුවී පොලිසියත් අමාරුවේ දාලා පැරණි පන්නයේ නිවසකි. වසර හැට හැත්තෑවක් පැරණි නිවස එකම වේ ගුලක් වී ඇත. සාලය කාමර මෙන්ම කුස්සිය ද වේයන්ගේ තුඹස් නිසා නිවස විනාශ වෙමින් පවතී. 10 May 2018
බබාලා නැත්නම් බංකු මොකටද ? වයඹ පළාතේ ප්‍රසිද්ධ පාසලකි. පාසලේ ප්‍රාථමික අංශයන් සඳහා වාර්ෂික අධ්‍යාපන චාරිකාවක් යෑමට සියලු කටයුතු පාසලේ ඇදුරු මඩුල්ල විසින් සූදානම් කරනු ලැබීය. 09 May 2018
පත්තරේ බලන්න ඇවිත් නිරුවතින් නාගෙන රජවරුන් ගැවසුණු පෙදෙසක ගැමියෙකි. මැදිවිය පසු කළ මේ ගැමියා දිනපතා පුවත් පත් බැලීමට ලොල්වූවෙකි. කිසිදා පුවත්පතක් මිලදී ගන්නේ නැත. අනුන්ගෙන් ඉල්ලාගෙන බැලීම සිරිතය. ඒ මුදල් හදල් නැතිකම් නිසා නොවේ. කුම්මැහිකම උපතින්ම ගෙනාවෙක් නිසාය. 08 May 2018
කොත්තු බාස් හෝටලේ මුදලාලිත් වැඩට අරන් රජරට එක්තරා නගරයක හෝටලයකි. මෙහි මුදලාලි කොත්තු ගැසීමට බාස් කෙනකු කැඳවාගෙන ආයේ කන්ද උඩරට පෙදෙසිනි. 07 May 2018
විදුලි කාර්මිකයා ඡන්දෙන් පරාද වූ දුකට අතරමග නැවතූ වයරින් වැඬේට ගිහින් නෑ රජරට වැසියෙක් නව නිවෙසක් ඉදිකර එහි වයරින් කිරීමේ කටයුතු විදුලි කාර්මිකයකුට බාර කළේ පසුගිය වසරේ අග භාගයේ දිනකය. මාසයක් දෙකක් ගත වෙද්දී වැඩ කටයුතු කෙමෙන් කෙමෙන් අවසන් කෙරිණි. ජනවාරි අග වෙද්දී ඉතිරිව තිබුණේ වැඩ කටයුතු ස්වල්පයකි. 05 May 2018
විශ්‍රාම ගියදා අයිස්ක්‍රීම් හොද්දක් ගෙදර ගෙනිහින් ඇය දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයක රජයේ පරිපාලන කාර්යාලයක රැකියාවක් කළාය. එහෙත් පදිංචිය එම නගරයේ සිට සැතපුම් හැට හැත්තෑවක් දුරිනි. මේ නිසා ඇය රැකියාව කළ අවටින් නවාතැනක් සොයා ගත්තාය. කාර්යාලයේ ඇය සේවය කළ කුඩා කොටසේ සිටියේ තුන් හතර දෙනකු පමණක් වූ අතර ඇය බොහෝවිට තනිවම සිටීමට කැමැත්තක් දැක්වූවාය 04 May 2018
හොරා අල්ලන්න ගිහින් බිරියත් මාට්ටු වෙලා හොරා මට්ටු කරන්න ගොස් තමන් මට්ටු වූ පුවතක් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ නගරයක් ආසන්නයෙන් ‘ලංකාදීප’යට වාර්තා වේ. එය ප්‍රසිද්ධ නගරයක් ආසන්නයේ පිහිටි උපකාරක පංති පවත්වන ස්ථානයකි. එහි හිමිකරුවන් ද වෙසෙන්නේ එම ස්ථානය ආශ්‍රිතවමය. 03 May 2018
දේව මෑණියන්ගේ අපූරු හොරකම කැමරාවෙන් එළියට දේව මෑණියන්ගේ ෆෝන් කාඞ් හොරකම සීසීටීවී කැමරාවෙන් හසු වූ පුවතක් වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම දේවාලය පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයක් ආසන්නයේය. ගමේ පිරිස් මේ දේවාලයෙන් එතරම් වැඩක් ගත්තේ නැතත් පිට ගම්වලින් වැඩ කරගන්නට එන පිරිස විශාලය. ඒ නිසා අතමිටත් ගජරාමෙට සරුය. තම නිවස ඉදිරිපිට ඇති වෙළඳසලට දිනක් යන මෙම දේව මෑණියෝ එම වෙළෙඳසලේ සිටි අයගෙන් නිවසට අවැසි කළමනා ඉල්ලති. 02 May 2018
‘මගුල් කෑම’ දැකලා තාත්තාට යකා නැගලා ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක කනිෂ්ඨ විදුහලක පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවෙකි. ඉගෙනීමට දක්ෂ වුණත් නගරයේ උපකාරක පංතිවලට හෝ නගරයේ පුස්තකාලවලට යාමට හැකියාවක් තිබුණේ නැත. 01 May 2018
මිරිස් කරලෙන් හොරේ අල්ලා බිරිය තරුණයකුට දන් දීලා වියළි මිරිස් කරල් කිහිපයක උපායකින් තම බිරියගේ සොර සැමියා අතටම අල්ලාගෙන බිරිය සමඟ සොර සැමියාද බිරියගේ මවුපියන්ට බාරදුන් පුද්ගලයකු පිළිබඳව කන්ද උඩරට ගම්මානයකින් වාර්තාවේ. 30 April 2018
දුරකතන පෙම මෝදුවී මාලයෙනුත් වන්දි ගෙවලා දුරකතන පෙමක පැටලුණු උසස් පෙළ සිසුවියකට ඇගේ ගෙල බැඳි රන්මාලයෙන් පෙම්වතාට වන්දි ගෙවීමට සිදුවූ පුවතක් අම්බලන්තොට පොලිසියෙන් වාර්තා වේ. 28 April 2018
ඇඬීමේ තරගයෙන් පස්සේ බිඳුණ පෙම ආයෙත් ලියලලා අවුරුදු උළෙලක ඇඬීමේ තරගයකදී පහළ වූ ගණදෙවි නුවණක් නිසා විරසක වූ ප්‍රේමයක් යළි ලියැලීමේ පුවතක් කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 27 April 2018
පෙම්සුව විඳින්න ගෙදරට ගෙන්වාගත් අනියම් සැමියා දේපළ ගිනි තබා පැන ගිහින් පෙම් සුව විඳීමට රාත්රියේදී නිවෙසට හොර රහසේ කැඳවාගෙන ආ අනියම් සැමියා ඇයගේ නිවෙසේ තිබූ දේපොළවලට ගිනි තබා පලා යාම හේතුවෙන් නිවෙසේ තනිව වාසය කළ 35 වියේ පසුවන කාන්තාවක් අසරණ තත්ත්වයට පත්ව ඇති පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා වේ. 26 April 2018
මැරතන් ධාවකයන්ට උදව් කරන්න ගිහින් සරමත් නැතිවෙලා අවුරුදු උළෙලක ගම හරහා දිවීමේ තරගයක තරගකරුවන්ට සහයට පැමිණි පුද්ගලයකුට තම සරමද අහිමිවීමේ පුවතක් කඳුරට ගම්මානයකින් වාර්තා විය. 25 April 2018
නැන්දම්මා බේත් ගේන්න ගිය අතරේ බෑණා නිවසේ දොර ජනෙලුත් ගලවාගෙන අසනීප වී ප්‍රතිකාර ගැනීමට ගොස් නැවත නිවසට එද්දී තම සිය බෑණා නිවසේ දොර ජනෙල් උළු වහු හා මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුව ඇතැයි මහනුවර පොලිසිය පවසයි. මෙසේ මුදල් හා දේපළ සොරා කෑමට ලක්ව 24 April 2018
කෑගහන ‘මවුසයෙන්’ නිවැසියෝ හොල්මන් වෙති කුලියාපිටියට නුදුරු තාක්ෂණය උපරිමයෙන් භාවිත කරන එක්තරා නිවසකි. ආරක්ෂිත කැමරා සවිකොට තිබූ එම නිවසේ කැමරා උපකරණයක මතු වූ යම් කාර්මික දෝෂයක් නිවැරදි කිරීමට පැමිණි කාර්මික ශිල්පියා නිවැසියන්ගෙන් පරිගණක මූසිකයක් (මවුස් එකක්) විමසා සිටිනමුත් අදාළ නිවසේ තරුණයා නොමැති හෙයින් මවුසයක් ඉල්ලා ගැනීමට යාබද නිවසට යාමට සිදුවිය. 23 April 2018
බක්මහ උළෙලේ පහන පත්තු කරන්න ගිහින් ජංජාලයක් (වියලුව වාර්තාකරු) තම ගම්වාසීන් එක්ව සංවිධානය කළ බක් මහ උළෙලේ පොල්තෙල් පහන දැල්වීම සඳහා අවශ්‍ය පොල්තෙල් රැගෙන ඒමට ගිය පුද්ගලයෙකු බක් මහ උළෙල අවසන් වෙද්දී පදමට ගසා පොල්තෙලුත් රැගෙන උත්සව භූමිය වෙත පැමිණ යළිත් පොල්තෙල් පහන දැල්වීමට තැත්කරමින් උත්සව සංවිධායකයින් සමග පැටළෙන්නට උත්සාහ ගත් පුවතක් වාර්තා විය. සිද්ධිය මෙසේය. ගම්බද ප්රදේශයකි. 20 April 2018
ගස් හිමියාගේ උත්තරෙන් ලී මුදලාලි හොල්මන් වෙලා (කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර) අලුත් අවුරුද්ද සමරන්නට යහමින් මුදල් සොයාගැනීමට සිතූ වැඩට පළට කම්මැලි අයකු තම නිවෙස ඉදිරිපිට ඇති තේක්ක ගස විකුණා දැමියයුතුයැයි සිතා කිහිපදෙනෙකුටම පණිවුඩ යැවීය. පණිවුඩ කනවැටුණ බොහෝදෙනෙ 18 April 2018
අලූත් අවුරුද්ද අස්සේ ගානක් කපන ගේමක් ගහලා අවුරුදු සිරිත් විරිත් අනුව නිවෙස අලෙවි කිරීමද එක් චාරිත්රයකි. එහෙත් එය අවුරුදු නැකතට එක් පුද්ගලයෙකු එක් වරක් පමණක් කරන දෙයකි. 17 April 2018
වැරැදි තැනකට ගිහින් අලි පරිප්පුවක් කාලා (මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) වේලාව සවස පහට පමණය. මිතුරන් තිදෙනකු සේවා ස්ථානයෙන් පිටත්වූයේ නිවෙස් බලා යන අදහසිනි. දෙදෙනකු ගාල්ල බලා යන දුම්රියෙන් යා යුතු වූ අතර අනෙකා මහනුවර බලා යන දුම්රියෙන් ගමන් පහසුව සලසා ගැනීමට නියමිතව තිබිණි. තිදෙනා කොළඹ කොටුව දුම්රියපළට යාමට කතිකා කර ගත්හ. 12 April 2018
රියැදුරුත් ගෝලයාත් නාගනිද්දී 40,000ක් අන්තරස්ධාන වෙලා (කෑගල්ල - කරුණාරත්න අතුකෝරාල) එය රඹුක්කනට නුදුරු ගමකි. ගෙහිමි කාන්තාවකට තම නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා ගඩොල් තොගයක් මිලදීගැනීමට අවශ්‍ය විය. මහියංගණ ප්‍රදේශයෙන් ගෙනඑන වඩා හොඳ ගඩොල් මිලදීගත යුතු යැයි සිතූ ඇය එවැනි ගඩොල් අලෙවි කරන තැනක දුරකතන අංකය සොයාගෙන අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කර එය රැගෙන ආපසු මුදල් ගෙවන බව දැනුම් දුන්නාය. 11 April 2018
වාසනාව හොරෙන් උස්සලා අන්තිමේ දහදාහක් අතින් ගෙවලා බළන්ගොඩ ප්‍රදේශයේ තරුණයකුගේ පුරුද්දක් වූයේ නගරයේ වෙළඳ සලකින් දිනපතාම ලොතරැයි ටිකට්පත් අටක් මිලදී ගැනීමය. ටිකට් පත් මිලදී ගැනීමෙන් අනතුරුව පසු දින වෙළඳ සලට පැමිණ දිනුම් ඇද්දැයි පරීක්ෂා කිරීම ඔහුගේ සිරිතකි. 10 April 2018
බහින තැන වැරදුණු තරුණයා මිතුරන්ගේ කනෙනුත් රිංගලා මීරිගම ප්‍රදේශයේ උපන් තරුණයෙකි. විශේෂිත රැකියාවක නිරතය. රස්සාවට යාම පහසුව සඳහා මේ තරුණයා ගම්පහ ප්‍රදේශයේ නවාතැන් ගත්තේ බිරියද සමගය. උදේ හවස ගමන දුම්රියෙනි. දුම්රියේ කා සමගත් සහයෝගයෙන් යන එන මේ තරුණයා විනෝදකාමියෙක්ද විය. 09 April 2018
තමාම අලවාගත් නාග හිස සහිත පච්චය නාද්දී දැක්ක කතක් මර හඬ දීලා මැදිවියේ පසුවන දෙදරු මවකි. විනෝදයට බරය, දරුවා පාසල් ගොස් එද්දී චොකලට්ටුවක් ඉල්ලීය. ඒ සමග නාග හිසක රුව සහිත පච්චයක් තිබුණි. දරුවාට චොකලටය දුන් මව පච්චය ඇය ළග තබා ගත්තේ දරුවා එය පාවිච්චි කිරීම නොකළ යුතු දෙයක් බව දැනුණු නිසාවෙනි. 07 April 2018
පොල් ලී දහයක් ඉනේ ගහගෙන ගිහින් ගාල්ල දිසත්‍රික්කයේ කෙළවර ගම්මානයක සාත්තරකාරියක් වූවාය. ඇයගෙන් සාස්ත්ර ඇසිමට බොහෝ දෙනා පැමිණියහ. එසේ පැමිණි පිරිසෙන් වැඩි දෙනා ගමෙන් හා පිට පළාත්වලින් විය. බුලත් කොළයක් මත රුපියල් තුන්සිය දහයක් තබා ඇයගේ අතට දුන්පසු ඇය පරලවී සාස්ත්‍රය කියන්නේය. සාස්තරය කියාගෙන යනවිට ඇයගෙන් හරස් ප්‍රශ්න ඇසීම සම්පුර්ණයෙන්ම තහනම්ය. ඇය සාස්තරය අසන තැනැත්තාගේ කටට වචනදී එම තැනැත්තාගෙන්ම පිළිතුරු ලබාගෙන ඒ ඔස්සේ සාස්තරය කියාගෙන ගියාය. මේ අතර දිනක් කටකාර අයෙක් සාස්තරයක් ඇ 06 April 2018
ටේ්රලරයක් හොයන්න ගිහින් අන්තිමේ සවුත්තු වෙලා කරත්ත රස්සාවේ නිරත අයෙකි. ගොනුන් කිහිප දෙනකු ද සිටි ඔහුගේ කරත්තය අබලන් විය. අලුතින් කරත්තයක් මිලට ගන්නා අදහසක් ඔහුට පහළවූයේ ඒ අතරය. 05 April 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026