IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බක්මහ උළෙලේ පහන පත්තු කරන්න ගිහින් ජංජාලයක්

(වියලුව වාර්තාකරු) තම ගම්වාසීන් එක්ව සංවිධානය කළ බක් මහ උළෙලේ පොල්තෙල් පහන දැල්වීම සඳහා අවශ්‍ය පොල්තෙල් රැගෙන ඒමට ගිය පුද්ගලයෙකු බක් මහ උළෙල අවසන් වෙද්දී පදමට ගසා පොල්තෙලුත් රැගෙන උත්සව භූමිය වෙත පැමිණ යළිත් පොල්තෙල් පහන දැල්වීමට තැත්කරමින් උත්සව සංවිධායකයින් සමග පැටළෙන්නට උත්සාහ ගත් පුවතක් වාර්තා විය. සිද්ධිය මෙසේය. ගම්බද ප්‍රදේශයකි.

ගමේ තරුණ පිරිස වසරක් පාසා සංවිධානය කරනු ලබන බක් මහ උළෙල සඳහා මෙවරත් ඔවුන් වහ වහා සූදානම් වූවේ සියලු_ වගකීම්ද සිය කර මත පටවා ගනිමිනි. නියමිත දිනයේ උත්සවය ආරම්භ වීමට තිබුණේ සුළු මොහොතකි. ආරාධිතයින්ට දැල්වීම සඳහා තිර යෙදූ පහනක් සූදානම් කර තිබුණද පොල් තෙල් එක්කර නොතිබිණි. සිය මුදල් පසුම්බියෙන් රුපියල් සියයක මුදලක් එළියට ගත් සංවිධායකයෙකු එහි සිටි මැදි වියේ අයෙකු අත රුපියල් සියය තබා, මාමේ එහා කඬේට ගිහින් පොල්තෙල් කාලක් රැගෙන එන්නැයි ඉල්ලීමක් කළේ එම කාර්ය පැවැරීමට කිසිවෙකුත් එහි නොසිටි නිසාවෙනි. අඩ හෝරාවක් පමණ ගතවෙද්දීත් පොල්තෙල් නොලැබෙන බව දුටු පිරිසේ සිටි තරුණයෙකු යතුරු පැදියක් රැගෙන අදාළ වෙළඳසල කරා ගියද තෙල් ගෙනයාමට ආ පුද්ගලයා එහි පැමිණ නොතිබිනි.

කෙසේ වෙතත් එම සිද්ධීය බාධාවක් කර නොගත් තරුණ පිරිස පොල්තෙල් ටිකක් සොයාගෙන පහන දල්වා උත්සවය පවත්වාගෙන ගියේ සිය ගම්මානයේ ජනතාවගේද ඉහළ සහභාගීත්වය අගය කරමිනි. උත්සවයේ අවසන් භාගය ළඟා වෙද්දී පොල්තෙල් රැගෙන ඒමට ගිය පුද්ගලයාද හතර අතේ වැනෙමින් පොල්තෙල් කාලක්ද රැගෙන ක්‍රීඩාංග ණය දෙසට එනු දුටු තරුණ පිරිසක් පෙරමගට ගොස් ඔහුව පිළිගත්තේ රැස්ව සිටි පිරිසටද අපූරු විනෝදාස්වාදයක් ගෙන දෙමිනි. තරුණ පිරිසගේ පිළීගැනීමත් සමගම තවත් දිරිමත් වූ හෙතෙම වේදිකාවට ගොඩවී එහි පසෙක තිබූ පහනට තෙල් පුරවා ඔහු විසින්ම එය යළි දල්වන්නට පටන් ගත්තේ තමා පොල්තෙල් රැගෙන එන තුරු නොසිට උත්සවය ආරම්භ කළ සංවිධායක පිරිසට දෙස් දෙවොල් තබමින් හා පරුෂ වචනයෙන් බැණ වදිමිනි.



අදහස් (0)

බක්මහ උළෙලේ පහන පත්තු කරන්න ගිහින් ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 603 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site