IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


විශ්‍රාම ගියදා අයිස්ක්‍රීම් හොද්දක් ගෙදර ගෙනිහින්

උණවටුන ඩී.ජී. සුගතපාල
ඇය දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයක රජයේ පරිපාලන  කාර්යාලයක රැකියාවක් කළාය. එහෙත් පදිංචිය එම නගරයේ සිට සැතපුම් හැට  හැත්තෑවක් දුරිනි. මේ නිසා ඇය රැකියාව කළ අවටින් නවාතැනක් සොයා ගත්තාය. කාර්යාලයේ ඇය සේවය කළ කුඩා කොටසේ සිටියේ තුන් හතර දෙනකු පමණක් වූ අතර ඇය බොහෝවිට තනිවම සිටීමට කැමැත්තක් දැක්වූවාය


මේ නිසා අනෙක් අය ද ඇය සමඟ එතරම් සුහදතාවක් නොවීය. විශ්‍රාම යාමට තවත් වසර දෙකක් තිබුණත් එයට පෙර විශ්‍රාම යාමට ඇය තීරණය කළාය. නිවසේ සිට දුර බැහැරක සේවය කිරීමත් නිවසේ සහ දරුවන්ගේ කටයුතු සොයා බැලීමත් අවශ්‍ය නිසා මෙසේ විශ්‍රාම යාමට තීරණය කළ බව ඇය අනෙක් අයට පැවසුවාය. ඇයට තවත් ගැටලුවක් වූයේ ඇයගේ තනතුර ගම් ප්‍රදේශයේ කාර්යාලයක නොතිබීමය.


මේ අතර ඇයගේ විශ්‍රාම ගැන්වීමේ ලිපිය ලැබිණි. එය දැක ඇය ඉතා සතුටට පත්වූවාය. ඇය බාරයේ තිබූ සියලු භාණ්ඩ අලුතෙන් පැමිණ සිටි නිලධාරිනියට බාර දුන් ඇය වෙළඳසලකට ගොස් අයිස් ක්‍රීම් ලීටරයක් ගෙනැවිත් බෙදාගෙන කනලෙස එහිසිටි තුන් හතර දෙනාට කීවාය.


සියලු කටයුතු අවසන් වීමෙන් පසු පස්වරු හතර වනවිට ඇය විසිහත් වසරක රජයේ සේවයට සමු දුන්නාය. බෑගය අතට ගත් ඇය කබඞ් එක උඩතිබූ අයිස් ක්‍රීම් ලීටරය බැලුවාය. එහි අඩුවී තිබුණේ ඉතා සුළු ප්‍රමාණයකි. ඒ වනවිට එය තරමක් දුරට දියවී තිබිණ. එහෙත් එය තබා යාමට ඇය අකමැතිවිය. එනිසා පොලිතින් බෑග් එකකට අයිස්ක්‍රීම් බඳුන දමා ගත්තේ ගෙදර ගෙන යාමට ය.


ඇය එක් අතකින් බෑගය ද අනෙක් අතින් අයිස් ක්‍රීම් බෑගය ද එල්ලාගෙන බසයට ගොඩවූවාය. පැය තුනක ගමනින් පසුව ඇය බසයෙන් බැස්සේ ගෙදර යාමටය. ඇය මඳක් ඔසවා අයිස් ක්‍රීම් බෑගය බැලුවාය. ඇය දුටුවේ පොලිතින් බෑගයේ පිරී තිබුණ අයිස් ක්‍රීම් හොද්දකි. ප්ලාස්ටික් බඳුණේ පියන ගැලවී එය බෑගය පුරා දියරයක් ලෙස පිරී තිබිණි.


කරගත් මෝඩකම ගැන ලැජ්ජාවට පත් ඇය අසල තිබූ කසළ බඳුනකට අයිස් ක්‍රීම් හොදි පාර්සලය දමා ත්‍රිරෝද රථයකට ගොඩවූයේ නිවෙසට යාමටය.

 



අදහස් (3)

විශ්‍රාම ගියදා අයිස්ක්‍රීම් හොද්දක් ගෙදර ගෙනිහින්

mahesh Friday, 04 May 2018 01:11 PM

ඒ සිව් දෙනාට පොඩි තෑග්ගක් දෙන්න තිබුනේ.. ඒ කාන්තාවට මොනවා වුණත්..., හිම කිරම අරන් දෙන්න තරම් කාරුණික හදවතක් තිබිලා තියෙනවා.

:       0       36

pakeer Saturday, 05 May 2018 05:11 PM

මේ වගේ අය තමයි රජයේ ආයතන වල ඉන්නේ...

:       0       60

Tharuka Sunday, 06 May 2018 07:02 AM

මේක දෙයියෝ සාක්කි එකට ගැලපෙන්නේ නෑනේ...

:       0       63

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site