IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගස් හිමියාගේ උත්තරෙන් ලී මුදලාලි හොල්මන් වෙලා

(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර) අලුත් අවුරුද්ද සමරන්නට යහමින් මුදල් සොයාගැනීමට සිතූ වැඩට පළට කම්මැලි අයකු තම නිවෙස ඉදිරිපිට ඇති තේක්ක ගස විකුණා දැමියයුතුයැයි සිතා කිහිපදෙනෙකුටම පණිවුඩ යැවීය. පණිවුඩ කනවැටුණ බොහෝදෙනෙකු ගස බලන්නට පැමිණියේ සාමාන්‍ය මිලට අඩුවෙන් ගසේ වටිනාකම තීන්දු කළ නිසාය.

කෙසේ වෙතත් ප්‍රසිද්ධ ලී මුදලාලි කෙනෙකු පැමිණ ගස බැලූ සැනින් එහි වටිනාකම හිමිකරුට ලබාදී ඒ මුදලින් අවුරුදු අවශ්‍යතා ඉටුකරග න්නා ලෙසත් අවුරුද්දෙන් පසුව ලී මුදලාලි පැමිණ ගස කපාගෙන යන බවත් කියා පිටත්ව ගොස් තිබිණ.

අවුරුදු හිසතෙල්ගෑමේ නැකත පසුවෙත්ම ලී මුදලාලි ගස කපාග න්නට වාහනයකින් පිරිසක් යවා ඇතත් නිවෙසෙහි හිමිකරු පෙන්වා ඇත්තේ නොමේරූ ගසකි. එහිදී ලී මුදලාලි කැඳවන්නට කටයුතු කළ ගස්කපන්නන් මුදලාලිටද එම නොමේරූ ගස පෙන්වීමෙන් පසු මුදලාලිට තරු විසිවිය.

මොකක්ද මනුස්සයෝ මේ වැඬේ තේරුම මම ගෙවපු ගහ කපාගන ගිහිල්ලනෙ මේක තවම පැළයක්නෙ...... යැයි ගෙහිමියාට දෝෂාරෝපණය කරන්නට විය. එය ගානකටවත් නොගත් ගෙහිමියා අම්මෝ මුදලාලි බඩුවල ගණන්..... මුදලාලිගෙ සල්ලිවලින් ළමයි තුන්දෙනාටයි අපේ එක්කෙනාටයි රෙදි අරගෙන කැවුම් උයන්න බඩුඅරගන බලනකොට සල්ලි ඉවරයි.

ඊට පස්සෙ අර පණිවුඬේ ආරංචිවෙලා ආව පල්ලෙහා මෝලෙ මුදලාලි ඒ ගානටම ගහ එවලෙම අරගෙන ගියා. ඒ සල්ලි වලින් තමයි ඉතින් අම්මලාට ඇඳුම් අරගෙන ඉතිරි වැඩ කරගත්තෙ...... මුදලාලිට ඕනනම් මේ පැළේ තව අවුරුදු 10කින් විතර කපාගන්ට යැයි ඔහු කීය.



අදහස් (1)

ගස් හිමියාගේ උත්තරෙන් ලී මුදලාලි හොල්මන් වෙලා

yasith Wednesday, 18 April 2018 06:35 AM

මේවා නම් හෙන ගොන් කතා අනේ...

:       0       120

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site