(කෑගල්ල - කරුණාරත්න අතුකෝරාල) එය රඹුක්කනට නුදුරු ගමකි. ගෙහිමි කාන්තාවකට තම නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා ගඩොල් තොගයක් මිලදීගැනීමට අවශ්‍ය විය. මහියංගණ ප්‍රදේශයෙන් ගෙනඑන වඩා හොඳ ගඩොල් මිලදීගත යුතු යැයි සිතූ ඇය එවැනි ගඩොල් අලෙවි කරන තැනක දුරකතන අංකය සොයාගෙන අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කර එය රැගෙන ආපසු මුදල් ගෙවන බව දැනුම් දුන්නාය.
ඇගේ ඇණවුමට අනුව ලොරියකින් ගඩොල් තොගය නිවසට ගෙනැවිත් එහි පැමිණි තිදෙනෙක් එකතු වී එම ගඩොල් තොගය බිමට බෑවෝය. බා අවසන් වූ පසුව එක් පුද්ගලයකු කාන්තාව වෙත පැමිණ සබන් කෑල්ලක් ඉල්ලාගෙන ගොස් රියැදුරු අතටදී ඇඟපත සෝදාගෙන එන ලෙසට දැන්වූ නිසා රියැදුරු සහ සහායකයා ළිඳ දෙසට ගියහ. ඒ අතරතුර සබන් කෑල්ල ඉල්ලාගත් පුද්ගලයා ගෙහිමි කාන්තාව වෙත ගොස් ගඩොල් තොගයට මුදල් අවශ්‍ය බව පැවසීම නිසා නිවස තුළට ගිය කාන්තාව මුදල් රැගෙනවිත් ඔහු අත තබා නැවතත් ගෙය තුළට ගියාය.
ඇඟපත සෝදා ගැනීමට ළිඳ ළඟට ගිය රියැදුරු සහ රිය සහායකයා ආපසු පැමිණ සබන් කෑල්ල නිවෙස් හිමි කාන්තාව අතටදී ගඩොල් තොගයට පොරොන්දු වූ මුදල දෙන ලෙස ඉල්ලා සිටියහ. ඇය කීවේ ලොරියේ පැමිණි ගඩොල් බෑ අනෙක් පුද්ගලයාට එම මුදල් දුන් බවය.
වටපිට බැලූ රියැදුරුට එම පුද්ගලයා අතුරුදන් වී ඇති බව පෙනී ගියේය. රියැදුරුගෙන් දැනගන්නට ලැබුණේ එම පුද්ගලයා අතරමගදී ලොරියට අත අල්ලා නවත්වා ගඩොල් තොගය ගෙනයන්නේ තම සහෝදරියගේ නිවසට බව පවසා එයට ගොඩවූ බවය. ඔහු තමන්ට උදව්වට ගඩොල් බාන බව තමා සිතූ බවද රියැදුරාගෙන් දැනගන්නට ලැබුණු අතර, ඔහු තමා කිසිදාකත් දැක නැති පුද්ගලයකු බව ගෙහිමි කාන්තාව ද කීවාය.
ඇය අර පුද්ගලයාට දී ඇති මුදල රුපියල් 40,000කි. තමන් දෙදෙනාම සොරෙකුට අසුවී ඇති බව තේරුම් ගිය නිසා අවසානයේදී ඔවුන්ට පොලිසියට යාමට සිදුවිය. එහෙත් තවමත් සැකකරුවකු සොයා ගැනීමට හැකිවී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් මෙවන් වැඩවලට පැමිණෙන අයවලුන්, ආපු වැඩේ කරලා දීලා මුදල් අරගෙන පිටත් වෙනවා මිසක්, සබන් ගාලා නාන්න ළිංවලට යන්නේ නැහැ.. අනිවාර්යයෙන් මෙයාලා හිතන්න ඇති නාලා කරලා එන්න කීවේ..., බෝජන සංග්‍රහයක් භුක්ති විඳින්නට වෙන්න ඇති කියලා. සමහර කරුණාවන්ත මිනිසුන් එහෙමත් කරනවානේ. කවදාවත් දැකපු නැති මිනිසුන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මේ කාලේ හඳුනන්නේ නැති අයවලුන්ව වාහන වලට නග්ග ගන්න එකත් භයානකයි.
ඔය පුද්ගලයා ඔය පැත්තෙන්ම අයෙක් වෙන්න ඇති. එතකොට පොලිසිය දන්නෙ නෑ.., මේ පැත්තේ මිනිස්සු ගැන. මේක ලොක්කෙකුට වුණා නම් මෙලහකට හොරා කූඩුවේ...
මේ සිද්ධිය ගැන හිතලා බලපුවාම මුදල් වංචා කල පුද්ගලයා ලොරි කාරයින්ගේම ගෝලයෙක් විය හැකි බව තේරෙනවා. ඔහු අනිවාර්යයෙන්ම තම සහෝදරියගේ ගෙදරට යන පාර රියදුරාට පෙන්විය යුතුයි නේද? මුදල් හදල් යහමින් ඇති, පොලිසිවල රස්තියාදු වෙන්න අකමැති පුද්ගලයෙකුට මේ දේ වුනා නම්, මේ ලොරි රියදුරාට මුදලින් කොටසක්වත් (සමහර විට මුළු මුදලම) නැවතත් ගෙවා ප්‍රශ්නය විසඳා ගන්න ඉඩ තියනවා. මොවුන්ට ලැබුණු ඇමතුම් ඔස්සේ පරීක්ෂණ කළොත් මේකේ ඇත්ත හොයා ගත හැකියි.
මටත් මේ වගේ සිද්ධියක් වුණා පිටකොටුවේදී. පිටකොටුව ගුණසිංහපුර කිරිහලේදී. එතැන හිටිය පිරිමි කෙනෙක් කිරිහලේ වැඩ කරනවා වගේ කිරිහට්ටියක් දුන්නා. අපි හිතුවා ඒ කඩේ වැඩ කරන කෙනෙක් කියලා. ඒ වේලාවේ මගේ අතේ තිබුණේ රු.5000/- කොලය විතරමයි. කැෂියර්ට කිව්වා මේක මාරු කරගෙන එන්නම් කියලා මගේ සල්ලි අරගෙන ගියා. අපි ටික වේලාවක් බලාගෙන හිටියා. නමුත් ඒ පිරිමි කෙනා ආවේ නැති නිසා කැෂියර්ගෙන් ඉතිරි සල්ලි ඉල්ලුවාම කැෂියර් හිතලා අපිත් එක්ක ආපු කෙනෙක් කියලා. ඒ වේලාවේ ඒ කිරිහලේ තියෙන සීසීටීවී වැඩ කලේ නැහැ. මේ සිද්ධිය වුණේ 2018.03.01 දින පෙ.ව 9.00 ට විතර. පිටකොටුවේත් මේ වගේ හොරු ඉන්නවලු. අවුරුදු කාලේ ඔක්කොම පරිස්සමින්...