IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නැන්දම්මා බේත් ගේන්න ගිය අතරේ බෑණා නිවසේ දොර ජනෙලුත් ගලවාගෙන

(පේරාදෙණිය ටි්‍රක්සි හේරත්)
අසනීප වී ප්‍රතිකාර ගැනීමට ගොස් නැවත නිවසට එද්දී තම සිය බෑණා නිවසේ දොර ජනෙල් උළු වහු හා මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුව ඇතැයි මහනුවර පොලිසිය පවසයි.

මෙසේ මුදල් හා දේපළ සොරා කෑමට ලක්ව ඇත්තේ ඉකුත් හයවෙනිදා බවත් පැමිණිලිකාරියගේ දියණියගේ දරුවන් හා බෑණා පැමිණිලිකාරියගේ නිවසේ කාමරයක ජීවත්වන බවත් පැවසෙන අතර සිද්ධිය වූදා උදෑසන 6.30 ට පමණ පැමිණිලිකාරිය ප්‍රතිකාර ගැනීම සඳහා නිවසින් පිටත්ව ගිය බව පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

නැවත සවස තුනට පමණ නිවසට ආපසු පැමිණි අවස්ථාවේදී ඇය පදිංචි නිවසට එන බෑණා පදිංචි නිවස වෙන් වීමට යොදා තිබූ දොරෙහි ඉබි යතුරු කඩා දමා නිවසට ඇතුළුවී දොර අසල බිත්තියට හේත්තු කර තිබූ කොස් දැවයෙන් නිම කරන ලද දොර උළුවහු දෙකක් හා පලු තුනකට සාදන ලද ජනෙල් දෙකක් හා නිවසේ තිබූ රුපියල් අට දහසක් පමණ වටිනා මුදල් නොමැති බව දැක ඇත. පසුව වැඩිදුරටත් කළ සොයා බැලීමේදී බෑණා විසින් ඔහුගේ නිල් පැහැ ලොරි රථයේ මෙම ජනෙල් උළුවහු ප්‍රවාහනය කළ බව අසල් වැසියන් විසින් දැක ඇති අතර බෑණා යළිත් එකී දේපළ ගෙනවිත් දෙයි යන විශ්වාසය මත පොලිසියේ පැමිණිලි නොකර ඇති අතර එම විශ්වාසය පළුදුවීම මත තම දේපළ හා මුදල් සොරාගෙන ඇති බවට ඉකුත් 22 දා තෙල්දෙණිය පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.



අදහස් (0)

නැන්දම්මා බේත් ගේන්න ගිය අතරේ බෑණා නිවසේ දොර ජනෙලුත් ගලවාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 603 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site