(මීරිගම - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කරත්ත රස්සාවේ නිරත අයෙකි. ගොනුන් කිහිප දෙනකු ද සිටි ඔහුගේ කරත්තය අබලන් විය. අලුතින් කරත්තයක් මිලට ගන්නා අදහසක් ඔහුට පහළවූයේ ඒ අතරය.
වාහන බ්‍රෝකර්කෙනකු හමු වූ හෙතෙම මගේ ට්‍රැක්ටරයක් තියෙනවා ටේ්‍රලරයක් හොයා දෙන්නැයි කීවේ විහිලුවක ස්වරූපයෙනි.
දින කිහිපයකට පසු බ්‍රෝකර් කරත්තකරු හමුවීමට ආයේය. හොඳ ටේ්‍රලරයක් තියෙනවා බලන්න යමුයි කියා කැඳවාගෙන ගියේය.
වාහන අංගණයකට ගිය ඔහු ට්‍රැක්ටර් ටේ්‍රලරයක් පෙන්වා මිල ගණන් පවසද්දී ගැණුම්කරු සිනාසෙන්නට පටන් ගත්තේය.
“මහත්තයෝ මේක මගේ ට්‍රැක්ටරයට අමුණන්න බැහැ”යි කියද්දී බ්‍රෝකර්කරු විපිලිසර වූයේය. “මම කීවේ මගේ ගොන් නාම්බා බඳින්න කරත්තයක් හොයා දෙන්නනේයි” ඔහු කී විට ‘මෙයා කරත්ත රස්සාව කරන බව මට අමතක වුණානේයි’ මිමිනූ තැරැව්කරු හීන් සීරුවේ එතැනින් මග හැර ගියේ ලජ්ජාව වසා ගන්නටය.
2025 දෙසැම්බර් මස 16
33
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටේ්‍රලරයක් හොයන්න ගිහින් අන්තිමේ සවුත්තු වෙලා