(මනෝජ් හර්ෂික)
වයඹ පළාතේ ප්‍රසිද්ධ පාසලකි. පාසලේ ප්‍රාථමික අංශයන් සඳහා වාර්ෂික අධ්‍යාපන චාරිකාවක් යෑමට සියලු කටයුතු පාසලේ ඇදුරු මඩුල්ල විසින් සූදානම් කරනු ලැබීය.
කොළඹ නගරය බැලීමට සියලු කටයුතු සූදානම් කර ගත් ගුරුවරුන් මේ සඳහා පෞද්ගලික බස් රථ හතරක් සූදානම් කළහ. සියල්ල සූදානම් කරගත් පරිදි සාර්ථකව සිදු වූ අතර ඉඩ කඩ මද වූවෙන් බංකු කිහිපක් ද එක් බස් රථයකට දැමීමට ද සිදු විය.
පෙර සූදානම් කරගත් පරිදි නැරඹීමට යොදා ගත් සියලු ස්ථාන වේලාසනින් නරඹා අවසන් වුයෙන් දරුවන් මුහුදු වෙරළ නැරඹීමට ගෙන යාමට ගුරුවරු කටයුතු කළහ.
මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් එක් බස් රථයක රියැදුරෙකු හොඳ හැටි මත් පැනින් සප්පායම් විය.
රියැදුරුගේ තත්ත්වය ගැන තේරුම් ගත් ගුරුවරු දරුවන් මෙම බස් රථයේ ගෙනයාම අනතුරකට අත වැනීමක් බව දැන ඔවුන් අනෙක් බස් රථ තුන වෙත ගෙනයාමට කටයුතු කළහ. මේ බව දැනගත් බීමත් රියැදුරු බසයේ වූ බංකු එළියට විසි කරමින් වියරුවෙන් මෙන් මෙසේ කියමින් කෑ ගැසීය. බබාලා නැත්නම් බංකු මොකටද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් විතරක් නොවෙයි. වැඩිහිටියන් හෝ කව්රු වුනත් බීමත් රියදුරන් එලවන වාහනවල ගමන් කිරීම, අනතුරුවලට අත වැනීමක් තමයි. (4 වැනි බස් එකේ ගමන් කළ අයට දෙයියන්ගේම පිහිටයි.)