රජවරුන් ගැවසුණු පෙදෙසක ගැමියෙකි. මැදිවිය පසු කළ මේ ගැමියා දිනපතා පුවත් පත් බැලීමට ලොල්වූවෙකි. කිසිදා පුවත්පතක් මිලදී ගන්නේ නැත. අනුන්ගෙන් ඉල්ලාගෙන බැලීම සිරිතය. ඒ මුදල් හදල් නැතිකම් නිසා නොවේ. කුම්මැහිකම උපතින්ම ගෙනාවෙක් නිසාය.
දිනපතා පුවත්පත ඉල්ලා ගන්නේ එක් නිවසකිනි. දිනපතා එහි යන මේ මැදිවියේ අය දුටු වහාම නිවැසියා පුවත්පත ඔහු අතට දී තමන්ගේ වැඩක් කරන්නට යන්නේ කතාවෙන් ද බේරෙන්නට බැරි නිසාය. මේ නිවැසියා ඉරිදා පුවත්පත මිල දී ගන්නේ නැත. ඒ නිසා මැදිවියේ පුද්ගලයාට ඒ සඳහා වෙනත් විකල්පයක් සොයා ගන්නට සිදුවී තිබිණි.
ඉරිදා පුවත්පත මිලදී ගන්නා ගුරුවරයෙක් ඒ අසලම සිටී. තම අවශ්‍යතාව සඳහා මේ අය යන්නේ එම ගුරුවරයාගේ නිවසටය. කලක පටන් මේ ආකාරයට කටයුතු සිදුවිය. සතියේ දිනවල දී හිතවතාගේ ගෙදරටත් සති අන්තයේ දී ගුරුවරයාගේ නිවසටත් යමින් තම අවශ්‍යතාවන් ඉටු කර ගන්නට මේ ගැමියා සමත් විය. අවිවාහක මේ ගුරුවරයා ද හුදකලාව සිටින්නෙකි.
ඉකුත් සති අන්තයක සවස් කාලයේ ගුරුවරයාගේ නිවසට යද්දී ඔහු ඉරිදා පුවත්පත බලමින් සිටියේය. එදා වෙනත් වැඩක යෙදුණු නිසා ගුරුවරයාගේ දින චරියාව තරමක් ප්‍රමාදවී තිබිණි. සර් මමත් ආවා පත්තරේ බලන්න. ගැමියා පැවසුවේය.
‘ආ අන්කල් ටිකක් ඉන්න මම පත්තරේ බලලා ඉවර නැහැ ඉක්මනට දෙන්නම්’ ගුරු භවතා පැවසීය. මේ වදන් නිසා ගැමියා කෝපයට පත්විය. ආ හොඳයි බලමුකෝ කී ගැමියා ආපසු හැරුණේය. ගුරු භවතාගේ නිවස ඉදිරිපිට නාන ළිඳ ළඟට ගියේය. පනිට්ටුවක් ද ඒ අසල තිබිණි. ඇඳ සිටි ඇඳුම් ගලවා දැමූ ගැමියා නිර්වස්ත්‍රයෙන්ම දිය නාන්නට විය. පුවත්පත බලමින් සිටි ගුරුවරයා අවේලාවේ දිය නාන තැනැත්තා කවුදැයි බැලීය. ඔහුට සියල්ල තේරුම් ගියේය.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව බාගෙටද දාලා තියෙන්නේ? මෙතන පත්තරේ දාන්න තරම් දෙයක් නෑනේ.
මේ කථාවේ තේරුම නෑ...............
මේ කතාවේ තේරුමක් තියෙනවා. අපේ ජාතියට තියෙන ලෙඩක්. අනුන්ගේ දේ නිකම් ගන්න හදනවා මදිවට ඒකත් තරගයෙන් තමයි ගන්න හදන්නේ. මේ කතාව ඇත්ත නම් මේ මිනිහව පොලිසියටයි නාන්න අරින්න ඕනේ...