(බිංගිරිය වික්ටර් සෝමවීර)
පවුල් සෞඛ්‍ය සේවිකාවක සමග සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ අරමුණින් වසර තුනක පමණ කාලයක සිට වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ත්‍රිරෝද රථ රියැදුරකු නිතර දෙවේලේ දුරකථන ඇමතුම් ලබාදෙන පුවතක් වයඹ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකින් අසන්නට ලැබුණි.
මෙම වෛද්‍යවරයා පවුල් සෞඛ්‍ය සංවිධානයේ උපදේශන කටයුතු සිදුකරන දේශකවරයකු බවත් ඒ නිසා කායික රෝග පිළිබඳව ඔහුට මනා අවබෝධයක් තිබෙන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන් වෙත දැනුම් දී ඇත.
මේ අතර පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමග දුරකථනයෙන් කතාබහ කරන අවස්ථාවලදී පවුල් සෞඛ්‍ය සේවිකාවන් රාජකාරි අවස්ථාවලදී අඳින ඇඳුම් පැළඳුම් ආදිය පිළිබඳව මෙන්ම රාත්‍රී කාලයට අඳින ඇඳුම් පිළිබඳවත් විමසන බවත් පවුල් සෞඛ්‍ය සේවිකාවෝ පවසති.
මොහු සැබවින්ම මුල් කාලයේදී වෛද්‍යවරයකු ලෙස සිතා දුරකථන ඇමතුම්වලට පවුල් සෞඛ්‍ය සේවිකාවන් ප්‍රතිචාර දක්වා ඇති අතර ඇතැම් දිනවල රාත්‍රි 12.00 - 2.00 අතර කාලවලදී දුරකථන ඇමතුම් පවුල් සෞඛ්‍ය සේවිකාවන් නිවෙස්වල සිටියදී ලැබෙන නිසා සැකයක් මතුවී මේ බව කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දී ඇත.
පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී වෛද්‍යවරයකු ලෙස රඟපාන මෙම පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරෙකු බව හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත් දුරකථන ඇමතුම් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට නිරන්තරයෙන්ම ලබාදීම මහත් හිසරදයක් බවට පත්ව තිබෙන හෙයින් වෛද්‍යවරයකු ලෙස කතා කරන ත්‍රිරෝද රථ රියදුරාගේ දුරකථන අංකය පොලිසිය වෙත ලබාදී සිද්ධිය පිළිබඳව පැමිණිලි කොට ඇත.
මේ සම්බන්ධයෙන් උසාවි නියෝගයක් ලබාගෙන එම ත්‍රිරෝද රථ රියදුරාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරික්‍ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 16
33
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ත්‍රිරෝද රියැදුරා වෛද්‍යවරයකු වෙසින් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ‘අනඟ පාට්’ දාලා