(පුස්සැල්ලාව නිහාල් කරුණාරත්න)
වරකා කියා වෙළෙන්දකු රවටා වැල විකුණා මුදල් ලබාගෙන පැන ගිය පුද්ගලයෙකු පිළිබඳව පුස්සැල්ලාව ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය වාර්තා වූ අන්දමට එම අකරතැබ්බයට මුහුණපා ඇත්තේ නුවරඑළිය මාර්ගය අයිනේ පලතුරු කඩයක හිමිකරුවෙකි.

කොස්ගෙඩි කීපයක් රැගෙන එම වෙළඳසලට පැමිණි අයකු අයිතිකරුට ඒවා දී ඇත්තේ හොඳ රසැති වරකා බව පවසමිනි. වෙළඳසැලේ හිමිකරු ඒ සඳහා රුපියල් හයදාහක මුදලක් අදාළ තැනැත්තාට ලබාදී තිබේ.
දින කීපයකට පසු එම කොස් ගෙඩි ඉදෙන විට වෙළඳසැලේ හිමිකරුට දැනී ඇත්තේ ඒවා වරකා නොව වැල බවය. තමන් වංචාවකට අසුවී ඇති බව දැනී ඔහු ඒ පිළිබඳව පුස්සැල්ලාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ අදාළ පුද්ගලයාගේ නමද සඳහන් කරමිනි.
පුස්සැල්ලාව පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ අරඹා තිබේ. එහෙත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇත්තේ වෙළෙඳසල් හිමියාට පවසා තිබූ සැකකරුගේ නම ව්‍යාජ එකක් නිසා බව සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරකා තමයි පහුවෙනකොට වැල වෙන්නේ.
ගෙඩි කිහිපයකට 6000/-ක්? වරකා විකුණන්නේ කීයටද?
බොහෝ විට කපටි මිනිසුන්ට අහු උනාම ඔය කතාවටත් සමහරු කියනවා නේ "කොස්ද ,දෙල්ද හාරලා බලන්න" කියලා. ඇත්තටම මේ කොස් ගෙඩි හාරලා පොඩි කෑල්ලක් කාලා බලලා, පළපුරුදු කෙනෙකුට කියන්න බැරිද වැලද වරකාද කියලා.
ඉදෙන්න කලින් වැලද වරකා ද කියල අඳුර ගන්න පුළුවන් ද ? ඒ කොහොමද
වරකා වලට වැඩිය වැල රසයි.වැල කද්දී දැනෙන රස වරක කද්දී දැනෙන්නේ නැහැ.