කන්ද උඩරට පදිංචි ඔහු බැංකු නිලධාරියෙකි. මේ දිනවල සිය විවාහයට කඩිමුඩියේ ලක ලැහැස්ති වෙන ඔහුගේ මනාලිය වූයේද එම ප්‍රදේශයේම බැංකුවක සේවය කරන තරුණියකි.
තම නිවසේ අලුත්වැඩියා කටයුතු නිසා දින ගණනකින් සිය මනාලියවත් බලන්න යන්න ඔහුට විවේකයක් තිබුණේ නැත. ‘අදනම් යන්න ඕනෑ’ ඔහු සිතා ගත්තේය. වේලාසන වැඩ නිමකළ ඔහු මිතුරකු ද සමග මනාලියගේ නිවෙසට ගොඩවැදුණේ තවත් ගමන් කීපයක්ම යන්න තියෙනවා. ඔයාව නොබලා ඉන්න බැරි නිසාමයි ආවේ යැයි තමන් ඉදිරියට ආ මනාලියට පවසමිනි.
එහෙත් හරි හරියට වැඩය. ගෙට ගොඩවැදුණු මනාලයාගේ ඇස් එක්වරම ඇදී ගියේ සාලය මැද ගරු ගාම්බීරව තබා තිබූ නවීන පන්නයේ වටිනා සෝපාවටය.
ෂා මරු සෝපාවක්නේ මාත් හෙටම ගේනවා. ඔහු සිය මිතුරාට කොඳුරා කීවේ මනාලියටත් නෑසෙන්නටය.
පසුදාම ගොස් ඊට නොදෙවැනි සෝෆාවකට සල්ලි බැන්ද මනලයා ගෙදර ආවේ උජාරුවෙනි.
මටත් සෙකන්ඞ් වෙන්න බැහැනේ මචං කෙල්ලගේ ගෙදර තිබුණට වඩා හොඳ එකක් මාත් ගේනවා. ඔහු මිතුරන්ට කීය.
පසුදා අඳුරුවැටෙද්දී සෝෆාව රැගෙන ආවේය. ගේ අස්පස් කර එය ගෙට ගන්න හැදුවත් සිද්ධ වුණේ අලි ජරමරයකි. උළුවස්ස පොඩිය. අයියා මලෝ එකතු කරගෙන දන්න සෙල්ලම් දැම්මත් සෝෆාව ගෙට ගන්න තියා හිතා ගන්නවත් බැරිවිය. මනාලයාට දෙලෝ රත්විය. කරපු මෝඩකම තේරුම් ගියත් ලැජ්ජාවට කරන්න දේකුත් නැත. ආයි හරවලා යවන්න බැරිය.
‘උළුවස්ස කඩමු’ දෙවරක් නොසිතූ ඔහු ඒ රෑම බාස් කෙනෙකු අල්ලාගෙන වැඬේට බැස්සේ ගෙදර අයගේ විරෝධය පවා තඹේකට මායිම් නොකරමිනි.
බිත්ති පිටින්ම උළුවස්ස බිම දැමු මනාලය සෝෆාව ගෙට ගත්තේ මම කොහොමත් මේ උළුවස්ස ලොකු කරන්න හිටියේ යැයි ගෙදර අයටද ඇසෙන්නට කියමිනි.
සෝෆාවේ වැඬේනම් හරිය. නමුත් කඩපු තැන් හරිගස්සන්න මනලයාට දින ගාණක් කට්ට කන්න සිදුවිය. වෙච්ච ලැජ්ජාව වහගන්න හැදුවත් මනාලයාගේ කැකිල්ලේ තීන්දුව ලැව් ගින්නක් වගේ පැතිර අන්තිමේ මනාලියගේ ගෙදර උදවියගේ කන්වලට ගිහින් තිබිණි. තාම මගුල් කාලත් නැතිලු. දැන් බැංකුවේ යාළුවෝ පවා ඔහුට කතා කරන්නේ හලෝ ‘සෝෆා’ කියලාලු.
සුරංග පෙරේරා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කිසිම මහදැනමුතුකමක් නෑ. වෙන කෙනෙක් නම් කරන්නේ ඒ කවිච්චිය දෑවැද්දට ඉල්ලන එකයි. එහෙම නැතුව තමන්ගේ සල්ලි වලින් තමන්ට කවිච්චියක් ගත්ත මේ තරුණයා ආදර්ශයක්. එයා කඩවලා තියෙන්නේ එයාගේ ගෙදර උළුවස්ස. අනුන්ගේ ගෙවල් නෙවෙයි.
මොන ගොන් තඩියෙක්ද මූ. අපරාදේ බිත්ති කැඩුවේ. වහලේ උළු ගලෝලා ගන්න තිබ්බනේ. කොහෙද මූට මොලේ නැනේ. මොලේ --ට බැහැලද කොහෙද
පනින්න පෙර සිතා බලනු. බඳින්න පෙර සලසුම් කරනු. බැංකුවේ නිසා කමක් නැහැ ඉතින්. සුබ මංගලම් කියල පතනවා.
අලුතෙන් මොනවට ඉපදෙන්නද? ලංකාවේ පුරාවට ඉන්නෙම මහදැනමුත්තොනේ..!!!
මේ වගේ ඕපාදූප පල කරද්දී තව ටිකක් ඒ පුද්ගලයන් ගැන සඳහන් කරන විස්තර නැතුව දානවනං තමයි හොඳ.. මොකද ඔය දාලා තියෙන පළාත සහ ක්ෂේත්‍රය සදහන් කරලා පළකරද්දී ඒ පුද්ගලයින්ට ඉලක්ක වෙන සම්භාවිතාවය වැඩියි.. අනික මේකෙන් ලඟකදී විවාහ ගිවිසගන්න ඉන්න මනාල යුවලක්ව හාස්‍යයට ලක්වෙන නිසා..