(මොරටුව - රේඛා තරංගනී ෆොන්සේකා සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රිමාන්ඞ් කර සිටින සැමියාට දීමට අත දරුවකුගේ ඇඳුමේ හංගාගෙන හෙරොයින් රැගෙන පැමිණි බව කියන තිදරු මවක් හෙරොයින් ග්‍රෑම් එකොළහක් සමග කොල්ලුපිටිය උත්තරානන්ද මාවතේදී (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලැබුණු තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව සඳහන් කරන පොලිසිය ඇය අවස්ථා කිහිපයකදී මෙලෙස හෙරොයින් ප්‍රවාහනය සිදු කර ඇති බව පොලිසිය පවසයි.
හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන ඇගේ සැමියා මාස හයක කාලයක සිට බන්ධනාගාරගතව සිටින බවටත් සැකකාරිය ඔහුට කුඩු සපයන බවටත් ඔහු එක පැකට්ටුවක් රුපියල් හාරදහසක මිලකට බන්ධනාගාරය තුළ අලෙවි කරන බවටත් තොරතුරු හෙළි වූ බව පොලිසිය කියයි.
කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි සිය මාස එකොළහක් වයසැති දරුවාගේ ඇඳුමේ හෙරොයින් සඟවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට හෙරොයින් රැගෙන ආවේ යැයි ඇතිවූ සැකයක් මත කළ වැටලීමේදී හෙරොයින් සමග සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාරිය තිදරු මවක් බව සඳහන් කරන පොලිසිය ඇගේ සැමියා හෙරොයින්වලට දැඩිව ඇබ්බැහිවූවකු බව ද කියයි.
අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බව කියන පොලිසිය ඇය වයස අවුරුදු 35 ක කාන්තාවක් බව ද කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොල්ලුපිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.බී.එස්. ප්‍රියදර්ශන මහතාගේ අධීක්ෂණයෙන් උප පොලිස් පරීක්ෂක ආර්.එම්.පී. වික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (69369) මංජුල, (72318) අමරසිංහ, (85961) අබේරත්න, 88256 දිනේෂ්, 2960 දිල්ෂාන්, කාන්තා පොලිස් කොස්තාපල් 9748 දිල්හානි යන නිලධාරීහු පවත්වති.
2025 දෙසැම්බර් මස 16
33
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
603
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අතදරුවාගේ ඇඳුමේ හංගා හිරේ ඉන්න සැමියාට තිදරු මව කුඩු ඇදලා