IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


චිත්‍රපටයේ නම දැකලා අධ්‍යක්ෂක හොල්මන්වෙලා

(මනෝජ් හර්ෂික)
කෙටි චිත්‍රපට උළෙලක් සංවිධානය කිරීමට කටයුතු ආරම්භ කළේය. මේ සඳහා ජනප්‍රිය පාසලක ගුරුවරයකු තම නිර්මාණ හැකියාව උරගා බැලීම සඳහා යුහුසුළුව කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය.

මෙම චිත්‍රපටය නිර්මාණය කර නිම කරන විට චිත්‍රපට බාර ගන්නා අවසන් දිනය ආසන්න වී තිබූ නිසා ගුරුවරයා තම නිර්මාණය සීග්‍රගාමී තැපෑලෙන් නිර්මාණ තරගය පවත්වන ආයතනයට යැවීය. මාසයකට ආසන්න කාලයක් ගතවිය. අදාළ ආයතනයේ ගුරුවරයාට ලිපියක් එවා තිබුණි. එහි සඳහන්ව තිබුණේ ඔහුගේ නිර්මාණ අවසන් හොඳම නිර්මාණයන් අතරට තෝරා ගෙන ඇති බවත් චිත්‍රපට සම්මාන උළෙල සඳහා සහභාගී වන ලෙසත්ය. නියමිත දිනය උදා විය. ගුරුවරයා චිත්‍රපට සම්මාන උළෙලට සහභාගී විය. ඔහුගේ නිර්මාණය හොඳම නිර්මාණය ලෙසට සම්මානයට පාත්‍ර විය. නිවේදකයා ඔහුගේ නම හා චිත්‍රපටයේ නම කියා වේදිකාවට ආරාධනා කළේය. ඔහුගේ නම හරියට කියූ නමුත් චිත්‍රපටයේ නම ඔහු යෙදූ නම නොවීය.

චිත්‍රපටයේ නම “බිඳෙන සුළුයි ප්‍රවේශමෙන්” ලෙස නම් කර තිබුණි. ඔහුට මෙය මහත් ප්‍රහේලිකාවක් විය. සම්මානය ගන්නවා වෙනුවට ඔහු සංවිධායක මණ්ඩලයෙන් මේ පිළිබඳව විමසුවේය. සංවිධායක මණ්ඩලයටද මෙය මහත් ගැටලුවක් විය. පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී ගැටලුවට හේතුව සොයා ගත්තේය. එනම් ගුරුවරයා තම චිත්‍රපටය අඩංගු සී.ඩී. පටය තැපැල් ස්ථානාධිපතිට බාර දීමෙන් පසු එය ප්‍රවේශමෙන් යැවිය යුතු නිසා සී.ඩී. පටය බහාලූ කවරයේ ඉහළන් ලොකු අකුරින් “බිඳෙන සුළුයි ප්‍රවේශමෙන්” යැයි ලියා ඇත. මෙය වැරදියට වටහා ගත් සංවිධායක මණ්ඩලය එය චිත්‍රපටයේ නම යැයි සිතා ඇත.



අදහස් (0)

චිත්‍රපටයේ නම දැකලා අධ්‍යක්ෂක හොල්මන්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site