IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


අප්‍රේල් මෝඩයකුගේ ඇමතුමෙන් කතක් විලාප දී ජංජාලයක්

අප්‍රේල් පළමුවැනිදා හෙවත් මෝඩයින්ගේ දිනය ලෙස නම් කෙරුණු ඊයේ (1) දිනයේ උදේ රැයින්ම දොම්පේ ප්‍රදේශවාසියකු එම ප්‍රදේශයේම වෙසෙන තම පුංචි අම්මා කෙනකුට දුරකතන ඇමතුමක් දෙමින් ලොකු අම්මා දැන් ඇම්බියුලන්ස් එකෙන් ගෙනියනවා අපිත් මේ පස්සෙන් යනවා” යැයි දුරකතන ඇමතුමක් දීමෙන් ඇමතුම ලැබුණු තැනැත්තිය එකවර විලාප දෙමින් කෑ ගැසීම නිසා අසල්වැසියන් පවා මහත් කලබලයට පත්වී දුව ආ සිද්ධියක් වාර්තා වේ.


මෙසේ විළාප දී ඇත්තේ ගිලන්රියෙන් ගෙන ගියැයි කී නැත්දණියගේ බාල සොහොයුරියය.


මවගේ විළාපයෙන් කලබල වූ පුතා වහ වහා අල්මාරිය ඇර ඇයගේ බෙහෙත් පෙති හා ඇඳුම් පැළඳුම් සොයා ඇත්තේ ඇය හදිසියේ රෝහල්ගත කිරීමට වේයැයි සිතාය.


කෙසේ වෙතත් පසුව වඩාත් විපරම්කර බැලීමේදී ‘අද අප්‍රේල් පළමුවැනිදානේ අපි රැවටුනා නේද අම්මේ” කියා පුතා ඇතුළු පවුලේ පිරිසත් අසල්වාසීනුත් අස්වැසිල්ලට පත්ව ඇත.


මෙම දුරකතන ඇමතුම දී ඇත්තේ පුරාණයේ මෝඩයන්ට ප්‍රසිද්ධව තිබුණු දොම්පේ ඇළකට නුදුරු ගමක අපේ්්‍රල් මෝඩයෙකැයි පසුව දැන ගන්නට ලැබිණි.


ඔහුගේ නිවෙස ළඟම නිවෙසක වෙසෙන තවත් අප්‍රේල් මෝඩයකු අගනුවරට නුදුරු ප්‍රදේශයක වෙසෙන තම ලොකු පියාට දුරකථන ඇමතුමක් දී ලොකු අම්මා පපුවේ අමාරුවක් සැදී ගම්පහ රෝහලට ඇතුළු කළ බව කියා ඇති අතර එය එතරම් දුරදිග ගොස් නැත්තේ පසුව තම සොහොයුරියකට කතාකර සිය අප්‍රේල් පළමුවැනිදා බොරුවක් බව දැනගත් නිසාය.



අදහස් (1)

අප්‍රේල් මෝඩයකුගේ ඇමතුමෙන් කතක් විලාප දී ජංජාලයක්

sam Monday, 02 April 2018 06:01 AM

මීට වසර හතළිහකට පනහකට පමණ පෙර පුත්තලම සිමෙන්ති කම්හලේ සේවකයෙකු අප්‍රේල් පළවෙනිදා මෝඩයාගේ දින මෝඩ වැඩ නිසා ජීවිතක්ෂයට පත් උනා . විදුලි සැර වැදුන සේවකයා බේරා ගැනීමට විදුලිය විසන්ධි කරන ලෙස ඉල්ලු විට එතන සිටි කෙනෙක් "" අද අප්‍රේල් පළවෙනිදා නේද "" කියා විදුලිය විසන්ධි නොකිරීමෙන් ඒ අහිංසකයා මියගියා .

:       2       119

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site