IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හොරෙන් පොල් කඩා අහුවුණාම කුලියත් ඉල්ලලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හොරෙන් පොල් කඩා අයිතිකරුට අසුවීමෙන් පසු සමාව ඉල්ලා සමාව ලැබුණු පසු ගස් දෙකක පොල් කැඩීම සඳහා කුලිය දෙන්නැයි ඉල්ලූ සොරෙකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා වාර්තාවිය.

ප්‍රදේශයේ පොල් වත්තකි. නිතර සොරකමට පුරුදු අයකු හිමිදිරියේම හොරාට පොල් කඩන්නට ගියේ අයිතිකරු එන්නට පෙරය. මේ දිනවල පවතින පොල් හිඟයත් මිල ඉහළ යාමත් නිසා ඔහු හොර පොල් කැඩීමේ නිරත වූයේය. ගස් දෙකක පොල් කැඩූ ඔහු තවත් ගසකට නගින්නට සූදානම් වෙද්දී එහි ආ අයිතිකරුට අසුවිය. ගස් දෙකෙන් කඩාගත් පොල් ගෙඩි කිහිපය පැත්තක තිබිණි.

කර කියාගත හැකි දෙයක් නොවූ සොරා බේරෙන මගක් සොයා ගනු පිණිස අයිතිකරු හමුවේ වැඳ වැටුණේ ය. ජීවත්වෙන්නට මඟක් නැති කමත් ලෙඩදුක් කරදර නිසාත් වැරැදි වැඬේ කළ බව ඔහු කීය. හොර පොල් කැඩූ අය සමාව ඉල්ලද්දී හිත උණූවූ ඉඩමේ අයිතිකරු කෑමට පොල් ගෙඩි දෙකක්ද දී යාමට ඉඩ දුන්නේ නැවත මෙවැනි වැරැදි නොකරන ලෙසට අවවාදයක්ද කරමිනි.

පොල් ගෙඩි දෙක අතට ගත් ඔහු ‘මහත්තයා පොල් කැඩූ ගස්වලට කුලිය දෙන්න’ බැරිදැයි විමසීය. අයිතිකරු හොඳ කුලියක් දෙන්නම් කියා වටපිට බලද්දී අතට ගත් පොල් ගෙඩි දෙකත් බිම දමා හොරා පලාගියේ ගුටි නොකා බේරෙන්නටය.



අදහස් (2)

හොරෙන් පොල් කඩා අහුවුණාම කුලියත් ඉල්ලලා

Thusha Monday, 12 March 2018 08:34 AM

බොහෝ අවස්ථාවල, සංවේදී, අනුකම්පා කරන්න ගියාම, එය දුර්වලකමක් කියලා හිතාගෙන, එයින් අයුතු ප්‍රයෝජන ගන්න හිතන පිරිසකුත් අප අතර ඉන්නවා. අත්දැකීමෙන් මම මෙය කියන්නේ...

:       0       122

තිලක් Tuesday, 13 March 2018 10:47 PM

ඇත්තනේ, කුලිය දෙන එක සාධාරණයි..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site