IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බලු රංචුවක් ජාතිවාදය අවුස්සන්න හදලා

(ගලගෙදර ජී.ජී.එම්. රත්නායක)
ජාතිවාදය අවුස්සා විශාල විනාශයක් වීමට ගිය සිද්ධියක් සී.සී.ටී.වී කැමරා දර්ශන තුළින් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි හතරලියද්ද පොලිසිය කියයි. 


සිද්ධිය මෙසේයි.


මහනුවර දිස්ත්‍රික්කයේ කලබල නිසා ඇඳිරි නීතිය පනවා තිබූ දිනයේ රාත්‍රී හතරලියද්ද නගරයේ ව්‍යාපාරිකයකු සතු වෙළෙඳසල ඉදිරිපිට ගොම පාර්සලයක් තබා තිබුණි. පසුදින උදෑසන වෙළෙඳසල විවෘත කිරීම සඳහා පැමිණි හිමිකරු මෙය දුටු ගමන් හතරලියද්ද පොලිසියට දුවගොස් මේ පිළිබඳව දැනුම් දී ඇත.


කලබල සමය නිසා වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපති දේශබන්දු සේනාරත්න මහතා ස්ථාන පරීක්‍ෂණයක් කිරීම සඳහා නිලධාරීන් පිරිසක් යැවීය. මෙම කඩාකප්පල් ක්‍රියාව කර ඇති පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ඔවුහු වෙළෙඳසලෙහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ක්‍රියාත්මක කළහ.


 එහිදී බල්ලෙක් ගොම පාර්සලය ඩැහැගෙන මහා මාර්ගය දිගේ වෙළෙඳසලට එන අයුරුත් එහි ප්‍රධාන දොරටුව අසල දමා බලු රංචුවක් වටවී විසුරුවා දමන අයුරුත් තිරය මත දිස්වූ රූපමය දර්ශනයන්ගෙන් හෙළිවී ඇත. ජාතිවාදය ඇවිස්සීමට තරම් දක්‍ෂ බල්ලන් නගරයේ සැරිසරන බව මෙය ඇසින් දුටුවෝ පැවැසූහ.

 



අදහස් (2)

බලු රංචුවක් ජාතිවාදය අවුස්සන්න හදලා

janahitha Tuesday, 27 March 2018 04:57 AM

බල්ලන්ගෙන් මිනිස්සු ඉගෙනගෙනද, නැත්නම් මිනිසුන්ගෙන් බල්ලෝ ඉගෙන ගත්ත වැඩද කියල අදුන ගන්න බැරි තරම් වැඩ තමයි දැන් සිද්ධ වෙන්නෙ. මේක පහල ඉඳල ඉහලටම සිද්ධ වෙන දෙයක්. මේ වෙලාවෙනම් වැඩේ වැඩිදුර යන්න ඉස්සර වෙලා අපේ පොලිසිය හොයා ගත්ත එකට ස්තුතියි.

:       2       43

nisar Tuesday, 27 March 2018 07:04 AM

මේ දක්වා කරපු පරීක්ෂණ වලින් හෙළිකරලා තියෙන්නේ මේක විතරයි. වැදගත් ඒවා දැනගන්න වෙන්නේ පරලොව ගිහින්.

:       1       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site