IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනියම් බිරියගේ ගෙදරටම ඇවිත් ඇතිවෙන්න ගුටි කාලා

(වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ)

තරුණ කාන්තාවකගේ නිරුවත් පින්තූර ලබාගෙන එය සමාජජාල වෙබ් අඩවියට මුදා හරින බවට තර්ජනය කළ පුද්ගලයකු කාන්තාවගේ නිවෙසට ගෙන්වා ගෙන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණ අඹු-සැමි යුවළක් පෙරේදා (7) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. අතින් පයින් පහරදීමෙන් තුවාල ලබා ඇති පුද්ගලයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මොහු දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන තිබේ.

කාන්තාව මුහුණුපොතෙන් දඹුල්ල ප්‍රදේශයේ තරුණයකු හඳුනාගෙන ඇති අතර ටික කාලයක් ඇසුරු කිරීමෙන් අනතුරුව කාන්තාව තරු- ණයා නිවසට ගෙන්වාගෙන අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙන බවට අනාවරණය වී ඇති බව කීය. ඒ අතරතුර කාන්තාවගේ නිරුවත් ඡායාරූප ද ජංගම දුරකතනයෙන් ලබාගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට කාන්තාවට එම පුද්ගලයා විසින් වරින්වර තර්ජනය කර ඇති බව ද පොලිසිය කියයි. මෙම සිද්ධිය කාන්තාවගේ සැමියාට ආරංචි වීමත් සමග දෙදෙනා අතර ආරවුලක් ඇති වී ඇති බවත් අනතුරුව බිරිය ලවා තරුණයාට දුරකතන ඇමතුමක් දී සිය නිවසට ගෙන්වා ගෙන කාමරයක සිරකර තරුණයාගේ ජංගම දුරකතනයේ තිබූ නිරුවත් පින්තූර මකා පහර දී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු හා ඔහුට අනුබල දුන් කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පහර කෑ පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි. අත්අඩංගුවේ සිටින දෙදෙනා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.බී. අබේරත්න මහතාගේ උපදෙස් ඇතිව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් ලියනගේ සහ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ යන මහත්වරු



අදහස් (4)

අනියම් බිරියගේ ගෙදරටම ඇවිත් ඇතිවෙන්න ගුටි කාලා

banda Friday, 09 March 2018 01:54 PM

වෙන්නප්පුවේ ඕක සාමාන්‍ය දෙයක්.

:       1       88

sampath Saturday, 10 March 2018 01:59 PM

මේක ලංකාවේම පොදු තත්වයක්... ගෙදරට ගෙන්නවාගෙන සුද්දයක් දානවා සල්ලි නැති වුණාට බොරු චෝදනාවක් හදනවා. ඒ නිසා මේවගේ දේවල් විමර්ෂණයේදී ඉතා බුද්ධිමත් වෙන්න ඕනේ...

:       0       23

pitigala Sunday, 11 March 2018 02:19 AM

දැන් තියෙන්නේ තුන් දෙනාම එකට පොලිස් කූඩුවේ දවසක් තියන එකයි. එතකොට ඒ ගොල්ල ප්‍රස්නේ හොඳින් බේරා ගනියි.

:       0       12

naradha Wednesday, 14 March 2018 10:35 AM

ඕව තමයි මුහුණු පොතෙන් වැඩි පුර වෙන්නේ. මුහුණුපොත ලංකාවේ සදාකාලිකව තහනම් කළ යුතුයි.

:       9       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site