(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවක මන්ත්‍රීවරියකගෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී තාත්තාගෙන් අහන්න ඕනේ යැයි පැවසීමේ සිද්ධියක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකින් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.

පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ සභාවල සභාපති වැඩ බාර ගැනීමේ උත්සවයකට පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට මෙන්ම ඒ පක්‍ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ මෙන්ම මන්ත්‍රීවරියන්ගේ ඥාති හිතවතුන්ද සහභාගි වී මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ උත්සවයේ මූලික කටයුතු ආරම්භ විය.
මෙවර පළාත් පාලන මැතිවරණයට සීයට විසිපහක් කාන්තා නියෝජනය අනිවාර්ය කර තිබුණු බැවින් පෙර නොවූ විරූ තරමට නවක මන්ත්‍රීවරියන්ගෙන්ද අඩුවක් නොවීය.
එකී උත්සවයට සභා පරිශ්‍රය පමණක් නොව සභා පරිශ්‍ර භූමියද පිරී ඉතිරී ගොස් තිබූ බැවින් මන්ත්‍රී කවුද?
මන්ති්‍රීවරිය කවුදැයි නිශ්චිතව සොයා ගැනීම දැඩි ගැටලුවක් විය.
පිරිත් දේශනයට සවන් දී අනතුරුව පිරිත් නූලක්ද අතෙහි ගැට ගසා ගත් මන්ත්‍රීවරියක් පසෙකට ආ පසු මාධ්‍යවේදිනියක් ඇය අසලට ගොස් මන්ත්‍රීතුමියනි ඔබ තුමිය මොකක්ද ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ යැයි ප්‍රශ්න කළේ ඇයගෙන් ලැබෙන පිළිතුර පළාත් පාලන මැතිවරණයට කාන්තා නියෝජනය යෙදීමෙන් සිදුවන ප්‍රතිඵල පුවත්පතෙහි ප්‍රසිද්ධ කිරීමටය.
ඇය ගත් කටටම “තාත්තාගෙන් අහන්න ඕනේ” යැයි පැවසීමත් සමග ඇයගෙන් ප්‍රශ්න ඇසීම නතර කළ මාධ්‍යවේදිනිය ඇය පැවසූ පිළිතුර තවත් මාධ්‍යවේදියෙකුට ඒ මොහොතේම පැවසුවේ සිහින් සිනහවක් පාමින් කනට කොඳුරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කාන්තාවන්ට සමතැන්, ඒ කියන්නේ 50/50 දෙනවා කියලා පළාත් පාලන මැතිවරණයේ 25/75 දීලා මේ කරන්නේ විකාරයක් . තම අභිමතය පරිදි කටයුතු කිරීමට ලිංග භේදය බාධාවක් නොවිය යුතු බව රටේ සම්මත නීතියයි . මේ කියන 25% අවම කාන්තා නියෝජනයෙන් සිදු වන්නේ දේශපාලනයට ඒමට කිසිම කැමැත්තක් , දැනුමක් නැති කාන්තාවන්, කාගේ හෝ බල කිරීමකට අර ඉහතකී 25% නියෝජනයේ වාසිය ලබාගැනීම මත පමණක්ම මේ තනතුරු වලට පත්වීමයි . ඉහත සිද්ධිය මේ ගැන හොඳ උදාහරණයක් .
එයා තාම විවාහ වෙලා හෝ පෙම්වතෙක්වත් නැතිව ඇති නිසා පියාණන්ගේ උපදෙස් අකුරටම පිළිපදින එක්කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්නය මේකයි සභා රැස්වීම් වලට යනකොට පියාණන්ව එතෙන්ට එක්ක යන්න බැරි එකයි.