(ගල්ගමුව - නිහාල් ජයවීර)
රුපියල් හැට දහසක් පමණ වටිනා එළ වැස්සියක සොරා ගෙන ගොස් කොණ්ඩයේ ආලේප කරන කළු පැහැති ඩයි වර්ගයක් ආලේප කොට නිවෙසක පිටුපස බැඳ තබා සිටියදී එළ වැස්සිය හා නිවෙස් හිමියා සැකපිට අත් අඩංගුවට ගත් බව ගිරිබාව පොලීසිය කීය.
ගිරිබාව, පහළ ගිරිබාව කුඹුරු යායේ බැඳ සිටි වයස අවුරුදු එකයි මාස දෙකක් පමණ වූ එළවැස්සිය සොරාගෙන ගොස් ඇති බවට පහළගිරිබාව පදිංචි සුනිල් චාමර නමැති අය කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කළ පොලීසියට මේ ගව සොරකම අනාවරණය කර ගැනීමට හැකි තිබේ.
පැමිණිලිකරුගේ එළවැස්සියට සමාන එළ වැස්සියක ඉහළවැව, වරාවැව ප්‍රදේශයේ නිවසක පිටුපස සිටින බවද, එහෙත් තමාට අයත් එළ වැස්සිය ගුරු පැහැති එකියක බවත් යට නිවසේ පිටුපස සිටින වැස්සිය කළු පැහැති බවත් පැමිණිලිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබේ. පැමිණිලිකරුත් සමඟ පොලීසිය මෙම නිවසට ගොස් එළවැස්සිය පරික්ෂාකරන විට ඒ වැස්සිය පැමිණිලිකරුගේ පාද ලෙව කෑමට පටන්ගත් බවද පොලීසිය කීය. එළ වැස්සිය තව දුරටත් පරීක්ෂා කිරිමේදී ඇගේ ශරීරයේ කළු පැහැති ඩයි වර්ගය තවරා තිබෙන බවද, වැස්සියගේ බඩ ප්‍රදේශයේ තැන් තැන්වල ඩයි තවරා නොතිබූ බවද පොලීසිය කීය. මේ නිවෙස පිටුපස තව එළදෙනෙනුන් දෙදෙනෙකු සිටි බවත්, ඒ සතුන්ද මෙසේ සොරාගෙන පැමිණ ගස් බැද තබන්නට ඇතැයි සැකටත් ඒ දෙනුන් දෙදෙනාද නිවෙස්හිමිකරු ද අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කීය.
සැකකරු විවාහකයෙකු බවත් මෙවැනි අපරාධවලට සම්බන්ධව අධිකරණයෙන් දඩුවම් විඳි අයකු බවත් පොලීසිය කීය. නිකවැරටිය පොලිස් අධිකාරී සංජීව බන්ඩාර ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී දර්ශන ගාල්ලගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත ගිරිබාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු පිරිසක් පරීක්‍ෂණ සිදු කරති. සැකකරු ඊයේ (19) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවට යන්ට හොඳ පෙර හුරුවක්....
ගණ දෙවියන්ටත් අගරු කරන මෙහෙවූ එවුන්ට යන්න ලෝකයක් තියෙයිද මන්ද? මෙහෙමත් ලෝකයක්.
නිසකවම මේ හොරා දේශපාලකයකු හෝ අනාගතයේ එවැන්නකුට අවශ්‍යම මූලික සුදුසු කම සපුරා ඇත. ඒ නිසාම මීලග මැතිවරණයෙන් ඔහුට ඒ අවස්තාව දෙමු.
වැඩේ නම් වැරදියි තමයි. හැබැයි අයිඩියා එක නම් සුපිරි... මේ මොළේ හොඳ වැඩකට ගත්තා නම් සමහරවිට ලෝකයම වෙනස් කරන්නත් පුළුවන් වෙයි. වෙනස් විදිහට හිතන මිනිස්සු නිසා තමයි ලෝකය ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ ඉතිහාසය පුරාම....
ලෝකෙම පළමු වතාවට වෙන්න ඇති මෙහෙම දෙයක් වුනේ. දැන් ඉතින් ඔන්න බල්ලෝ පුසෝ ඩයි දාන්නත් මේ ක්‍රමේ යොදා ගනීවි.
ඉස්සර කාලෙක ජනප්‍රිය රේස් අශ්වයකු දියසායම් වලින් පාට කරලා ජනප්‍රිය නොවන අශ්වයකු විදිහට රේස් එකට යවලා ඔට්ටු අල්ලලා දිනපු කතාවක්... මම මෙහෙදී අහල තියෙනවා. ඒකට අදාල කෙනා ලඟදි මියගියා. වැඩේ අහුවෙල තියෙන්නේ දවසක් රේස් එක යනකොට හදිසියේ වැස්සක් වැටිලා අශ්වයා ගේ දියසායම් හේදිලා.