සැමියාගේ කාන්තා දින උළෙලෙන් උපාසක කතකගේත් සායම ගිහින් ලෝක කාන්තා දිනය යෙදී තිබුණු පෙරේදා 8 වැනිදා කාන්තාවකගෙන් තම සැමියාට වීරත්වය ප්‍රකාශ කිරීමක් හා කාන්තාවන් දෙදෙනකු කෙස් වලු පටලවා ගැනීමේ පුවතක් ගල්නෑව මහවැලි කලාපයෙන් වාර්තාවේ. 10 March 2022
දෑවැද්දට ගෑස් සිලින්ඩරයකුත් දීලා දකුණු පළාතේ ප්‍රධාන නගරයක හෝටලයක පැවැති මංගල උත්සවයකි. මනාලයා දකුණු පළාතේ විදුහල්පතිවරයකුගේ පුතෙකි. අධ්‍යාපනයට සම්බන්ධ ඉහළ පුටු මෙන්ම තවත් ඉහළ තනතුරු රැසක්ද මෙම මංගල උත්සවයට පැමිණ සිටියහ. මධු සමය ගතකර නව යුවල හෝටලයේ උත්සවශාලාවට ළඟා වූයේ සිනහා මුසු මුහුණෙනි. 09 March 2022
පොල් ගෙඩියකට රුපියල් දෙදාහක් ගෙවන්න වෙලා තම ගෙවත්ත මැදින් වූ අඩිපාරක ගිය ගම්වැසියකු පොල් ගසකින් වැටී තිබුණු පොල් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට උසාවි යාමට තීරණය කළ ධනවත් පුද්ගලයකුට රුපියල් දෙදහසක නොසිතූ අලාබයක් වීමේ අපූරු සිද්ධියක් පසුගියදා කඳුකරයේ ග්‍රාමීය ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 08 March 2022
ජෝඩුවක් පෙම් සයුරේ ගිලෙද්දී තරුණයෙක් අම්බානක කාලා මෑතක දී විවාහ වූ මනාල යුවළක් ළිඳකින් නාන අයුරු හැංගී බලා සිටි තරුණයකුට ගම්මුන් එකතු වී පහර දී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් ඉකුත්දා වාර්තා විය. 07 March 2022
දේව මාතාව දිෂ්ටි වී කපරාරුවට ආ බාස්ලා හතර අතේ දුවලා නිවසක කපරාරුවට ගිය පෙදරේරුවන් පිරිසක් කපරාරුව පසෙක තබා නිවසේ කතගෙන් බේරීමට සිමෙන්ති නාගෙන දිව යාමේ පුවතක් යාපහුව අවට ගමකින් අසන්නට ලැබුණි. 05 March 2022
වෙරි මතේ රඟේ වහගන්න බ්රිඳට බෝලයක් බස්සලා බීලා වැටී සිදු වුණු අත පයේ තැලීම් තුවාල සෙවිලි තහඩු බෑමෙන් සිදුවූවක් යැයි බිරිඳට පවසා වේදනා ආලේපයක් ඇඟේ අතුල්ලා ගෙන ඇතැයි කියන තිදරු පියෙක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 05 March 2022
එයා මෙයාට බූරුවා කියද්දී මෙයා එයාට බූරුවා කියලා එදින තදාසන්න මාවතක ධාවනය වූ බස් රථයකට බොහොමයක් මගීන් ගොඩ වුණේ සති පොළෙන් බඩුද රැගෙන නිවෙස් බලා යාමටය. 05 March 2022
පන්දාහක ජොලි වෙලා ‘ගෙදර ගෑස් ටැංකිය’ පුපුරලා තම පුතා ගෑස් පිරවුම් හලක් අසල පෝලිමක තබා යතුරු පැදියට තෙල් ලබා ගැනීමට තවත් පෝලිමකට ගිය පියකු මුහුණ පෑ සිද්ධියක් පසුගිය දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ප්‍රධාන නගරයකිනි. 05 March 2022
අයි.ආර්.සී පච්ච සිරා ඕ.අයි.සීගේ අතේ මාට්ටු අලුතින් පැමිණි ඕඅයිසී මහත්තයා අයි.ආර්.සී. පච්ච සිරාගේ බූරු පිටියට මහ රෑ හදිසියේ කඩා වැදුණු නිසා අන්දමන්ද වූ බූරු කප්පිත්තෝ හිස් ලූ ලූ අත දිවගියහ. 05 March 2022
අඟ පසඟ රටටම පෙනෙතැයි රූප පෙට්ටිය වහලා රූපවාහිනියේ සිටින අයට එය නරඹන අය පෙනෙනවා යැයි සිතා ලජ්ජාවට පත් වී එය නිවා දමා නින්දට ගිය පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගියදා මොරවක්කෝරළයේ බටහිර ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවිය. එම සිද්ධිය මෙසේය. 05 March 2022
බලු සටනේ සාම නියෝජිතයා දෙපැත්තෙන්ම ප්‍රහාරයට ලක්වෙලා බල්ලන් දෙදෙනෙකු අතර ඇති වූ සපාකා ගැනීමේ පොරයක් බේරන්නට අතර මැදට ගිය ගැමියෙකුට එම බල්ලන් සපාකෑමෙන් රෝහල් ගත වෙන්නට සිදුවූ සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 04 March 2022
කන්තෝරුව කට් කළාට ලොක්කාගෙන් මට්ටුවක් කාලයට ගැලපෙන පරිදි උණ, කැස්ස යැයි පවසමින් නිවාඩු දමා කාර්යාල පරිශ්‍රයේ පැවැති ඩෙංගු මර්දන ශ්‍රමදානය මඟහැර එදින සැඳෑ යාමයේ අවන්හලක සිටියදී ආයතන ප්‍රධානියාට මාට්ටු වී දුර පළාතකට හදිසි මාරුවක් ලැබූ කාර්යාල සේවකයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 03 March 2022
තේ වවන්න ගිය සැමියා අල්ලපු වත්තේ වගාවක් දාලා කොරෝනා වසංගත කාලයේ තම සැමියා විසින් සංවර්ධනය කරන ලද ඉඩම බැලීමට පසුගියදා එහි ගිය බිරියට දවල් තරු දකින්නට සිදුවූ පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි . 02 March 2022
ෆෝන් එක කතකට දී අනුන්ගේ තොප්පියක් දාගෙන අගනුවර පෞද්ගලික ආයතනයක මාණ්ඩලික නිලධාරියකු වූ ඔහු සති අන්තයේ දකුණේ පිහිටි සිය නිවෙසට ආවේ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස්රථයකිනි. 01 March 2022
නොගිය මළගේක ගිහින් පොළොවේ පස් කන්න වෙලා නොගිය මළගමකට ගියා යැයි කියා අතේ මාට්ටු වී අලි අමාරුවක වැටුණු මිතුරකු පිළිබඳව දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 28 February 2022
අනියම් සැමියා පෙම්වතියගේ කොණ්ඩයෙන් පලි අරන් පොලිස් කූඩුවේ ඇය 35 හැවිරිදි දෙදරු මවකි. පදිංචිය ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර ගමකය. ඇය තරුණ වියේදී එම ගමේ තරුණයකු සමග පෙමින් බැඳුනාය. මව්පියන්ගේ බලවත් විරෝධය නිසා ඇයට ඔහු තම සැමියා ලෙස තෝරා ගැනීමට නොහැකි වූවාය. එහෙත් දෙදෙනාගේ ආදරය නොනැසී පැවතිණි. 26 February 2022
ආච්චි අම්මාට කොලේ වසා මිනිපිරිය පැන ගිහින් කෑගල්ලේ ගම්මානවලට ගොස් තැඹිලි කපන තරුණ වෙළෙන්දෙක් වයෝවෘද්ධ කාන්තාවක භාරයේ සිටි තරුණියක රැගෙන ගොස් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 26 February 2022
රජ පෙළපතේ ආරක්ෂකයාගේ උගුලේ ‘මැඩම් කුස්සිඅම්මා’ හිරවෙලා අවුරුදු පනස් පහක් වයසැති කුස්සි අම්මා සේවය කළේ විදේශිකයකුගේ නිවසේය. ඇය සේවයට පැමිණෙන්නේ යතුරුපැදියෙනි. අලුතින් පැමිණි ආරක්ෂක නිලධාරියා ඇමතූ ඇය ‘‘එස්.ඕ. 26 February 2022
වී වේළන්න තැබූ ගෝලයා ‘මහදැනමුත්තගේ වැඩක්’ කරලා තම කමතෙහි වූ වී වේළා ගැනීමට යාමේදී එහි ආරක්ෂාවට ‘‘මහ දැනමුත්තාගේ ගෝලයකු’’ යොදා ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ වියළි කලාපය ආශ්රිත ගොවි ගම්මානයකිනි. 26 February 2022
රන්කාසි මුට්ටියට ගෙයක් හුවමාරු කරගන්න ගිහින් ලක්ෂ ගණනාවක් වටිනා නිවෙසක් ඇතුළු දේපළක් විකිණීම සඳහා පුවත්පතක පළ කර තිබූ දැන්වීමකට අනුව එම දේපළ හිමිකරුට දුර කතනයෙන් ඇමතූ පුද්ගලයෙකු නිධානයකින් හමුවූ රන් කාසි තොගයකට එම දේපළ මාරු කිරීමට කළ ඉල්ලීමක් දේපළ හිමිකරු විසින් ප්‍රතික්ෂේප කළ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 26 February 2022
‘දවල් මිගෙල් රෑ දනියෙල්’ ට බියවී දොරපොල්ල අරගෙන ඇඳේ ගුලිවෙලා මේ දිනවල පොල් මිල ඉහළය. පසුගිය කාලයේ පොල් මැන විකිණීමටද නියම කර තිබියදී තවත් තැනක පොල් ගැන අපූරු කතාද අසන්නට ලැබේ. මේ හබරාදුව, පිලාන, කොස්දූව ප්‍රදේශයේ ඉඩම් හිමියකුට සිදුවූවකි. 26 February 2022
හොර පාරෙන් හරි පාරට එද්දී පරණ ‘පෙම්වතාත්’ වෙන පාරක ගිහින් පළමු කසාඳයේ සිටි දරුවන් දෙදෙනකු ද හැර දමා ගොස් අනියම් ස්වාමි පුරුෂයන් තිදෙනකු සමඟ ජීවත් වූ බිරිඳක් වසර තුනකට පසු නැවත පළමු විවාහයේ ස්වාමි පුරුෂයා ඉල්ලා හඬා වැටුණු කාන්තාවක පිළිබඳව පුවතක් පල්ලේපොළ අවට ගම්මානයකින් වාර්තා විය. 25 February 2022
දෙවියන්ගෙන් ෂේප් වෙන්න කෙසෙල් හොරා අයිතිකරුට සල්ලි දීලා ගෙවත්තේ වූ කෙසෙල් කැන කැපූ හොරුන්ට අත පය කැඩෙන්නැයි ප්‍රාර්ථනා කර පලි ගහන්න දේවාලයට යන බව දැනගත් කෙසෙල් කැන කැපූ හොරුන් එහි අලාබයට රුපියල් දහසක් නිවෙසට ගෙනවිත් තබා ගිය සිද්ධියක් පිළිබඳව බඩල්ගම ප්‍රදේශයේ දුෂ්කර ගමකින් වාර්තා විය. 24 February 2022
ක්ලීන් නෝනාටත් වැඩේ වැරදිලා තමන්ගේ මුව ආවරණය ඉනේ එල්ලාගෙන අනුන්ගේ මුව ආවරණයක් දමාගෙන සිදු වූ අකරතැබ්බයක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තා වේ. 23 February 2022
ප්‍රේමයේ නාමයෙන් කෙල්ල පොලිස් කූඩුවේ තරුණයකුගේ ආදරය හිමි කරගැනීමට ගත් උත්සාහයක් අසාර්ථක වී තරුණියට පොලිස් කූඩුවේ ලගින්නට වූ සිදුවීමක් දකුණු පළාතේ පිටිසරබද ප්‍රදේශයකින් වාර්තා වේ. 22 February 2022
වට වන්දනාවේ එක්ක ගිය රියැදුරුට සුද්දකුගෙන් කනේ පාරක් තිබෙන කෙටි මගෙන් නොගොස් ඉතා දිගු මගකින් විදේශ සංචාරකයා ගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරුට ඔහු දුන් අපූරු කනේ පහරක් පිළිබඳව දකුණු පළාතේ සුන්දර ගමකින් අසන්නට ලැබේ. 21 February 2022
සුදු අක්කාට අත්ගුණේ පෙන්වන්න ගිහින් තම පාලන බල ප්‍රදේශයක වූ දක්ෂ ගෙවිලියකගේ ‘‘අත්ගුණය’’ බැලීමට ගිය කෘෂි නිලධාරියකුට දෙවියන් සිහිවීමේ අපූරු පුවතක් ඉකුත්දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ගොවි බිමකිනි. 19 February 2022
ලෙඩ බලන්න ආ යාළුවෙක් ලෙඩක් දාලා ගිහින් රෝගී තත්ත්වයකට පත්වූවකුගේ සුවදුක් බැලීමට පැමිණි හිතවතුන් පිරිසක් රෝගියා තව තවත් අපහසුතාවට පත්කර පිටවයාමේ පුවතක් මහව නගරය අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. 18 February 2022
බීලා කටගහන්න ගිහින් යාළුවාගේ සායම හේදිලා සිය මිතුරාගේ මනාලිය බැලීමට ගොස් බීමතින් පැවසූ කතාවකින් එම මංගල්‍යය කටයුතු නතර වූ පුවතක් නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 17 February 2022
කන්තෝරුවේ පෙම්වතියට වැලන්ටයින්දා රෝසමලක් එක්ක දරු දෙදෙනකුත් ලැබිලා පෙම්වතුන්ගේ දිනයට අනියම් පෙම්වතියට ලබාදීමට ගත් තෑගි පාර්සලය බිරියට හා දරුවන්ට හමුවීම නිසා විශාල අකරතැබ්බයකට මුහුණ දුන් සැමියකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තාවෙයි. 16 February 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026