(මොරගොල්ලාගම සිසිර කැලේගම)
දින ගණනාවක් තිස්සේ පෝලිමේ රැඳී සිටි මාමණ්ඩි කෑන් එකකට ගෙදර ගෙනැත් අරපිරිමැස්මට තැබූ පෙට්‍රල් ගෙදර සිටි ලේලිය බලු වැඩකට යොදා ගැනීම නිසා මාමණ්ඩියට යක්ෂයා ආරූඪ වූ පුවතක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
රට වටා ඉන්ධන හිඟයක් ඇත. ඉන්ධන හල් අසල දිගු පෝලිම් ය. එසේ සිටියත් ඉන්ධන සොයාගත නොහැකිය. මේ තත්ත්වය හමුවේ මෙම මාමණ්ඩිය ද ඉන්ධන පෝලිමේ දින කීපයක්ම රැඳී සිට පෙට්‍රල් රැගෙන ආවේය. ඒ තම පුත්‍රයා නිවාඩු පැමිණෙන විට ඔහුට අවැසි පෙට්‍රල් ගෙනැවිත් සුරක්ෂිත ලෙසට තැබීම උදෙසාය. ඔහුගේ පුත්‍රයා විවාහකය. ඔහුගේ බිරිය නිවෙසේ රැඳී සිටියාය.
නිවෙසේ බලු කන්දොස්කිරියාවේ නිමාවක් නැත. මේ නිසා ලේලිය පසුවූයේ ද දැඩි කලකිරීමකින් යුතුවය. මෙදින මාමණ්ඩිය වෙනත් ගමනක් යාමට නිවෙසින් පිටත් වූයේ ලේලිය නිවෙස් සිටියදීය. ඒ අතරවාරයේ දන්නා හඳුනන තරුණ පිරිසක් නිවෙසට ගොඩවූහ. බල්ලන්ගේ සිදුවන කරදරය ඇය තරුණ ගැටවුන්ට පැවසුවේ මීට පිළියමක් අපේක්ෂාවෙනි. බැල්ලියක පසුපස එන බලු රොත්තක් නිසා මේ තත්ත්වය උදාවී ඇති බව මේ පිළිබඳව වගතුග සෙවූ තරුණයන්ට තේරුම් ගියේය. ‘අක්කේ පෙට්‍රල් දැම්මොත් බල්ලන් පැත්ත පළාතක ඉන්නේ නෑ’. කටකාර ගැටයෙක් කීවේය.
‘මල්ලී ගෙදර පෙට්‍රල් කෑන් එකක් පිටින්ම තිබෙනවා’. ඇය බෝතල්වලට හා කුප්පිවලට ටික ටික ඒ කෑන් එකෙන් ඉවත් කර කර කොල්ලන්ට ගෙනැත් දුන්නාය.
තව ගැටයෙක් ඒ අතරේ බැල්ලිය අල්ලා ගේ ජනේලය අසල ගැට ගැසුවේය. ගැට ගසා සිටි බැල්ලිය අසලට බල්ලකු ආ විට කාමරයේ ජනේලය අසල සිටි අයෙක් උගේ ඇඟට පෙට්‍රල් විසි කළේය. නිමේෂයකින් බල්ලා පැත්ත නොබලා දිව ගියේය.
මේ අයුරින් එන එන බල්ලාට ගැටව් ටික ජනේලය අසල සිට පෙට්‍රල් දමා ගසති. ඒවා ගත තැවරෙන බල්ලෝ වහා එතැනින් පලා යන්නේ මෙලෝ නිච්චියක් නැතිවය. මේ අතර ඇය බල්ලන් දුවන දසුන් දැක විනෝද වූවාය.
ගැටවුන් ඉල්ලන ඉල්ලන සැරේට පෙට්‍රල් ද ගෙනැත් දුන්නාය. ඔය අතරේ මාමණ්ඩිය ගෙට ගොඩ විය. සිද්ධිය දැක විමතියට පත් මාමණ්ඩිය කොලු ගැටවුන් පලවා හැරියේය. ‘යකෝ තෙල් නැතිව පෝලිමේ ලැඟල ඉඳලා ගෙනාව තෙල් නේද මේ බල්ලන්ට ගහලා ආතල් ගත්තේ. මාමණ්ඩියා යක්ෂ ආරූඪයෙන් යුතුව ලේලියට දොස් නැගුවේ ලවක් දෙවක් නැතිවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd