IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තොවිලයට ආ කට්ටඩියා කුකුළා අයිස් පෙට්ටියේ හංගලා

මියගිය ප්‍රාණකාරයෙකු  ආවේශ වීමෙන්    සිදුවන අඩන්තේට්ටම්, අපල උපද්‍රව දුරු කිරීම සඳහා තොවිලයක් කර කහ නූලක් ගෙල බැඳීමට  පැමිණි කපු මහතකු බිල්ල  වෙනුවෙන් මරා දමන ලද කුකුළා  තම නිවසට යද්දී රැගෙන යා යුතු හෙයින් පිහාටු ගලවා ශුද්ධ පවිත්‍ර කොට ශීතකරණයේ අසුරා තබන ලෙස නිවැසියන්ට උපදෙස් දුන් බව කියැවෙන පුවතකි.


කට්ටඬියාට ආවතේව සඳහා පැමිණි තරුණයකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.


 එය තවමත් මළගිය ඥාතීන්, යක්ෂයන්,  ප්‍රේතයන් කෙරෙහි විශ්වාස තබා කටයුතු කරන වියලු‍වේ පිටිසර ගම්මානයකි.


නිරෝගීව සිටි ගමේ මැදිවියේ කාන්තාවක් නන් දොඩවමින් ඒ මේ අත දුවමින් විකාර ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ ඇයට මියගිය සිය පියා ආවේශ වී  ඇති බව පවසමිනි.


 නිවැසියන්ට   මහත් කරදර ගෙන දෙමින් හැසිරුණු කාන්තාව නිසා නිවසේ දෛනික කටයුතු මෙන්ම දරුවන්ගේ සියලු‍ කටයුතු ද සිදු කරන්නට සැමියාට සිදු වූ අතර රෝහලකට රැගෙන ගියද ඇයට නිසි සුවයක් නොලැබුණි. 


 ඇයට   ඇත්තේ   සුළු මානසික ආබාධයක් බව වෛද්‍යවරු පැවසුවත් එය   පිළිගැනීමට අකමැති වූ නිවැසියා ඇයට   ප්‍රතිකාර ලබාදීම සඳහා පිටස්තර ප්‍රදේශයක නම් දැරෑ කට්ටඬියකු ගෙන්වා ගත්තේ   ඔහු ලවා සිය බිරියට ආවේශ වූ පියා එළවා දැමීමට හැකි බව ටක්කෙටම විශ්වාස කරමිනි.


  කල්තබාම නිවසට පැමිණි කට්ටඬියා තොවිලය සිදුකර කහ නූලක් බැඳීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලේඛනයක් ගෙහිමියාට ලබා දුන් අතර ඒ  සඳහා  ගමේ හැදුනු වැඩුනු  පෘෂ්ටිමත් කුකුලෙකු ද අවශ්‍ය බව කියා සිටියේ තොවිලය අතරතුර මලගිය   ඥාතියා වෙනුවෙන් බිල්ලක් ලබා දිය යුතු යැයි පවසමිනි.


 වටින් ගොඩින් අඳුර වැටෙද්දී තොවිලය ආරම්භ කෙරිණි.   ආතුර කාන්තාවට තමුන් ඉදිරිපස වාඩිවන ලෙස උපදෙස් දුන් කට්ටඬියා බෙර තාලයට අනුව  මන්තර ගායනය පටන් ගත්තේ මල් බුලත් තට්ටුවට   දෝත් මුදුන් දී වැඳ ආචාර කරමිනි.


  දුම්මල ගසමින් මහ හඬින් මන්ත්‍ර ජප කළ කට්ටඬියා  මැදියම් රැය ආසන්න වෙද්දී වැයෙන බෙර හඬින් ආවේශයට   පත්වූ අතර පොල් මලක් අතට ගත්  ආතුර කාන්තාවද කට්ටඬියා සමග හරි හැටි නටන්නට වූවේ  සිය පියා තමුන්ට ආවේශ වී ඇතැයි පවසමිනි.


මිය ගිය ප්‍රාණකාරයා ආවේශ වී සිටි කාන්තාවට  තම අත වූ පොල් මලෙන් පහර දෙක තුනක් එල්ල කළ කට්ටඬියා මෙම දැරිවියගේ සිරුරට   ආවේශ වී සිටින තමුන් දැන් යා යුතු යැයි  අණකළද එය   ගණනකට නොගත් ආතුර කාන්තාව තව තවත් ආවේශයෙන් නටන්නට පටන් ගත්තේ එලෙස යාමට නොහැකි බව පවසමිනි.


 ආතුර කාන්තාවගේ සිරුරෙන් ඉවත් වීම සඳහා කට්ටඬියා විසින්    විවිධ දොළ පිදේනි යෝජනා කළද තමුන්ට ඉවත්ව යෑමට නම් කුකුල් බිල්ලක් ඇවැසි බව රෝගී කාන්තාව කියා සිටියේ සිය පියා අනුකරණය කරමිනි .


අවසානයේදී තව තවත් ආවේශ වූ  කට්ටඬියා මල් බුලත් තට්ටුවේ ගැටගසා සිටි කුකුල් නාම්බාගේ බෙල්ල කඩා දමා නටන්නට පටන් ගත්තේ ‘දැන් ඉතින්  පලයන්’  යයි රෝගී කාන්තාවට තවත් පොල් මල් පහර  කිහිපයක් එල්ල කරමිනි.


තවත් මොහොතක් ආවේශ වී  නටන්නට වූ ආතුර කාන්තාවත්  කට්ටඬියාත් බෙරහඬ නිමාවට පත් වෙද්දී ඒ අසල ඇද වැටුණේ තොවිලය නිමාවට පත් කරමිනි.


ආවතේවයට සිටි  තරුණයාගේ කහ වතුර  ප්‍රහාරයකින් පියවි සිහියට පත් ආතුර කාන්තාව තමුන්ට දැන් හොඳ යයි ලැජ්ජාවෙන් ඇඹරෙමින් නිවසට රිංගද්දී ආවතේව කරු ඇමතූ කට්ටඬියා කියා සිටියේ ‘පුතා අර කුකුළා ගෙනිහින් සුද්ද කරල අයිස් පෙට්ටියට දාපන්.  හැබැයි මම උදේට යනකොට  මතක් කරලා ඕක  දීපන්’ යනුවෙනි.


කිසිවෙකුට නැතත් කට්ටඬියාගේ ගුරුකම්වලට බිය වූ සියලු‍ දෙනාම ඔහු භාර දුන් රාජකාරිය අකුරටම ඉටු කළේ කට වරද්දා ගතහොත් පෙරකී කාන්තාවට අත්වූ ඉරණම තමුන්ට ද අත්විය හැකි යැයි එකිනෙකාට පවසමිනි.


වියලු‍ව වාර්තාකරු

 



අදහස් (1)

තොවිලයට ආ කට්ටඩියා කුකුළා අයිස් පෙට්ටියේ හංගලා

සුරංගොඩ Wednesday, 30 March 2022 06:53 AM

ලංකාවේ පාලකයෝත් කරන්නේ මෝඩ මිනිස්සු රවටාගෙන ඕකම තමයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 719 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17964 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 772 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site