IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මගුල් ගෙදර යන්න මළගෙදරින් ගැටයක්

(බුලත්සිංහල - ලක්මි කුඩලිගම)       
විවාහ මංගල උත්සවයකට යාමට සූදානම්වූ තරුණයන් පහළොස් දෙනකුට විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ එක වර ටයි පටි ගැට ගැසීමට ඉදිරිපත්වූ තරුණයාගේ වගතුග දැනගත් පසු තරුණයන්ගේ ඇස්  උඩගිය පුවතක් බස්නාහිර පළාතේ පිටිසර ගම්මානයකින් වර්තාවේ. 


සිද්ධිය සැකවින් මෙසේය. 
මාර්ග සංවර්ධනයට සම්බන්ධ ආයතනයක සේවකයෙක් එකට සේවය කරන හිතවතුන් පිරිසකට තම විවාහ මංගල උත්සවයට සහභාගී වන ලෙස ආරාධනය කළේය.


උත්සවය පැවතියේ තම ප්‍රදේශයෙන් තරමක් ඈත නගරයක පිහිටි හෝටලයක බැවින් මේ තරුණ පිරිස අලු‍තෙන්ම මැසූ කලිසම් කමිස පිළිබඳව කයිවාරු ගසමින් කඩිමුඩියේ සූදානම් වූයේ ඉක්මනින් ගමන පිටත් වීමටය. 


නියමිත වේලාව පැමිණ ඇතත් ටයිපටි ගැට ගැසීමට දන්නා කෙනෙක් මේ අතර නොසිටි නිසා මහත් කලබලයක් ඇතිවිය.


කලබලය අස්සේ මේ ස්ථානයට පැමිණි අසල්වැසි තරුණයෙක් මේ පිරිසගේ ප්‍රශ්නය පිළිබඳ විමසා විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ තරුණයන් පහළොස් දෙනකුට එක වර ටයි පටි ගැට ගසා ගමන පිටත් කරවිය. 


එහෙත් මෙතරම් ඉක්මනින් ටයිපටි ගැට ගැසීමට ඇති හැකියාව පිළිබඳව තරුණයන් අතර කසුකුසුවක් ඇතිවිය. 
මේ අර මල්ලි කොරියාවේ නේද රැකියාව කළේ. තරුණයෙක් විමසීය. 


ඔව් දැන් ඇවිල්ල ටිකක් කල් මං හිතන්නේ ආපහු යාවි. ඒක තමා එහේදි මිනිහා හොඳ රැකියාවක් කරල තිබෙනවා. ඒකනේ ඔච්චර ඉක්මනට ටයි පටි දැම්මේ. තරුණයෙක් කීය. 


ඒක නම් කියන්න මම දන්නේ නැහැ. හැබැයි මිනිහා මේ දවස්වල එයාගේ යාළුවෙකුගේ මල් ශාලාවක වැඩ. අනෙක් තරුණයා පිළිතුරක් දුන්නේය. 


කට්ටියට කාරණය පැහැදිළිය. 


මුහුණට මුහුණ බලා ගත් ඔව්හු වචනයකුදු කතා නොකරම ගමන පිටත් වීයේ මළ මිනි බොහොමයකට ටයි දැමීම සිදුකරන බව මතක් වීමෙනි.



අදහස් (0)

මගුල් ගෙදර යන්න මළගෙදරින් ගැටයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 48 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site