IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විදුලි මණ්ඩලේ නමින් හොර නළුවෙක් ඇවිත්

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි) 
විදුලි මීටරය පරීක්ෂා කිරීමට විදුලි බල මණ්ඩලයෙන් පැමිණි බවට පවසා නිවෙසකට ඇතුළු වූ පුද්ගලයකු ගෙහිමි කාන්තාවගේ ජංගම දුරකථනය සහ රුපියල් තුන් දහසක් රැගෙන පලාගිය පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් වාර්තාවේ. 


මුහුණ දුන් කාන්තාව පවසන පරිදි සිද්ධිය මෙසේය. 


දියණිය සහ බෑණා රැකියා සඳහා පිටත්ව ගිය පසු නිවසේ සිට ඇත්තේ ඇය පමණකි. උදේ දහයට පමණ පැමිණි පුද්ගලයකු ඉදිරිපස ගේට්ටුවට තට්ටු කරන හඬ ඇසී ඈ ඒ දෙසට ගොස් ගේට්ටුව ඇරියාය.


 හොඳින් ඇඳපැළඳ ගත් මැදි වියේ පුද්ගලයෙකු ‘මම විදුලි බල මණ්ඩලෙන්, මට පොඩ්ඩක් මීටර් එක චෙක් කරන්න ඕන’ කියාගෙන පැමිණ නිවෙසට ඇතුළුවී ප්‍රථමයෙන්ම ගෙහිමි කතගේ දුවට කතා කරන බව අඟවමින් රඟපෑමක් කර ඇත. 


“ඔව් මැඩම් මම ආව මීටර් එක චෙක් කරන්න, මම ඒක බලන්නම් තෑන්ක්ස් මැඩම්”‍ කියා ඇමතුම විසන්ධි කර තම දුරකථනය සාක්කුවේ දමාගෙන “මිස් කියල තිබුණා මීටර එක වැඩියෙන් දුවනව වගේ කියල, ඒක බලන්නයි ආවෙ” කියමින් ගේ පුරා සෑම කාමරයකටම යමින් විදුලි බුබුළු දල්වමින් නිවමින් ගොස් ප්‍රධාන විදුලි ස්වීචය ද මීටරය ද පරීක්ෂා කර බලා “අම්මෙ, මට පොඩ්ඩක් ඔයාගෙ ෆෝන් එක දෙන්න, පිංතූර දෙක තුනක් ගන්න, මගේ ෆෝන් එකෙන් ෆොටෝ ගන්න බෑ” කියා ඇයගෙන් දුරකථනය ඉල්⁣ලා ගෙන මීටර පෙට්ටියේ පින්තූර කීපයක් ගෙන පසුව එම දුරකථනයෙන්ම ගෙහිමි කාන්තාවගේ බෑණාට ඇමතුමක් ගෙන යමක් පවසා දුරකතනය ඔහුගේ අතේ තියාගෙනම “අම්මෙ මේකට මීටර් පෙට්ටියක් සහ තව කෑලි වගයක් දාන්න වෙලා, රුපියල් පන්දාහක් විතර යනවා පුතා කිව්ව සල්ලි ඉල්ල ගන්න කියල” යැයි කියා ඇත.


මේ අතර ඇය කීප විටක්ම තම දුරකතනය ඉල්ලා ඇතත් එය ගණනකට නොගත් ඔහු තම කමිස සාක්කුවට අත යවමින් හැඳුනුම්පතක් පෙන්වීමට මෙන් රඟපා “මේ ගත්ත ෆොටෝස් ටික යවා ගන්නත් ඕනෑ, බය වෙන්න එපා මම ඒක දෙන්නම්, අපි මේ නිතර යන එන මණ්ඩලේ කට්ටිය නේ”‍ කියමින් නැවතත් වරක් මුදල් ඉල්ලා ඇත. 


ඒ අනුව තමා ළඟ එතරම් මුදලක් නැතැයි කියා ඇය මුදල් පසුම්බිය විවෘත කරන විටම “ආ... ඔය තියෙන්නෙ සල්ලි”‍ කියා එහි තිබූ රුපියල් තුන් දහස බලෙන් මෙන් රැගෙන දුරකථනය ද නොදී ඉක්මනින්ම නිවසෙන් පිටව ගොස් ඇත්තේ අසල්වැසියකුට කතා කරන්නටවත් කාලයක් ඉතිරි නොකරමිනි.



අදහස් (0)

විදුලි මණ්ඩලේ නමින් හොර නළුවෙක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 719 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17962 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 772 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site