දුර ගමන් යන බස් රථයක් වූ එය කුරුණෑගල-අනුරාධපුරය ධාවනය වන්නකි. සීට් ගානට මෙන්ම හිටගෙන යන මගීන්ද සිටි මෙහි ගමන් විඩාව නිවීම සඳහා ඉදිරිපස රූපවාහිනී යන්ත්‍රයක්ද විය. බොහෝ දෙනකු මෙය නැරැඹුවේ නැතත් කීප දෙනෙක් නැරැඹූහ. මේ අතර සිටි අවුරුදු විසිපහක පමණ තරුණයෙක් එය නරඹන්නට විය. ඔහු ළඟ වාඩිවී සිටියේ ජැන්ඩියට ඇඳගත් ලාබාල තරුණියකි. ඇය ඉදිරිපස ආසනයේ ඇන්ද උඩ යකඩ බාර් එකට හිස තබාගෙන සිටියේ අඩ නින්දකය.
රූපවාහිනියේ වූයේ වැඩිහිටියන්ට පමණක් වූ ඉංග්‍රීසි චිත්‍රපටියකි. අර තරුණයා ඉතාම උද් යෝගයෙන් සතුටින් එය නරඹන අතර නළු නිළි යුවළක් සිප වැළඳගන්නට වූයේ ඔහුගේ සිතුවිලි අවුස්සමිනි.
‘නියම සීන් එක මාරයි මාරයි. කියමින් ඔහු මිරිකන්නට වූයේ අසල සිටි කාන්තාවගේ කකුලය. බියවී අවදිවූ ඇය මේ මොකද යකෝ මේ මිනිහට පිස්සු හැදිලද’යි කියමින් අසුනින් නැගී තම කුඩයෙන් ඔහුට පහර දෙමින් ඉවතට ගියේ අන් අයද පුදුමයට පත් කරවමිනි. කොන්දොස්තර තැන ළඟට ආවේ වැඩේ බරපතළ වූ නිසාය.
‘අනේ කොන්දොස්තර මහත්තයා වැරැදියට හිතන්න එපා. අර ටී වී එකේ නියම ආතල් සීන් එකක් ගියා ඒකයි ඒ අක්කට තරහ ගියේ. ගෙදරදිත් මම එහෙමයි. කුඩ පහරවලද වේදනා විඳිමින් ඔහු නිදහසට කරුණු කියන්නට වූයේය.
‘ගෙදරදී ගත්ත ආතල් බස් එකේ බෑ තේරුණාද? මේක දෙනෝ දාහක් යන එකක්. තමුසෙලට කුඩෙන් ගහල විතරක් මදි. ගහන්න ඕන දෙකේ හතරෙ පොල්ලකින්’ කොන්දොස්තරගේ ගෝරනාඩුව අතරින් තරුණයාට කර කියා ගත හැකි දෙයක් නැතිව ඊළඟ නැවතුමෙන් බැස ගියේ සියලු මගීන්ගේ සිනා හඬ උසුලු විසුලු අතරිනුයි.
කරුණාදාස සපුතන්ත්‍රි
නිකදළුපොත
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෙදර ආතල් බස් එකේ ගන්න ගිහින් කුඩ පාරක්