දඹුල්ල කාංචන කුමාර ආරියදාස
මළ ගෙදරක දී අතුරුදන්වී කාන්තාවකගේ කුඩා යතුරුපැදියක යතුර පැය දෙක තුනකට පසුව බත් පිඟානකින් හමුවූ අපූරු පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා විය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඥාතිකම් මිතුරු සබඳකම් පවත්වන ලද අයෙකු හදිසියේ මියයෑමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙම මළගෙදරට ඥාතීහු මෙන්ම හිතවත්තු රැසක් පැමිණියහ.
මේ අතරතුර එම මළ ගෙදරට පැමිණි යුවතියකගේ යතුරුපැදිය නවතා ඇයගේ පුතා ජංගම දුරකථනය ඉල්ලා හඬා වැටෙන නිසා ඇය ජංගම දුරකථනය යතුරුපැදියේ අසුන ඔසවා එහි සඟවා යතුරුපැදියේ අගුළු දමා යතුර එම නිවස පිටුපස ආහාර පිසිමින් සිටි තවත් කාන්තාවකට දී ඇත්තේ තම දරුවාට ජංගම දුරකථනය ලබාදීම වැළැක්වීම සඳහාය.
පසුව මෙම කාන්තාව මළ ගෙදරට සහභාගි වී පැය කිහිපයක් ගත කිරීමෙන් අනතුරුව නැවත පිටත්ව යෑම සඳහා යතුරු පැදියේ යතුර ආරක්ෂාවට බාරදුන් ආහාර පිසිමින් සිටි කාන්තාව ළඟට ගොස් විමසීමේ දී ඇය අත තිබූ යතුර තිබූ තැනක් සොයා ගැනීමට නොහැකිවීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබේ.
පසුව විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන්ගෙන් යතුර දුටුවේද යන්න සොයා බැලීම් සහ තවත් කිහිප දෙනෙකු යතුර ලබා ගත්තේ ද යන්න ගැන සැක මතුවී මළගෙදර ආසන්නයේ එකිනෙකා අතර සැකයෙන් බැලීම ද ක්‍රියාත්මක වී තිබේ.
ආහාර පිසීම සඳහා උදව් කිරීමට පැමිණි අයට දුරකථන ඇමතුම් දී මෙම නිවසේ තිබුණු යතුර රැගෙන ගියේද යන්න විමසීමත් සමග එම උණුසුම් තත්ත්වය තව තවත් වර්ධනය වන්නට වූයේ බොහෝ දෙනාගෙන් යතුරක් පිළිබඳව විමසීම නිසාය.
යතුර ලබාදුන් කාන්තාව මෙන්ම යතුර ආරක්ෂාවට දුන් කාන්තාව අතර ද සිත් අමනාප ඇතිවී මළ ගෙදරට පැමිණි බොහෝ දෙනාගේ අවධානය යොමුවූයේ මෙම කාන්තාවගේ යතුර සොරකම් කළේ කවුරුන්ද යන්න පිළිබඳවය .
මේ ආකාරයෙන් යතුරු පැදියේ යතුර සොයමින් පැය ගණනාවක් ගත වෙද්දී තරුණිය යතුරුපැදිය මළගෙදර තබා බස් රථයක තම දරුවා සමග පිටත් වන බව පවසමින් හඬ හඬා සිටින අතර දිවා ආහාරය ගනිමින් සිටි පුද්ගලයකු එක් වරම තම බත් පිඟානෙ මාළු කැබැල්ලකට යටවී බත් අනන විට යතුරක් හමුවී තිබේ.
පසුව එම ස්ථානයේ සිටි කීප දෙනෙකුට ඔහු කියා ඇත්තේ යතුරක් ගිලපු මාළුවෙක් ආහාරයට පිස ඇති බවය. තමන් බෙදාගත් මාළු සමග යතුරක් ඇති බව පවසා ඔවුන් සිනාසෙද්දී ඒ සමඟ එහි සිටි අයෙකු යතුර අතුරුදන්වීමේ සිද්ධිය මෙම පුද්ගලයාට දැනුම් දී ඇත
පසුව අාහාර පිසින ස්ථානයට ගොස් බත් පිඟානේ තිබුණු යතුර එම අයට ලබාදීමත් සමඟ අමනාප වී සිටි සියලු දෙනා දුක පැත්තකට දමා හයියෙන් කොක් හඬලා සිනා සී අයිතිකරුට යතුර භාර දී තිබේ.
පසුව සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ යතුර ආරක්ෂාවට තිබූ කාන්තාව තම තනපට අස්සේ මෙම යතුර සඟවාගෙන තිබියදී පහළ ළිපට පාත්වී මාළු පිසින අවස්ථාවේදී එයට යතුර වැටී ඇති බව සියලු දෙනාගේ අනුමානය බවට පත්විය.
මෙහි සිටි බොහෝ දෙනකු කියා සිටියේ තනපට අස්සෙන් මාළු හට්ටියට වැටුණු යතුරේ කතාව මළ ගෙදර පුරා බොහෝ දෙනාගේ කතාබහට ලක්ව එය සිනාසෙන්නට තරම් සිද්ධියක් බවට පත් වීම ද විශේෂත්වයකි.
2025 අගෝස්තු මස 30
719
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17964
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
772
0
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අතුරුදන්වූ යතුරුපැදි යතුර තනපට අස්සෙන් මාළු හට්ටියට