IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අලුත් ජෝඩුවගේ මංගල සයනය කල් තියාම නෑයකු බුක් කරගෙන

(වියලු‍ව වාර්තාකරු) 
   මංගල උත්සවය නිමාවට පත්ව මංගල රාත්‍රිය ගත කිරීම සඳහා සිය නිවෙසට පැමිණෙන මංගල යුවළ වෙනුවෙන් සකස් කර තිබූ සයනය, පදම ඉක්මවූ ඥාතියකු විසින් කල්තබාම අත්පත් කර ගැනීම හේතුවෙන් මංගල යුවළට අසල්වැසි නිවෙසක රාත්‍රිය ගත කිරීමට වීමේ සිද්ධියක් පසුගියදා වාර්තාවිය.


 එය ගම්බද නිවසකි. වියදම් කරන්නට තරම් ලොකු මුදලක් නැතත් පැරැණි චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දුන් දෙපාර්ශ්වයේ ඥාතීන් සිය දරුවන් දෙදෙනා විවාහ කරවනු ලැබුවේ නිවෙස්වල පවත්වනු ලැබූ චාම් උත්සවයකිනි.


මනාලියගේ නිවෙසේ උත්සවය අවසානයේ මනමාල මහතා මනාලිය සිය නිවසට කැඳවාගෙන එනු ලැබූ අතර නිවැසියන් සිය දරුවා ගේ මංගල රාත්‍රිය ගත කිරීම් සඳහා නිවසේ තිබූ එකම කාමරය හැකි අයුරින් සරසා සකස් කළේ ඒ වෙනුවෙන් ඇවැසි උපරිම පහසුකම් ද ලබා දෙමිනි.


 එහෙත් මංගල යුවළත් සමඟම පැමිණි මනමාල මහතාගේ   වැඩිහිටි ඥාතියෙකු කල්තබාම එම කාමරයට ඇතුළු වී කීප පොළකම වමනය කර මනාල යුවළ වෙනුවෙන් සුදු පිරුවට අතුරා සකස් කර තිබූ සයනයේ වැතිරුණේ ඔහු වැළැක්වීමට පැමිණී කීප දෙනකුටම ලු‍ණු ඇඹුල් ඇතිව බැණ වදිමිනි.


පිටස්තර ප්‍රදේශයකින් තම පවුල්ට කැඳවාගෙන ආ ලේලියගේත් තම දරුවාගේත් මංගල දිනය වෙනුවෙන් සකස් කර තිබූ නිවසේ වූ එකම කාමරය මෙසේ අහිමි වෙද්දී නිවැසියන් මෙන්ම මනාල මහතාද දැඩි අපහසුතාවකට විය.


 කාමරයෙන් පිටවූ දැඩි දුර්ගන්ධය හේතුවෙන් කිසිවෙකුත් එහි ඇතුළුවීමද ප්‍රතික්ෂේප කළහ.


අවසානයේ මනමාල මහතාගේ නිවෙසේ තිබූ චාම් උත්සවය නිමාකළ මනාල යුවළ කුලියට ගත් ත්‍රීවිල් රථයකින් දුර බැහැර පිහිටි සිය මවගේ ඥාතියකුගේ නිවෙසකට ගොස් සිය මංගල රාත්‍රිය ආරම්භ කරන විට මැදියම් රාත්‍රියද ඉක්ම ගොස් තිබිණි.


මේ වන විට කාමරය අරක්ගත් ඥාතියා පමණක් නොව ඔහුගේ බිරින්දෑද මේ පවුලට මුහුණ නොදී මග හරින බව ගම්මු කියති.

 



අදහස් (0)

අලුත් ජෝඩුවගේ මංගල සයනය කල් තියාම නෑයකු බුක් කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site