සිය ස්වාමිපුරුෂයා මුහුදු වෙරළේ සිට වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන මුහුදට පැන දිවි නසා ගන්නා බව දැන්වූ බවත්, වෙරළේ තිබී ඔහුගේ පාවහන් යුගල හමුවී ඇති බවත් සඳහන් කරමින් එක්දරු මවක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වන අතරතුර, අතුරුදන් පුද්ගලයා නැවත නිවසට පැමිණීමේ සිද්ධියක් එම කාන්තාවම පොලිසියට දැනුම් දී ඇති පුවතක් පොලිසියෙන් වාර්තාවෙයි.

එක්තරා කාන්තාවක පොලිසියට පැමිණිලි කර ඇත්තේ, සිය ස්වාමිපුරුෂයා අතුරුදන්ව ඇති බවත්, නිවසින් පිටව ගිය ඔහු මුහුදු වෙරළට ගොස් වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගෙන මුහුදට පැන දිවි නසාගන්නා බව පවසා තිබේ.
ඒ අනුව ඔවුන් මුහුදු වෙරළේ තිබී ඔහුගේ පාවහන් යුගලද සොයාගත් බව සඳහන් කර ඇත.
පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර මුහුදු වෙරළ නිරීක්ෂණය කර තිබේ.
කෙසේ වුවද එදින රාත්‍රි යුවළ නැවත පොලිසියට පැමිණ සඳහන් කර ඇත්තේ, මිතුරන් සමඟ විනෝද ගමනක් ගොස් ඇති බවත් පවුලේ අයවලුන් නොමග යැවීම සඳහා මෙසේ දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත්ය.
ඒ අනුව පැමිණිල්ල ඉවත් කරගැනීමට අදාල කාන්තාව අවසර ඉල්ලා සිටීමෙන් පසු, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැඩි ලෙස අවවාද කර යුවළ පිටත්කර යවා ඇත.
පානදුර-සුමිත් පොතුපිටිය
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැමියගෙ කොලොප්පමෙන් ජෝඩුවම අමාරුවේ